web 2.0

Friday, July 31, 2009

සංස්කෘතිය,ජනමාධ්‍ය,රූපවාහිනිය

මම මේක කාලෙක ඉඳලා දැක්ක දැන්වීමක් ගැන.මේ දැන්වීම මොකක්ද කියල ඔයාලට මේක කියවනකොට තේරෙයි.
මුලින්ම ලංකාව තුල වැඩිහිටියන්ට පමණයි වන චිත්‍රපටි තහනම් කිරීම ගැන ජනාධිපතිතුමාට ස්තුතිවන්ත විය යුතුයි.නමුත් මගේ අදහස නම් චිත්‍රපටි ශාලාවට යන්න කලින් හැම ගෙදරකම තියෙන රූප පෙට්ටියෙන් මේ වැඩේ ආරම්භ කළානම් හොඳයි කියන එක.ඒ මොකද කියනවානම් චිත්‍රපටි ශාලාවට වඩා කාට වුනත් ළඟින් තියෙන්නේ රූප පෙට්ටියනේ.
හරි.දැන් මම මේ දැන්වීම ගැන කියන්නම්.දැන්වීමක් කිව්වට එකක් නෙවෙයි.දෙක තුනක්.හැබැයි එකම ව්‍යාපාරයක් වෙනුවෙන් කරපු එකක්.මේ දැන්වීමට පෙනී ඉන්නේ අර "ප්ලේන්ටි වක් කරල බොන" අලුත් ගායකයා.(කවිද කියලා දන්නවනේ)ඉන්නේ අර මොකක්ද කියන "නූල්ඩස්" දැන්වීමක.(බොරුව ඕන නැ නේ මට මේක දකිනකොටනම් ඌරු ජුවල් නගිනවා)
මෙහෙමයි,මම කියන්නේ නෑ දැන්වීම් දාන එක වැරදියි කියල.ඒත් හද්දෙයියනේ එළිපිටම අපේ සිංහලකම නැතිවෙන කොට බලන් ඉන්න බෑ නේ?අවුරුදු ගානක් රැකිච්ච සංස්කෘතිය සහ සිංහලකම මේ එක එක පරදේශක්කාර පර බල්ලන්ට විනාශ කරන්ට ඉඩ දෙන්ට බෑ නොවැ.
ඔය දැන්වීමේ තැන් තැන් වල කෙල්ලෝ බාගෙට ඇඳගෙන නටන ඒවා දැකල ඔය "නූල්ඩස්" කන්නේ කව්ද කියන එකනම් මට ප්‍රශ්නයක්.මොකදෑ ඔය "නූල්ඩස්" කන කට්ටියට ඔය "නූල්ඩස්" දැක්කහම ඒ කෙල්ලන්ව පේනවද කියන්න බෑ නොවැ?
අනිත් කාරණේදැන් ඔය බාගෙට ඇඳගෙන නටන කෙල්ලෝ උන්ගේ ලැජ්ජා නහර කපා ගත්තට අනිත් ඉන්න කට්ටියගේ නහර කප්පන ගානට පත් කරන්න ඕන නෑ නොවැ?හොඳයි දැන් ඔහොම වයින් වෙලා නටන කොට කාටද චාමෙට ඉන්න හිතෙන්නේ?කාට වුනත් ඕන වෙන්නේ ඇඟෙන් භාගයක් හරි පෙන්නල කොල්ලො/කෙල්ලො ඉස්සරහ කැපිලා පේන්නනේ?(අපේ භාෂාවෙන් "ඇඩ් එක" වෙන්න නැත්නම් "හෙන කැටයම්" පාන්න.)
කණගාටුවෙන් වුනත් මම කියන්න ඕන මම මේ දැන්වීම දැක්කේ ප්‍රධාන නාළිකාවක.එහෙම වෙලත් මම නම් කියන්නේ මේ දැන්වීම දාන්න කලින් දෙපාරක් හිතන් තිබුනා කියලයි.මොකද ජනමාධ්‍ය කළාවේ වැඩිපුරම මේ නාළිකා කැපිලා පේන හින්දයි.අනික ටෙලි නාට්‍යයකට අනුග්‍රහය දුන්න පළියට උන්ට ඕන ඕන විදිහට දැන්වීම් දාන්න බෑනේ.මෙහෙම ගියොත් තව කාලයක් යනකොට යකඩෝ.......මොනව වේවිද?
ඔය සමාගම් වලට ඔය දැන්වීම් වෙනුවෙන් කරන වියදමෙන් අහිංසක පවුලකට ආධාරයක් කළානම්,ආධාරයක් දුන්නනම්,නැත්නම් රට ජාතිය බේරගන්න තමන්ගේ ජීවිත කැප කරපු රණ විරුවෙකුට උපකාරයක් කළානම් ආත්ම ගානක් පින් නේ.
මෙහෙව් තත්වයක් යටතේ මෙච්චර පහුවෙලා සියදිවි නසාගන්නා තත්වයකට පහු වුනා පුදුමයි.(දුක තමා ඒත් මොනවා කරන්නද?අස්සය ගියාට පස්සේ ඉස්තාලේ වැහුවා වගේ තමා )මොකද මෙච්චර කාලයක් ලංකාවේ නාළිකා(වැඩිපුරම පුදගලික නාළිකා) තමා
මේ තත්වය ඇතිවෙන කාලෙම මේවට ප්‍රතිකර්ම යෙදුවනම් ඉවරයි.ඕන දෙයක් පහු පහු වෙනකොට කොහු කොහු වෙනවනේ.
ඉහත ලිපිය කිසිම ආයතනයකට කඩේ යාමක් නොවන අතර නිදහස් අදහස් ප්‍රකාශ කිරීමකි.

2 ප්‍රතිචාර:

Unknown said...

දැං රූපවාහිනී දැන්වීම් , රැගුම් පාලක මණ්ඩලයක පරීක්ෂණයකින් පසුවලු පෙන්නන්න පුලුවන්.

Xpress (SiS™ ) said...

එහෙම වුනත් මේක අන්තිමට බලපාන්නේ රටට

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න