web 2.0

Saturday, July 25, 2009

සිංහල යුනිකෝඩ් ස්ථාපනය

සිංහල යුනිකෝඩ් ස්ථාපනය කිරීම ගැන මම දාන්න හිතුවෙ නෑ.නමුත් මම දන්න සමහරුන්ට මේ සොෆ්ට්වෙයාර් එක ස්ථාපනය කරන්න තේරෙන්නෙ නෑ. ඒ නිසා මම පියවරෙන් පියවර කියල දෙන්නම්.මුලින්ම ඔයාලා සිංහල යුනිකෝඩ් සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන.[ඒ සඳහා මෙතන කොටන්න.]


එතකොට ඕපන් වේවි මෙන්න මේ වගේ වින්ඩෝ එකක්.





මේ වින්ඩෝ එකෙන් ඔයා ඔයාගේ පරිගණකයේ භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය උඩ ක්ලික් කරන්න.[මම භාවිතා කරන්නේ වින්ඩෝස් එක්ස්.පී නිසා මම එතන කොටනවා]පහත රූපේ බලන්න.





එතනින් ඔයාගේ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන තැන තෝරගෙන ක්ලික් කරන්න.එතකොට ගිනි නරියගෙන් පොඩි පොප් අප් එකක් එනව.මේ වගේ.[ගිනි නරිය පාවිච්චි කරන අයට තමයි ඒ පොප් අප් එක එන්නෙ]





එපාර මම ඒ එන පොප් අප් එකේ "සේව් ෆ්යිල්" උඩ ක්ලික් කරන්න.[නිල් පාට කතිරයෙන් දැක්වෙන්නේ.එතන]ඊට පස්සෙ සොෆ්ට්වෙයාර් එක ඩවුන් ලෝඩ් වීම ඇරඹෙනවා.පහත රූපෙ වගේ.





ඊට පස්සෙ ඉතින් ඔයාට ඒක ඩවුන්ලෝඩ් වෙනකම් ඉන්න වෙනව.ඉවර වුනාම ඒක සේව් වෙනව ඔයා දීල තියෙන තැනට.ඒක සේව් වෙන තැන දන්නෙ නැත්නම් බලාගන්න ගිනි නරියගේ TOOLS -> OPTIONS ක්ලික් කරලා MAIN [ටැබ් එකට යන්න ඕන.]ඊට පස්සෙ තැන බලාගන්න පුලුවන්.රූපෙ බලන්න.





කොටු කරල තියෙන තැන තමයි අපි ඩවුන්ලෝඩ් කරපු සිංහල යුනිකෝඩ් සොෆ්ට්වෙයාර් එක සේව් වෙලා තියෙන්නෙ.ඊට පස්සෙ එතෙන්ට ගිහිල්ල ඒ ෆ්යිල් එක ඕපන් කරන්න ඕන.එතකොට පහත වින්ඩෝ එක ආවොත් "රන්" උඩ ක්ලික් කරන්න.





ඊට පස්සෙ ඔයාට ඉන්ස්ටෝල් කරන වින්ඩෝ එකක් ඒවි.ඒකට ඉන්ස්ටෝල් වෙන්න ඕන තැන එහෙම තෝරල ඉන්ස්ටෝල් කරගන්න තමයි තියෙන්නෙ.ඒ ටික ඔයාලට තනියම කරගන්න පුලුවන්.බැරි වුනොත් කියන්න.මම සපෝර්ට් එක දෙන්නම්.


ප්‍රශ්න තියෙනම් kgdilanka@yahoo.com එකට එවන්න.

0 ප්‍රතිචාර:

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න