web 2.0

Saturday, August 8, 2009

රණ විරුවාට ගැයෙන ගීතය






































ළය මඬල විදාරා
රිධිරයෙන් තෙත්බරිව
යුධ පිටියේ මිය ඇදුණු
ඔබට මොන කිංකිණිද?


උදහසින් මොරනගන තුවක්කුවේ හඬ පමණි.
වික්කල් ගමන රයිෆල් හඬ 'කට කට' ව
ඔරසර බවට පත්වේ එය ඔබ සතු ය
රැවටිලි ඔබට නැත,කිංකිණි හඬ ද නැත
කර්කශ උන්මාද වෙඩි උණ්ඩය සැපද?


බියුගල් හඬක් ඔබ වෙනුවෙන් නො ඇසෙන්නේ
ඉටිපන්දම් දැල්ල ඔබ ගැන නැහැ දන්නේ


එහෙත්....
ඔබ ප්රිය යුවතියගේ නෙත් යුග
තාරුණ්යයේ චන්ද්රාලෝකයෙන් දිදුලනු ඇත
ඇගේ සුදුමැලි ඇස්බැම
ඔබ දෙණ වසනු ඇත


මුදු මල් කැකුළු ඇගේ ඉවසන මනස තුළ
නිති පුදකෙරුනු ඇත, සැනසෙනු සගය ඔබ !


මිනිසත් බවට අවමානය ගෙනෙන ලද
'ගොම්මන්' තිරය ඔබ වෙනුවෙන් වැසෙනු ඇත.


උපුටා ගත්තේ පියදාස රිල්ලගොඩ මහතාගේ ලිපියකිනි.

0 ප්‍රතිචාර:

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න