web 2.0

Thursday, July 30, 2009

රිච්මන්ඩ් ගීය

පෙම්බර රිච්මන්ඩ් මෑණියනී
ගයනෙමු ඔබෙ ගුණ භක්තියෙනී
ඔබ සේයා අප හදෙහි ඇඳී
පුන්සඳ විලස දිලේ


සැම දුක සැප යස අයසෙහිදී
ඉන්නෙමු තුරුලෙ ඔබේ
යුක්තිය සත්‍යය වෙතට නැමී
ලෝවැඩ සදමු අපේ


උතුම් ඔබේ නම මනෝහරයි
මිහිරියි සොඳුරුයි අමාරසයි//
වික්මැති ඔබ නිති සැරදේවා
රිච්මන්ඩ් නාමය බැබලේවා


ගණිත මිණිත නෙක ශිල්ප කලා
නව විද්‍යා ඇත දියුණු වෙලා
සිසු කැළ හට දෙනු මැනවි බෙදා
රිච්මන්ඩ් මෑණියනී


උතුම් ඔබේ නම.............

0 ප්‍රතිචාර:

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න