web 2.0

Saturday, May 22, 2010

වෙසක් කාඩ්

ඕං අදත් කැත නැතුව ඉල්ලං කෑව.වෙන කවුරුවත් නෙවෙයි,මම.
කස්ටිය දන්නවනේ මගේ පාරමී* ගැන.ඉතින් එයාටයි,එයාගේ යාලුවන් 3 දෙනාටයි(දෙන්නව සේප් කොරන අය.)වෙසක් කාර්ඩ් එකක්වත් දෙන්න එපාය.
ඊයේ පෙරේද දවසක් මමයි,තව එකෙකුයි ගියා කාඩ් බලන්න.බලල අරගත්තේ නෑ මොකද ගෙදර ගෙනාවහම මාස්ටු වෙනවනේ.
අද කොල්ලා ගාලු පුරවරේ ගිහිපු වෙලේ වෙසක් කාර්ඩ් ගත්ත කියමුකෝ.
තෝරල තෝරල පාරමී*ට එක කාඩ් එකකුයි,අනිත් තුන්දෙනාට අතට අහුවෙච්ච(කවියක් දිහාවත් බැලුවේ නෑ.බුද්ධ රූප තිබුනේ.පාරමී*ගේ එකේ රෝස මලක්.) කාඩ් තුනකුයි.(පාරමී*ගේ කාඩ් එක තෙරුවේ හොඳ කවියක් ඕන නිසා.)
අරගෙන එහෙමම බෑග් එකේ දා හත්ත.
බස් එකේ එන ගමන් කවි ටික බලන්නත් එක්ක බෑග් එකෙන් ඇදල ගත්ත.බැලින්නම් අර අතට අහුවෙච්ච්යින් ගනිපු කාඩ් තුනේම තියෙන්නේ එළ කවි.
"අපි දෙන්නා එකට ගිහින් මල් පුදමු"
 වගේ අර්ථේ තමා.
මට බස් එක කියල මතක නැතුවෙ කෑගැහුනනේ ඒක දැක්ක ගමන්ම.
"යකෝ,මේව කොහොමද කෙල්ලොන්ට දෙන්නේ?"
මගේ වම් අත පැත්තේ හිටපු එකා මූන හංගගෙන.දකුනු පැත්තේ හිටපු එකා මං දිහා බලාගෙන කට අල්ලං හිනා.බස් එකෙන් බාගයක් විතර මං දිහා බලාගෙන.වෙලාවට අඳුරන අය හිටියේ නෑ.
හැබැයි සමහර අක්කලා(අඳුරන්නෙත් නෑ.)
"මල්ලි අපි බහින්නම්"
කියල නෝන්ඩි හතේ හිනාවක් දාගෙන ගියා.එපා වෙනව මෙහෙම වෙනකොටනම්...
ඔන්න තාම වෙසක් කාඩ් ගනිපු නැති අයට කියන්නේ,ආයි වෙසක් කාඩ් ගන්නකොට මතක් වෙලා කවිය කියවලා අර්ථය හොඳට හොයල බලල ගන්න...

14 ප්‍රතිචාර:

Manushan said...

තව පොඩ්ඩෙන් නානවා

Isuru Wijesinghe said...

පොඩි එකෝ. ඇඹලය කවද හරි පැණි මුට්ටියටම වැටිල මැරෙනවා.

පාරමී බැරිනම් යාලුවෙක්වත් සෙට් වෙයි නොවැ. ඔහොම යමන්.

කෙල්ලන්ට විතරද වෙසක් කාඩ් දෙන්නෙ. මටත් එකක් එවපන්. මම උඹට ගෙදර ඇඩ්‍රස් එක එවන්නම්. ටෙලිපෝන් බිල ඇරුනම මතක ඇති කාලෙක ලියුමක් ආවෙ නෑ.

ආදර කතාව said...

ඒක නේන්නම්. දැන් ඉතින් ගිහින් මාරු කරගන්නවත් බලන්න. :D

Xpress (SiS™ ) said...

ඔය සුදුයි කියල හිතන් ඉන්න එකාගේ ඇඩ්‍රස් එක එවහන්.මම හම්බානෙකට නෙලන්න කස්ටිය එවන්නම්... :)
කොමෙන්ට් කරපු අයට තුති.
හැබැයි මට ආයි අඬන්න වෙයි වගෙ...

Isuru Wijesinghe said...

උඹ මට නෙලවයි කියලම තමා බය. :P

උඹ ඇඹලය වගේ කෙල්ලෝ වට කරගෙන ඉන්නකොට කෙල්ලෙක් කැමති වෙයිද බං. මම දැක්කනෙ එදා බී.එම්.අයි.සී.එච් එකේදි. ට්‍රයි කරන කෙල්ලව පැත්තක තියල ඒකිගෙ යාලුවොත් එක්ක පැනි හලනවා. ඔහොමනම් ලව් කරන්න බෑ පුතේ

Xpress (SiS™ ) said...

උඹ මගුලක් කතා කරනව.මගේ මේ වයර් මාරු වෙලා.අලුත් පෝස්ට් එක බලහන්.

Isuru Wijesinghe said...

බැලුව බැලුව. කෝ බං මේකෙ Blog Archive එක. older post newer post කිලික් කර කර ඉන්න බෑ බං :(

Xpress (SiS™ ) said...

ඕං දැන් හරි

Amila Perera said...

මේ අඩේ ඔක සිරා කතාවක් ද? එහෙනම් පට්ට

පිස්සා පලාමල්ල said...

මල්ලි පිස්සු නේ හික් හික්... ඔන්න බොරු කියන්න බෑ හොදද... 370 බස් එහෙකනේ ඕක උනේ හික් හික්.

මටත් වෙසක් කාඩ් එකක් දෙන්න ගියපු එක කෙල්ලට මතක් උනා...

උබ ඉතින් රිච්මන්ඩ් කොල්ලෙක් නේ... හික් හික් ඔව්වා ගානක් නෑ. ඔය කාලෙදි අපිට උන දේවල් වල හැටියට

Xpress (SiS™ ) said...

@ අමිල-ඔව් බං සිරා.
@ පිස්සා-මචෝ උඹ පිස්සු හැදෙනවනේ?කොහොමද දන්නේ 370 බස් එකක උනා කියල?උඹ බස් එකේ හිටියද?නැත්නම් කවෘ හරි එකෙක් කිව්වද?නැත්නම් මම බ්ලොග් එකේ දාල තියෙන පෝස්ට් එකකින් බලාගත්තද?

පිස්සා පලාමල්ල said...

හෙහෙ.... මම කොහෙද බන් ඒ බස් එකේ ඉන්නේ. මම මේ පාලු රටක තනි වෙච්චි මනුස්සයෙක් නේ දැන්. කාලයක් තිබ්බ මල්ලි ඔය බස් වල අපිත් පිස්සු නටපු. හිහි....
උබ එතකොට ඉස්කෝලේ යන්න පටන් ගත්ත විතර වෙන්න ඇති හික් හික්. උබ කොහිද ?? මීපාවල හරියෙද ?

දැන ගත්තෙ උබ රිච්මන්ඩ් කොල්ලෙක් හින්ද පරන පොස්ට් ඔක්කොම වගේ කියෙව්වම.. අර ගන්වතුර රූට් එක දාල තිබ්බනේ. එකේන් තමා.

Xpress (SiS™ ) said...

මම බද්දෙගම.අයියත් රිච්මන්ඩ් නේ...එල එළ.

පිස්සා පලාමල්ල said...

බද්දේගම ????? හිහි... එල එල... ඒ පැත්තේ තමා මගේ යාලුවොන්ගෙන් වැඩි හරියක් ඉන්නේ...

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න