web 2.0

Monday, May 10, 2010

අනංගයා වෙත,


ඔබට වැඳලා වැඳලා ඉල්ලගත්ත,
අර මල් අමුනපු ඊතලේ,
තුඩ පොඩ්ඩක් මොටයි වගේ...
ඒක උල තියාගන්න,
යන එකත් මල ලෙඩේ...
හොඳට ඇනෙන වෙන එකක්,
බැරිද දීලා යන්න?
හැබැයි මටනම් පුතෝ,
එපා භාවිත කරපු තල...
බ්‍රෑන්ඩ් නිව් ජපානේ එකක්,
තිබුනෝතින් ඇති මට...
අර මඟුල් දුන්නේ,
පවර් එක මදි අනේ,
රබර් බෑන්ඩ් එකක්වත්,
දාලා බලන්නෝන....
ටාගට් එකටම,
හරියටම විදගන්න,
බැරිද පොඩි ට්‍රේනිං,
පාරක් මට දෙන්න...
ඒත් බැරිනම් අනේ???
විදල දීලා යන්න...

8 ප්‍රතිචාර:

ඉලංදාරියා said...

තව පොඩ්ඩක්...උත්සහ කරන්නකො.....

එල..පදටික

Hasi said...

Sharp wedi unama deep ekatama kapenna puluwan
Parissamin

මම said...

අනේ අනංග මාමේ මේ අයියා ඉල්ලන එක ඔන්න ඔහෙ කරලා දෙන්න අප්පා.පව් නේ

dinesh said...

අර විදල දෙන එක ගැනනම් සලකා බලන්න පුලුවන්.

මරුවා said...

නියමායි මලේ...බලෙන් හරි ඇන ගනින්

Xpress (SiS™ ) said...

@ කළු_කොමැන්ට් එකට තෑන්ක්ස්...
@ දිනේශ්_නරක අදහසකට නම් නෙවෙයි දැම්මේ.(හික්z)අවුලක් නෑ.ප්‍රතිචාරයට තුති.
@ මම අක්කට_අක්කේ මම මලයෙක්.අයියෙක් නොවේ.තාම 16යි මාස 3 ට පොඩ්ඩක් අඩුයි.කොමැන්ට් එකට තැන්කු වේවා...
@ හසි_ආදරේ දෙපැත්ත කැපෙන කඩුවක් වගේ නේ...හික්z.තැන්කු වේවා...
@ ඉලංදාරිය_තැන්කු වේවා...ඉඳලා හිටලා ලියවෙන එකෙත් පොඩි ගතියක් තියෙනව නේ...

දයියා said...

කලබල නැතුව ඉඳපං කොල්ලො. උඹේ වැඩ ටික කරගෙන යන අතරෙ විදල යාවි. නියම වෙලාවට විද්දම තමයි හරියටම හරි යන්නෙ.ඉක්මනට විද්දෝගන්න ගියොත් නලලෙ කොටපු එකාට නැතුව වෙන කාටහරි විදීවි. අනේ මටත් විදල ගිහිල්ල තිබුණ කාලෙකට ඉස්සර මම දන්නෙත් නෑ. දැන් පැටව් දෙන්නෙකුත් හදන් අගේට ඉන්නවා.

Anonymous said...

අනේ පවු අප්පා අපේ දිල0ක මලය.

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න