web 2.0

Sunday, May 23, 2010

මත්පැන් භාවිතා නොකරන්නට තරයේ සිතට ගතිමි.

(මේ මුලින්ම කියන්න ඕන මම කවදාවත් ඔය දහජරාව බීල නෑ හොඳේ.)


මාතෘකාවට අනුව හේතුව...
බීලා බීලා ලෙඩවෙනකොට,මගේ අම්මල තාත්තල හිටියොත් හරි කසාද බැඳලා බිරින්දෑ කෙනෙක් ගත්තහම හරි ළමා ලපටි එකෙක් දෙන්නෙක් හිටියොත් ඒ මිනිස්සුන්ට නේද අපි බීපුවයි වන්දි ගෙනව්ව වෙන්නේ?අපි කරන වැරදි වලට ඒ මිනිස්සු පලි නැහැ නේද?රටට බරක් වෙලා ලෙඩෙක් වෙලා විඳවන්න කැමතිද?

ඔයාලගේ අදහස් ලියල යන්න.අඩුපාඩු කියන්න.

10 ප්‍රතිචාර:

Unknown said...

ඔය කතා‍වේ සත්‍ය ‍තමයි ලංකාවේ පෝය දවසට ඉස්සරල දවසෙ තමයි වැඩිම මත්පැන් ප්‍රමානයක් විකිනෙන්නෙ
ඉතින් අපි මක් කරන්නද ඔයාවත් හැදෙනවනම් අපිට සතුටුයි

අපි www.sriwow.info

ඉලංදාරියා said...

දැන්වත් හැදෙන එකනම් ලොකු දෙයක්.........

Isuru Wijesinghe said...

ඇති යන්තම්. ඔය තියෙන්නෙ හරකට වගෙ මොලේ. පහු වෙලා හරි මේ ටික තේරුම් ගත්ත එක ලොකු දෙයක්.

ඇඩ්සෙන්ස් බෑන් වෙනවා සිංහල බ්ලොග් වල ඇඩ් දැම්මොත්. ගීගේන් පාවිච්චි කරන්න මලේ

www.geegain.com

Amila Chathuranga said...

ඔව්ව බිව්වහම අක්මාවෙ වතුර පිරෙනව....මහා බඩක් එනව ලොකුවට..ඒ අක්මාව දියවුන ස්‍රාවය...එකතුවෙලා..දොස්තර මහත්තුරු මහ කටු ගහල බඩේ 2-3න් තැනකින් වතුර අයින් කරනවා...මම ඉස්පිරිතාලෙ ඉන්නකොට ලෙඩ්ඩුන්ගෙ එක ලෙඩෙක්ගෙන් ලීටර් 3-4 ඉවත් කරපු වෙලාවල් තිබුන....කෙනෙකුටකියන්න පුලුවනි බොන ඔක්කොටම එව්ව හැදෙන් නෑ කියල..ඒත් සහතිකව කියන්න පුලුවනි ඒ වාගෙ අක්මා ආබාද ලෙඩ්ඩු ගොඩාක් හිටියෙ පිරිමි වාට්ටුවෙ විතරයි කරාපිටියෙ ඉස්පිරිතාලෙ...එකෙක්නෙක් දෙන්නෙක් ගෑනු හිටිය ඒ කසිප්පු විකුනපු අය කියල තමා කට්ටිය කිව්වෙ...

Xpress (SiS™ ) said...

මතක තියාගන්ඩෝ මම තාම පොඩි එකා.
මම ඔය ජරාව කටේ ගහලවත් නැතෝ.කොහොම හරි හැමෝටම ස්තුතියි.
@ ඉන්දි අයියා_අයියේ ඔයා කරාපිටියෙද?හොස්පිට්ල් එකේ ද වැඩ කරන්නේ?අපේ අම්මත් කරපිටියේ වැඩ කලා ඉස්සර.

Amila Perera said...

සිරා කතාව මචන් සිරා කතාව.. ඔය මගුල් ඔනෙම නෑ

Amila Chathuranga said...

නෑ බොසා මට බෙහෙතක් විස වෙලා දැම්මෙ වසබොන අරක්කු බොන අය සෙට් වෙන වාට්ටුවකට මීට අවුරුදු 4-5කට උඩදි...සති2ක් වාට්ටුවෙ හිටිය...හොඳ අත්දැකීම් ටිකක් ලැබුනෙ,...

Isuru Wijesinghe said...

@ඉන්දි

හරි හරි බීල අමාරු උනා කිව්වනම් අහවරයිනෙ ;)

Unknown said...

@indi,
නිවැරදියි. සිරෝසිස් (Cirrhosis) අක්මා රෝගයට ප්‍රධාන හේතුවකි, දිගු කාලීන හා අධික ලෙස Alcohol භාවිතය.

Hasitha Gunasinghe said...

ඔයාගේ කතාවට එකවරක් නෙමෙයි දහස් වරක් මාත් එකඟයි. ඔව්වා ගත්තයි කියලා වෙන හොඳේ මොකක්ද කියලා තමයි ගැටළුව.

ඕක පාවිච්චියෙන් මූලිකව වෙන්නේ මම හිතන විදිහට මනුස්සයාගේ පොකැට්ටුවට තට්ටු වෙන එකයි, එයාගේ ලැජ්ජාව බය දෙක නැති වෙන එකයි, ශරීරය ලෙඩ වෙන එක විතරයි.

මට දැන් 21. මම තාමත් මත්ද්‍රව්‍ය මොකුත් භාවිතා කරලා නැහැ ඒක මට සතුටට කාරණයක්. ඒක ඉදිරියටත් එහෙම්මමයි :)

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න