web 2.0

Tuesday, January 12, 2010

කොපියක් ගැහුවා:ජෙට්ලයිනර්

මම මේ ලිපිය මගේ පරන බ්ලොග් එකෙන් ගත්තේ.මොකද මම පරණ බ්ලොග් එක (විකාර ගෙදර) අද අස් කරනවා.ඒ අතරේ තියෙන වැඩැක් තියෙනව කියල හිතෙන ලිපියක් දානවා.මේ ලිපිය ලියල තියෙන්නේ ජෙට්ලයිනර් නැව ගැන..


නැව හදලා තියෙන්නේ නෝර්වේ රටේ.1994 වර්ෂයේ.පස්සෙ මේ නැව ඉන්දුනීසියාවෙන් මිලදීගෙන පාවිච්චි කරලා තියෙනවා.ඒ චාරිකා වැනි අවශ්‍යතා වලට.ලංකාවට අරගෙන තියෙන්නේ 2004 වර්ෂයේ.මේ නැවට එකවර කාර් 200කට වැඩි ප්‍රමාණයක් සමඟ මගීන් 287 ක් ගමන් කරන්න පුලුවන්.බස් රථ 12ක් සමඟ නම් කාර් රථ 168ක්.මේ නැව හරියටම හදලා තියෙන්නේ මගීන්ට තමන්ට අවශ්‍ය වාහනත් සමඟම රට රටවල ගිහින් ඇවිදලා නැවතත් වාහනත් අරගෙන තමන්ගෙ රටට එන්න.
මේ නැවේ ආරක්ෂාවට මි.මී.45 අවි 5ක් සහ ගුවන් යානා නාශක අවි ඇතුලත්.යුද්දෙ ඉවර වුනාට පස්සෙ මි.මී.45 අවි 4ක් ගලවලා භාර දීලා.යාපනේ පැත්තෙ ගමන් කරන කාලෙනම් මිසයිල පවා අරගෙන තමයි මේ නැව ගමන් කරලා තියෙන්නේ.මේ නැවේ ආරක්ෂාවට වටේටම තවත් ඩෝරා බෝට්ටු 9ක් ගමන් කරනවාලු.මම දාපු වීඩියෝ එකේ ඇති අපි නැව බලන්න ගිය වෙලාවෙ තිබුනු ටී 56 අවි ටික.
මේ නැවේ ගමන් කරද්දී හදිසියේ අනතුරක් වුනොත් නැවේ හතර පැත්තෙන් හදිසි පිට වීමේ දොරටු තියෙනව.උඩම තට්ටුවේ තමයි අමතර බෝට්ටු තියෙන්නේ.ඒ බෝට්ටු වල අමතර ආහාර පවා තියෙනවලු දවස් දෙක තුනකට සෑහෙන්න.
නැවේ ඉස්සරහින් හා පසුපසින් දොරටු තියෙනවා.ඉස්සරහින් තියෙන දොර තමයි උස්සල තියෙන්නේ{2 රූපයේ}.
නැවේ හොඳම විස්තර ඔන්න දැන්.
ඉන්ධන ගබඩාව ලීටර් 178,000ක්
වතුර ගබඩාව ලීටර් 98,000ක්
එන්ජින් 4ක්
ජෙනරේටර් 2ක්
නැව සමබර කරන්න ටැංකි 4ක්
නැවේ ගැස්සීම අඩු කරන්න කණු වගයක්{4ක්}
ජී.පී.එස්

රේඩාර්
මුහුදු පතුලේ ගැඹුර මනින්න යන්ත්‍රයක්

නැවේ සාමාන්‍ය වේගට නොට් 45ක් විතර.
වගේ ගොඩක් දේවල් තියෙනව.


2 ප්‍රතිචාර:

Anonymous said...

වැදගත් ලිපියක්...

වැප් said...

ලිපිය පරණ උනත් අද තමයි මම දැක්ෙක් ....

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න