web 2.0

Tuesday, January 12, 2010

කළා වැවේ නිල් දියවර අපේ අම්මා.....



ගමට කළින් හිරු මුළුතැන් ගෙට වඩිනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කළා වැවේ නිල් දියවර අපේ අම්මා


රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත් නෙත නෑ නිදි විඳ ගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන නින්දේ සිහින දකින්නේ
මහමායාවෙනි කවදා දෝ ඔය නෙත් දරු සෙනෙහසින් මිදෙන්නේ


වෙල් දෙණිවල ඇවිදින දෙපා රිදෙන විට විහඟ ගීත බණ පද වේවා
බෝ මළුවක ඇවිලෙන පහන් වැටක් සේ තුන් සිත නිවී සැදේවා
මතු උපදින සසරේ විශාකාව වී මෙත් මග නෙත් හමු වේවා
ඇත් රැජිනියනේ ඔබෙ නැළවිලි ගීතය ලොවම නිදන කවියක් වේවා.


ගමට කළින්.....





3 ප්‍රතිචාර:

LG said...

මමත් කැමතිම සිංදුවක්!

රවා said...

දිලා සංවෙදි තැනකට කතා කරනවා.. මම ගොඩක් ආස සින්දුවක්.... අම්මලා ගැන කතාකරලා ඉවර කරන්න බැහැ...

බිඟූ said...

මමත් කැමතිම සිංදුවක්!
මම මී සින්දුව ගැන් විචාරයක් ලියන්න ඉන්නෙ..


/බිඟුවා...!

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න