web 2.0

Tuesday, December 1, 2009

අල ඒ.ඩී.එස්.එල්

අද කියන්න යනදේ මාතෘකාවෙන්ම තේරෙනවනේ.....
මේකයි ඇති වුන ප්‍රශ්නය.ටෙලිකොම් එකේ ඒ.ඩී.එස්.එල් වල පොඩි අවුලක් තිබුනා.ඒ නිසා නෙට් එකට සම්බන්ද වුනාට විනාඩි 10 කින් විතර ටයිම් අවුට් වෙන එක.(වින්ඩෝස් 7 වලනම් කියන්නේ නෙට් ඇක්සස් නෑ කියලා.)
කොහොම හරි මේ සීන් එක නිසා මම එපා වෙලා හිටියේ.ඔය අතරේ අපේ යූනියන් එකේ අයියා කෙනෙක්(කවුද කියලා නමනම් මතක නෑ.සමාව.කොම්.)ලියලා තිබුනා මේ ගැන.ඊට පස්සෙ මට හිතුනා මේක මුළු ලංකාවටම බලපාන ගැටලුවක් වගේ කියලා.මොකද ඒ අයියා කුරුණෑගල.මම ගාල්ලේ නිසා.
මම ඒ.ඩී.එස්.එල් භාවිතා කරන කීප දෙනෙක්ගෙන්ම ඇහුවා මේ ගැන.ඒයාලටත් එහෙමයි.මේ වෙනකොට නෙට් එකට සම්බන්ද වෙන්නම බැරි වෙලා තිබුනේ.මම කෝල් එකක් දුන්නා කස්ටමර් කෙයාර් එකට.මගේ ප්‍රශ්නෙ අහගෙන ඉඳලා මගෙ මොබයිල් එකේ නොම්බරෙත් ඉල්ල ගත්තා.විනාඩි 10 කින් විතර කෝල් එකක් දීලා කිව්වා "අපි ඔයාගේ එකවුන්ට් එක රී සෙට් කරනවා.හරියනවද බලන්න" කියලා.
එහෙම කලා කියලා හරි ගියේ නෑ.පස්සෙ තව කෝල් එකක් දුන්නා.අපරාදේ කියන්න බෑ ඒ වෙනකොට අක්කල ටික මගේ නමයි,නොම්බරෙයි කටපාඩම් කරගෙන ;) .මම ආයි සිද්ධිය කිවා.එයාල කිව්වා අපි ඔයාට "කෝල් කරන්නම්" කියලා.
දෙවෙනි පාර කෝල් කරලා කිව්වා "ස්ප්ලිටර් එක චෙක් කරන්න" කියලා.පස්සෙන්දා මම කෝල් එකක් දීල කිව්ව "ඒකේ අවුලක් නෑ" කියලා.(මගේ වෙලාවට ඒක වැඩ.මම චෙක් නොකරමනේ කෝල් එක දීලා කිව්වේ වැඩ කියලා. ;) )
ඊට පස්සෙ මට ආයි වද දෙනවා කෝල් දීලා.එපාර අහනවා "අපි කට්ටිය එවන්නද?"කියලා.(කෝල් එකක්නම් කමක් නෑ.විනාඩි 10 ක් ඇතුලත කෝල් 3ක්.)මම කිව්වා මම තව පාරක් බලලා ඕන වුනොත් කියන්නම් කියල.පස්සෙ මට කෝල් කරන්න වුනේ නෑ.කොහොම වුනත් ඊට පස්සෙන්දාම ගාල්ලෙ ටෙලිකොම් එකෙන් ආවා.ආපු ගමන් ස්ප්ලිටර් එක චෙක් කලා.ඒක වැඩ.ඊට පස්සේ රවුටර් එක.
බලපු ගමන් මිනිහා අහපි,
"ඔයා යූ.එස්.බී කේබල් එකත් යූස් කරනවද?" කියලා.
මම කිව්වා,
"ඔව්" කියලා.මොකද වැඩකට නැත්නම් එහෙම කේබල් එකක් එවන්නේ නෑ නේ.(හැබැයි ඒකෙන් මොකක්ද වෙන්නේ කියලනම් මම දන්නේ නෑ.දන්න කෙනෙක් ඉන්නවානම් කියලා දීලා යන්න. :) )
පස්සෙ මිනිහා කියපි,
"මම ඔයාට යූ.එස්.බී කේබල් එක නැතුව නෙට් යන්න හදල දෙන්නම්" කියලා.
(ඒ.ඩී.එස්.එල් කනෙක්ශන් එක හදන්න ආපු එකා රවුරට් එක කන්ෆිග් කරන්න යනවා.හිකස්.මමත් මට මොකෝ කියලා බලාගෙන හිටියා.)
යූ.එස්.බී කේබල් එක ගලවලා ඩයල් එක නෙට් එකට ගියා.ට්විස්ටඩ් පෙයර් එකෙන් පුළුවන්නේ.
උපරිම විනාඩියයි.මම අර මුළින් කියපු ලෙඩේ.ඇක්සස් නැතුව ගියා.එපාර කියපි,
"මල්ලී,ඔයාගේ මැෂින් එකයි රවුටරෙයි අතෙරේ කනෙක්ශන් එක නෑ.අපේ වරදක් නෙවෙයි"කියලා.(ඒ නිසා වෙන්න ඇති නෙට් ගියේ. ;) )
ටිකකින් ආයෙත් හරි ගියා මිනිහා ෆයර් ෆොක්ස් එකෙන් ගිහිල්ලා රවුරරේට ඇක්සස් කලා.
මම ඇහුවා,
"ඕකට මොකටද ගියේ?" කියලා.මිනිහා කියපි,
"ඇයි මල්ලී,නැතුව රවුරටේ කන්ෆිග් කරන්නේ කොහොමද ?"කියලා.
මම කිව්ව,
"ඕකට යන්න ඕන නෑ" කියලා.

දැන් තමයි මිහිහගේ පඬි ටෝක් එක පරන් ගත්තේ.
මිනිහා කියපි,
"මල්ලී මොනවද කියන්නේ මම අවුරුදු දෙකක් කරපු එකනේ මේක"කියලා.මමත් අහගෙන ඉඳලා අන්තිමට රවුරටේට හම්බ වුන සී.ඩී එක දාලා කන්ෆිග් කරලා පෙන්නුවා.
ඩයල් එකට කට උත්තර නෑ.පස්සෙ ආපු වාහනේ ඩ්‍රයිවර් කියපි,
"මල්ලී,ඔයාගෙ මැශින් එකේ වයිරස් ඇති.ඒ නිසා තමයි නෙට් යන්න බැරි"කියලා.
මමත් දුන්නා උත්තර.
"අයියේ මේක පෙරේදා ෆෝමැට් කලේ.තාම එක සී.ඩී එකක්වත් පෙන් එකක්වත් ගහලා නෑ.වයිරස් ගාඩ් එක අප් ටු ඩේට් අප්ඩෙටඩ්"කියලා.

"මල්ලි ඔහොම කිව්වට මල්ලි නෙට් යනවනේ.අනික වයිරස් ගාඩ් වලට ඔක්කොම වයිරස් අල්ලන්න බෑනේ" කියලා
මම මිනිහට කියලා දුන්නේ නෑ ෆෙස් බුක් එකෙයි,යාහු මේල්,ජීමේල් සහ සිංහල බ්ලොග් කියවනයේ තියෙන වයිරස් ගැන.එපාර මිනිහා වයිරස් ගාඩ් එකට බනින්න ගත්තා.මමත් අහගෙන හිටියා.පස්සේ හරි මමම හදාගන්නම් කියලා යන්න ඇරියා.(මඩවන එකේ සීමාවක් තියෙන්නත් එපාය.අනික ගෙදරටම ගෙන්නගෙන. ;) )
නෙට් එකට යන්න දැන්නම් අවුලක් නෑ.හැබැයි හිටිගමන් ටයිම් අවුට් වෙනවා.ඒකත් හරියාවි කියලා බලන් ඉන්නවා.මොකද අපට සල්ලි වැඩි වෙලානේ 1650+වැට් ගෙවන්නේ. ;)

11 ප්‍රතිචාර:

Supun Sudaraka said...

ටෙලිකොම් නම් සකේ සක්ස්. මුං එක්ක තරගකාරයෝ නැති එකේ පාඩුව විඳින්න වෙලා තියෙන්නෙ අපිටම තමයි... :(

budhajeewa said...

ඕකෙං එන කාලකණ්නි ගැන නං කතා කරල වැඩක් නෑ!

Xpress (SiS™ ) said...

@ දෙන්නටම_හික්ස්.ඔව් සිරාවටම.මොනවා කරන්නද?ඕකුන් නම් කිසි වැඩක නෑ.ඔක්කොටම වඩා හදන්න එන බක බණිඩිතයො ටික.

Anonymous said...

Machana mama Use Karanne Air Tel Dongle Eka Sira Machan Downloading Speed Eka 280 KBPS .... maseta 1900 rupees ... Matanam kisi avulak naha

Xpress (SiS™ ) said...

@ ඇනොනිමස්_අන්ලිමිටඩ් පැකේජ් එකක්ද?හැබැයි මචෝ මෙහෙමයි.දැනටත් කට්ටියගේ පිළිගැනීම තමයි ටෙලිකොම් 1650 පැකේජ් එක තමයි ලාබම පැකේජ් එක කියලා.ඇත්ත නැත්තනම් මම දන්නෙ නෑ.
පුළුවන්නම් ඊළඟ පාර නමවත් දාලා යන්න. :)

Anonymous said...

වැඩේ කරන්න බැරි නං ඇඟ බේරාගන්නේ වයිරස් වලින් තමා.. ඩ්‍රයිවර් දන්න දේවල්

Xpress (SiS™ ) said...

ඔව් අප්පා ඌට කට වහගෙන හිටියනම් ඉවරයි.කමක් නෑ ඉතින් මිනිහා මම ඉස්සරහ හරි පොර් වුනානේ.මිනිහනම් සතුටු ඇති.

පැතා said...

ඔය හැත්ත ඔහොම්මම තමයි. බං උන් කියන එක තමයි හරි. උන් දන්නෙඩත් නෑ,පඩි ටොක් දීල මාරැ වෙනවා, හෙන කාලකන්නි ටිකක් ඉන්නෙ slt එකේ.

Xpress (SiS™ ) said...

ඕකුන් හින්දා තමයි කවදා හරි SLT එක කෙළව ගන්නේ.

Anu said...

කතා කරල වැඩක් නෑ.. පංඩිත හැත්ත. උංගෙ වැරදි පිළිගන්නෙ නෑ.

H said...

mmmmm...,
But my ADSL connection is working 24/7 hours without any problem.I am using D-Link 4-port router and I am very happy with my SLT ADSL line.The best and the most stable Internet connectivity I have experienced ever. If you are on windows 7, there is a problem with windows 7 that shows 2 networks although there is one network. Use static IP for the connection between the router and the PC and your problem will be gone!.

Google search "unidentified network windows 7"

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න