web 2.0

Monday, November 30, 2009

මමත් වෙනස් උනා.




පොඩි වෙනසක් කලා.පේනවා ඇතිනේ බැලූ බැල්මටම.ඇඳුම මාරු කළා.එකම ඇඳුම අඳිනකොටත් එපා වෙනවනේ.අනික අදින් අපේ වාර විභාග ඉවර වුනා.මාර සතුටුයි.හැබැයි කේස් එක කියන්නේ පොඩ්ඩක් සනීප නෑ වගේ.ඒක දැන් හුඟක්දුරට හොඳයි.
කොහොම හරි සනීප නැති වෙච්ච නිසා හෙට දාගෙන හිටපු ඔක්කොම වැඩ කැන්සල්.
විභාගෙ දවස් වල බ්ලොග් එකට දාන්න ගොඩක් දේවල් තිබුනත් දාන්න වුනේ නෑ නෙව.ඒ කතා ටික ඔපාර දාන්න පුළුවන්.

අලුත් නිවුස් එකක්._මගේ යාලුවෙකුත් සිංහල බ්ලොගින් වලට සෙට් වුනා.මිනිහවත් අපේ යූනියන් එකට සෙට් කරවගන්න ඕන.මිනිහගේ බ්ලොග් ඇඩ්‍රස් එක sohansanju.blogspot.com
ඒකට ගිහිල්ලා මිනිහට පුළුවන් උදව්වක් දෙන්න.


ඉල්ලීමක්._පොඩි ඉල්ලීමක් කරන්නත් හිතාගෙන හිටියේ.මේකයි ඉල්ලීම.මට භාවිතා කරන්න නික්නේම් එකක් යෝජනා කරන්න පුළුවන්ද?මම මෙච්චර කල් භාවිතා කළේ "එක්ස්ප්‍රස්" (Express)කියලා.දැන් හිතෙනවා වෙන නමකට බැස්සනම් හොඳයි කියල.ඒ නිසා ඔයාලගේ යෝජනා පහතින් කමෙන්ට් එකක් විදිහට ලියලා යන්න.ඒ ගමන්ම ඒ නම යෝජනා කරන්න හේතුවත් තිබුනනම් හොඳා.

ආහ් තව එකක්_මම මෙච්චර කල් කමෙට් එකක් දාද්දි මගේ මේල් එකට ලැබුනට පස්සේ ඒකේ අවුලක් නැත්නම් පල කරන එක තමයි කලේ.කොහොම හරි මට එහෙම කරන එකෙන් කිසි වැඩක් වුනේ නෑ.ඒ නිසා තීරණය කළා මගේ අවසර රහිතව කමෙන්ට් එක පල කරන මොහෙතෙම පල කරන්න.(එහෙමයි කියලා ඉතින් පිස්සු නටන්න එපා හොඳේ. :) )



අර ඉස්සෙල්ලා මම කිව්වෙ හොඳ හොඳ කතා ටිකක් තියෙනවා කියලා.ඒ ටිකත් පුළුවන් ඉක්මනටම ඔයාලට කියවන්න හම්බ වෙයි.
සනීප නැති නිසාදෝ මන්ද නිදිමතයි.එහෙනම් මම නිදාගන්න යනවා.හැමෝටම සුභ රාත්‍රියක්!

1 ප්‍රතිචාර:

Isuru Wijesinghe said...

ආ..හ් අළුත් ඇඳුමනම් එල.


අනුමැතියෙන් තොරව කමෙන්ට්ස් දාන්න දීපු එකත් හොඳයි ඉතින්.

උඹට නමක් තමයි බන් මතක් වෙන්නෙම නැත්තෙ.

ඉක්මනට සනීපවෙලා අර කියන්න තියෙන ඒව ටික ඉක්මනට කියාගන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න