web 2.0

Sunday, February 27, 2011

පාසල් සතිය.......

මේ සීන් එක වුනේ මම 11 පංතියෙ ඉන්නකොට.හරියටම පාසල් සතිය දවසෙ.අපේ පංතියෙ සෙට් එකේ 6ක් ඉන්නව.මමයි,කුට්ටියි,බිත්තරෙයි,චිං බෙට්ටයි,හීන් නූලයි,ගුරයි.මේ තමයි සෙට් එකේ නම් ටික.ඉතින් උදේ ඉදන් වැඩ කරල මට ඉතින් පොඩි බඩගින්නක් ආව.මං අපේ උන් ටිකට බඩගිනියි කිව්ව.උන් ටිකත් ඔව් කිව්ව.හැබැයි අපේ සර් අපට කන්න කිව්වෙ නෑ.ඒ නිසා කන්න වෙන්නෙ හොරාට උන් ටිකත් කිව්ව හොරෙන් කමු කියල.ඉතින් ගෙනත් තිබ්බ පාන් ගෙඩි වලින් 2ක් හොරාට කෑව. චිං බෙට්ට කාල එනකොටම සර්ට වැඩේ මාට්ටු.අපි ටික පට ගාල එතනින් මාරු වෙලා සීන් එක බලං හිටිය.සර් මූට එක කනේ පාරක් දුන්න.සර් හිතුවෙ මූ තනියෙන් කෑව කියල.මූ එක පාරටම කිව්ව සර් තව කට්ටිය කෑව කියල.අපට මල පැන්න ඒක ඇහුවම.කොටින්ම කිව්වොත් සර්ටත් මල පැන්න.සර් ඒ ගැම්මට තව කනේ පාරක් දුන්න.මූ ඒ පාර මගේ නම කිව්ව.මට ආපු සතුටට ඌ මගේ ලඟ හිටිය නම් මං උගේ බෙල්ල මිරිකල මරන්නෙ.දෙයියනේ කියල තව කනේ පාරවල් 2ක් දුන්නම මූ ඔක්කොගෙම නම් කිව්ව.අපට පුදුම සතුටක් ඌත් එක්ක තිබුනෙ.සර් අපි සෙට් එකේම කන් ටික යන්තං අත ගාල කිව්ව පංතියෙ ඩෙස් ටික ඔක්කොම පේන්ට් කරන්න කියල.මොනව කරන්නද ඉතින් අපි චිං බෙට්ටගෙ පරම්පරවෙ අය ඔක්කොම මතක් කරගෙන වැඩේ පටං ගත්ත. ඔන්න ඔහොම තමයි අපිට අන්තිමට වුනේ.          

2 ප්‍රතිචාර:

Anonymous said...

වලහා ආවම දාලා යන යාලුවෝ ආශ්‍රය කරන්න එපා කියන්නේ ඕකට වෙන්නත් ඇති..හෙහෙ...පව් බයටම කියවෙන්න ඇති..

duliponline said...

මමනං කියන්නෙ හදිස්සියකදී මාරුවෙන යාලුවන්ට ඔහොමම තමා කරන්න ඕනෙ.

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න