web 2.0

Sunday, February 6, 2011

සුළඟේ ලෙලෙනා මල සේ දඟපා, අප පාසැල් ගිය කාලයේ යාලුවො අද නැත.වෙන අය එහි ඇත කලය මැව් වෙනසක අරුමේ

අදත් බ්ලොග් සටහනක් ලියන්න ආමි.වාග් හැසිරවීම වෙනස් කලෙමි.එය හොඳ යැයි සිතේ.(වෙනසකටත් එක්ක.)
මුලින්ම අපේ "ඉලන්දාරියා"අයියා ට සහායක් දක්වන ලෙස කරුනාවෙන්ම ඉල්ලා සිටිමි.(උක්තයක් නැතෙයි කියල කියනව නෙවෙයි මේ වාක්‍යයට.)
ඊලඟට.........
(පොඩ්ඩක් හිටහංකො.ලියනව කිව්වට තාම හිතනව.)
මේ දවස් දෙකක් තිස්සේ කොම්පීතර් මල්ලියා සමඟ (වල් කතා කියන්න එපා.) ගතකොට ටෙලිකොම් මාමලාට ගි.බ.4ක් කොකා පෙන්නන්නට සමත් වීමි.
දැන් තතාව වෙනත් දෙසකට ය.
දැන් කියන්නේ පාරමී ගැනය.මෙතෙක් කල් ඇය ගැන සිතා ලිපි ලිව්වෙමි.අවසන දී අපේ සුදු මහත්තයා කී පරිදි
"උඹ පාරමී ගැන හිතුවට එයා උඹ ගැන සිතන්නේ නැත"
සත්‍යක් බව පසක් කර ගත්තෙමි.එහෙමෙයි කිව්වා ට මම තාම ඈට ආදරේ ය ලු.

දැන් අද ලියන්නට කතාවක් සිතමි.


මතක් විය.අද ලියන්නේ මම අපේ තාත්තාගේ ඔපීසියට ගිය කාලය පිළිබඳව ය.


මා මතක ඇති කාලයේ පටන් අම්මා වැඩට ගියවිට සිටියේ තාත්තාගේ ඔපීසියේ ය.එය එසේ මෙසේ නොවේ ය.ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකි.තාත්තාගේ පුටුව අසලින් මටද පුටුවක් වෙන්කර ම තබා තිබුනි.නමුත් මා එහි ගිය විට එහි සිටියේ කොපමන චුට්ටි වේලාවක්දැයි නොදනිමි.මන්ද යත් මම ඒ දිනවල වේලාව බලන්නට දැන නොසිටි බැවිනි.
මා ඔපීසියට ගියවිට,බය වූයේ ලේකම් තුමාටත්,සහකාර ලේකම් තුමාටත් පමණි.ඒ ඔවුන් වෙනම කාමර වල සිටි බැවිනි.
ඔපීසියේ පුරාම දිනකට කී වතාවක් මම දිව්වාමිද නොදනිමි.ඒ දිනවල මම මොන්ටිසෝරි වයසේ ය ලු.හැබැයි මෙහෙමය.එසේ දුවද්දී ඇන්ටිලා සමඟ කතා කරමින් සිටියෙමි."පුතේ මෙහෙට එන්නකෝ"කිව්වාට මම නොගියේ ඒ දිනවලත් මම ගෑනු මායම් දැන සිටි නිසාදැයි නොදනිමි.නමුත් මා සමඟ සේප් එකේ හිටියේ ඇන්ටිලා සහ අක්කලා ය.ඒ අතර නදීකා අක්කා සහ දිල් රුක්ශි අක්කා නම් හොඳටම මතක ය.
කෙසේ වෙතත් ඒ ඔක්කොම මට ආදරේ ය.හැබැයි තාත්තා ට නම් මා දුවන දිවිල්ල නිසාම ඇහැ ගහගෙන ඉන්නට ම සිදුවිය.ඒ ඇස් ගැසිල්ලේ තරමට මම දුවන ලද්දේ මීටර 10 ක් පමණ විය හැකිය.මන්ද ඒ දිනවල පොඩ්ඩත් මට ලොකුය.(දැන්නම් ගිය විට වටේම දුවා ඇති බව පෙනේ.)
මම ඒ දිනවල ඇන්ටිලාට කේලම් කීමි.වෙනකක් නොව අන්න ඇන්ටිගේ නමට පස්සේ අර පිරමීඩ තියෙන රටේ "මමිය" කියා ලිව්වා කියා ය.අවුලක් නම් වූයේ නැත.
මම තවත් කැත වැඩ කලෙමි.එනම් සහකාර ලේකම් තුමාගේ අත්සන ගැසීමි.හොර වැඩකට නොව,ආසාවට ය.ඔහුගේ අත්සන ඒ දිනවල බෝලයක් ඇඳ මැදින් ඉරක් ය.ඉතින් ඕක ගහන්ට බැරියැ.
හැබැයි වැඩේ මාස්ටු ය.එතුමා හිනාවක් දැම්මේ පමණක් ය.පසු කාලීනව අත්සන් වැඩය නවතා දැමීමි.
ඔපීසෙයේ රයිප් රයිටරේ වැඩ කළ ඇන්ටිලා මාගේ බොක්කවල් ය.එයාලාගේ වැඩේ වැඩ නැති වේලාවට මා කියනා දේවල් ටයිප් කිරීම ය.අවුලක් නැත.
දිනක් මම ඇන්ටී කෙනෙකුට කියා"ඔයාව රස්සාවෙන් අස් කරනවා"කියා කොටවා ගත්තෙමි.
ඉරක් උඩින් අත්සන ගහන්නට ආසාවට යටින් ඉරි ද කොටවා ගත්තෙමි.සහකාර ලේකම් තුමාගේ අත්සන ගසා නදීකා අක්කාගේ ලාච්චුවේ දැමීමි.අවුලක් නැත.ඇතැම් විට ඔවුන්ගේ ලාච්චු වල තිබූ දේවල් ඔවුන්ට වඩා මම දනිමි.


තාත්තා ඇතැම් ලිපි අත්සන් කල විට සීල් එක ගසන්නේ මමය.ආයෙත් ගැහුවොත් ගැහුවාම ය.ඉඳලා හිටලා එකක් හරි පැත්තට ය.නැත්නම් බෙල්ලට වැඩ හරිය.


මගේ වරදක් නැත.මා සීල් එක ගසා ඇත.ලිපියේ අයිතිකරුවන් "හරි හුරතල් පුතා" යැයි කිය කියා යන්නට ඇත.


දිනක් ඇන්ටිලා සමඟ සෙල්ලම් කිරීමට ගොස් පුටුවක් මත දඩාස් ය.පුටුවක් කීවාට ලී පුටුවක ඇන්දේ ය.


නලලෙන් පැණි බේරේ.එය මම නොදනිමි.සාමාන්‍ය විදියට නැගිට්ටෙමි.
"පුතේ...!'
කියා කැගසනවා ඇසුනේ ය.සුරුස් සද්දයටත් බය මම එවිටනම් මම බය වීමි.මාතර කොළඹ බස් දුවන වේගෙන් තාත්තා ලඟ ය.ඔපීසෙයේ කැබයෙන් ම රෝහලේ ය.අම්මා රෝහලේ වැඩය.


කෙසේ හෝ මැහුම් 3කින් සේප් ය.


දැන් මම ටිකක් ලොකුය.තනියම ගෙදර සිටිමි.ඉතින් ඔපීසියට යා යුත්තේ නැත.නමුත් ඉඳහිට යමි.


හොඳටම ලොකු විට යන්නේම නැත....


03 වෙනිදා රාත්‍රියේ නැවත එහි ගියෙමි.ඒ පිරිත් පින්කම නිසාවෙනි.මාව අඳුරන අය ඉන්නේ දෙතුන් දෙනෙකි....


ඔපීසිය වෙනස් වී ඇත.....


මෙලෙසම කෙදිනක හෝ
"සුළඟේ ලෙලෙනා මල සේ දඟපා,
අප පාසැල් ගිය කාලයේ
යාලුවො අද නැත.වෙන අය එහි ඇත
කලය මැව් වෙනසක අරුමේ"


ද කියන්නට සිදුවනු ඇත...

1 ප්‍රතිචාර:

Pasan said...

ubata podi kale idalama patta wisayak neh thibila thiyenneh

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

There was an error in this gadget

පස්සෙන් එන්න