web 2.0

Sunday, February 27, 2011

ආදරය,විද්‍යා ඇසින් දකින්නට කැමැති අයට.......

ලෝකයේ බොහෝදෙනා මේ පිළිබඳව කතා කරනුයේ සෞන්දර්යයෙනි.මන්ද හැඟීම් පිළිබඳ ප්‍රකාශ කිරීමට හොඳම මාධ්‍ය සෞන්දර්යය වන නිසාවෙනි."ආදරය"ඉතා සංකීර්ණ මාතෘකාවකි.ආදරය ගැන කතා කිරීමට පිටු සියගනනක් වුවද ප්‍රමාණවත් නොවනු ඇත.නමුත් ආදරය නම් වූ ගැඹුරු විග්‍රහ කළ නොහැකි හැඟුම විද්‍යාවෙන් මෙසේ විග්‍රහ කරමු.
නූතන විද්‍යාවට අනුව ආදරය ඉතා කෙටි කලකට පවතින හැඟීමකි.ඉන්පසු එම ආදරය සෙනෙහස නම් වූ හැඟීමෙන් ප්‍රතිස්ථාපනය වේ.එසේත් නැතහොත් ක්‍රමයෙන් ක්ෂය වී යයි.පෙම්වතුන්ගේ ශබ්දකෝශය තුල බොහෝවිට හමුවන "මගේ ජීවිතය ඇති තුරාවට මම ඔයාට පමණයි ආදරේ" යන ප්‍රකාශය නූතන විද්‍යාවට අනුව අසත්‍යක් බවට ඔප්පු කර ඇත.කිසිඳු යුවලක් අතර මාස 30ක් ඉක්මවන ආදරයක් දැකීමට හැකි නොවේ.ආදරයේ ගති ස්වභාවය පිළිබඳ පරීක්ශණ පවත්වනලෝ සුපතල විද්‍යාඥයින්ට අනුව එම කාලය ඉක්ම යාමත් සමඟ තම ආදර සම්ම්බන්ධතාවපවත්වා ගන්නවාද,නැතහොත් බිඳ දමනවාද යන්න තීරණය කිරීමට සිදුවන බව පැවසේ.
විවිධ සංස්කෘතීන් 37කට අයත් පුද්ගලයන් 5000ක් මාර්ගයෙන් ලබාගත් දත්ත අනුව නිව්යෝර්ක් හි කෝනල් විශ්ව විද්‍යාලයේමහාචාර්යවරියක වන "සිඩ්නි හැසාන්" පරමාදර්ශී ආදරය නම් වූ මා පෙර සඳහන් කළ සංකල්පය අභියෝගයට ලක් කරයි.ස්ත්‍රීන් හා පුරුෂයන් කායිකව,මානසිකව ආදරයෙන් බැඳී සිටීමට නැඹුරු වනුයේ මාස 18 ත් 30 ත් අතර කාලයක් සඳහා පමණි.මෙම කාලය යුවලකට එක්වීමට හා තම ගහනයේ පැවැත්මට වන ජනිතයන් බිහි කිරීමට ප්‍රමාණවත් වේ.ඉන් පසුව එකිනෙකා හා ආදරයෙන් වෙලී සිටීමට කිසිත් පරිණාමික අවශ්‍යතාවයක් නොමැත.
මෙම ආදර හැඟුමන් වලට මූලික වන රසායනික ද්‍රව්‍යයයක් ඇතැයි විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත.එම රසානයික ද්‍රව්‍යයය DOPAMINE , PHENYLETHYLAMINE සහ QXCYTOCIN යන රසායනික ද්‍රව්‍යයය සංයෝජනයෙන් බව සොයාගෙන ඇත.මෙම රසායනික ද්‍රව්‍යයය නිපදවී අවුරුදු 2ක් තුළ ක්‍රමයෙන් ක්ෂය වෙ යයි.එවිට ප්‍රේමවන්තයින්ට තම ආදරය පවත්වාගෙන යනවාද? නැද්ද පිළිබඳව තීරණය කිරීමට සිදුවනු ඇත.නැවත එම රසායනික ද්‍රව්‍යයය සංයෝගය වීම කලාතුරකින් සිදු වුවද,බොහෝවිට සිදු නොවේ.
ස්ත්‍රීන්ට වඩා ඉක්මනින් පුරුෂයන් ආදරය කිරීමට පෙළඹෙන බවත්,පුරුෂයන්ට වඩා ඉක්මනින් ස්ත්‍රීන් ප්‍රේම සම්බන්ධ හමාර කිරීමට පෙළඹෙන වබත් නූතන විද්‍යාව සනාථ කරයි.ඉන් පැහැදිලි වන්නේ පෙර කී බලපෑමට ගැහැණු සාපේක්ෂව අඩුවෙන් යටත් වන බවයි.
වසර 3ක් ගෙවීයන විට පෙම්බැඳි පුද්ගලයා කරන්නා වූ ප්‍රේමය ක්ෂය වී යයි.නමුත් එම පුද්ගලයා කෙරෙහි විශේෂ කැමැත්තක් පවතී.එම විශේෂ කැමැත්ත මත ආදර සම්බන්ධතාවයක් පැවතිය හැක.පවුලක් ලෙස ගත් කල ද,මෙය සත්‍ය වන බව උපකල්පනය කළ හැක.සමාජගත සත්ත්වයෙකු වන මිනිසා,පවුල නම් වූ විශිෂ්ඨ ඒකකයේ පදනම මෙම ආදරය වුවද,මා පෙර සඳහන් කළ ආකාරයට එය ක්ෂය වී ගියද,සෙනෙහස නම් වූ මානව ගතිගුණය මගින් හා තමා ආදරය කළ පුද්ගලයාට ඇති මා පෙර සඳහන් කළ විශේෂ කැමැත්ත මත පවුල නම් වූ සුවිශේෂී මානව ඒකක විහිවේ යැයි විද්‍යාව හදාරණ ශිෂ්‍යයන් ලෙස උපකල්පනය කළ හැකි වේ.
සැබෑ ආදරයේ කතාව එයයි.මා මේ ලිපිය ලිවීමට අදහස් කලේආදරය නිගරුවට පත් කිරීනට නොව,ආදරයක් තුළ සැබැවින්ම තිබිය යුත්තේ හුදෙක් කායික බැඳීමක් නොව ඉන් එහාට ගිය ආධ්‍යාත්මික බැඳීමක් බව අවධාරණය කිරීම පිණිසමයි.මන්ද යත් මනසින් උසස් ජීවීන් ලෙස අප ආදරය කළයුතු නිසාවෙනි.


ලිව්වේ_එච්.එල්.උදයංග(2011 උසස් පෙළ-ජීව විද්‍යා අංශය.)
උපුටාගත්තේ_රිච්මන්ඩ් විද්‍යාලයයීය විද්‍යා සංගමය මගින් ප්‍රකාශයට පත් කරන ලද "ගවේෂණ 2011" සඟරාවෙන්...

2 ප්‍රතිචාර:

Unknown said...

මෙහි විද්‍යාත්මක පසුබිම වරථමානයේ අසන්නට ලැබෙන නොයෙකුත් ආදරකතා වලින්ද සාක්ෂි සහිතව මොනවට පැහැදිලි කර ඇත. ලිපියේ විග්‍රහකර ඇති කරුණු කාරනා පිළිබඳවද වත්මන් පෙම්වතුන් සිහි කැඳවාගෙන කටයුතු කලයුතු බව මගේ හැඟිමයි.

ඉෂාර l Ishara said...

කවදා කාපු ටකරන්ද? :)

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න