web 2.0

Tuesday, February 22, 2011

බල්ලන්ට බිරීම........


මේකත් ඉතින් අපි කරපු ගොංම ගොං,මැටිම මැටි වැඩක්.
කස්ටිය දන්නවනේ මම ඉතින් දැන් උසස් පෙළට පන්ති කලාස් යනව කියල.පියෝ වලට යන්නේ විමල් සර් ගාවට.(ගාල්ලේ උං දන්නව සර් කොහොම කෙනෙක්ද කියල.)
කලාස් එක ඉවර වෙන්නේ රෑ 8.00ට.ගාල්ලට යන්න බස් තියෙනවය ඒ වෙලාවට.පෙරේද පලමුද ඉතින් ඇද්ද පයින්ම.6 දෙනෙක් විතර
ටිකක් දුර යනකොට තාප්පයක කොනකට වෙලා බල්ලෙක් බුරනව අපට.(නිකන් නෙවෙයි.පට්ට තඩියි.කපුවනම් කිව්වේ ජර්මන් සරම්ප සෙපර්ඩ් කියල.)
අපටත් ඉතින් රෑ ට බල්ලෝ බුරනව කියන්නේ නෝමල්.මොකෝ කෑ ගහ ගහනේ යන්නේ....
බල්ල දැක්ක විතරයි අපේ උන් බල්ලට බුරනවයි,කෑ ගහනවයි එක විකාරයයි.(වෙලාවට දසුන් හිටියේ නෑ.නැත්නම් ඉතින් බල්ල උනත් අම්ම අප්ප මතක් කරල අහගන්නව.
මෙහෙම ටිකක් යනකොට ඒ ගෙදර ගේට්ටුව පෙනුන.බල්ලත් තාප්පෙන් බැස්ස.


බැලින්නම් ගේට්ටුව ඇරල.මළ කෙළියයි.
මායි කපුවයි තමයි ඕක හොඳටම දැක්කේ.මොනව කරන්නද?දැම්ම ටොප්(ගියර්) එකටම.කෙළින්ම මීනුවන්ගොඩ හංදියේ.....

3 ප්‍රතිචාර:

පූසා said...

බල්ලට බිරුවයි කිව්වා o_O

Anonymous said...

## .ඔයාලගේ අදහස් උදහස් මට දන්වනවනම් කැමතියි.ඔන්න ඔය යටින් ලියල යන්න ඕන දෙයක්. ##

ඔච්චරටම අපේ අදහස් උදහස් දැනගන්නම කැමතිද? මම ඇහව්වෙ මේ ඇත්තටම දැනගන්නම දැනගන්නම කැමතිද? හොඳටම කැමතිද? ඕන දෙයක් ලියන්න කියලා තියෙන හින්දා ඔන්න ඔහෙ මේකවත් ලියලා දාමු. නැත්නම් පව්නෙ නේද?

සෙම්පතියා කියන්නෙ මොන වගේ එකෙක්ද බන්? අනේ සෙම්පතියෙක්ව කොහෙදි හරි දැකල තියෙන කෙනෙක් ඉන්නවා නම් අත උස්සනවාද අපිටත් දැනගන්න.

අපි අහලා තියෙනවා සෙන්පතියා කියලා කෙනෙක් ගැන නම්. සෙන්පති කියන්නෙ සේනාපති කියන එකනෙ. සේනාපති කියන්නෙ සේනාවේ අධිපතියා නැත්නම් සේනාවේ නායකයා කියන එකනෙ.

එතකොට මොකාද මේ සෙම්පතියා? මොකෙක් නමුත් පතියෙක් නම් තමයි. ඒ කියන්නෙ අධිපතියෙක්. එතකොට මොකේ අධිපතියාද? සෙමේ අධිපතියාද? ඒ කියන්නෙ සෙම්පතියා කියන්නෙ සෙං කාරයෙක්ද?

Nadhini said...

hehehe,,maara joli

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න