web 2.0

Friday, March 19, 2010

බ්ලොග් කියවන්නන් වෙතයි.

මම ඊයේ ලියපු "රිච්මන්ඩ්-මහින්ද සටන හෙටයි" කියන ලිපියට දාපු කමෙන්ටුවක් ගැන මට පොඩි කණගාටුවක් ඇති වුනා.මම කියන්නේ නෑ කමෙන්ටු දාන එක වැරදියි කියලා.නමුත් මේ කමෙන්ටුව ගැන නම් පොඩි ප්‍රශ්නාර්ථයක් තමයි මට තියෙන්නේ.....

මේ තියෙන්නේ කමෙන්ටුව

මේ වගේ කමෙන්ටු දැක්කහම අපි ලියන්නේ මේ වගේ අයට කියවන්නද කියලා හිතෙනවා.මොකද බ්ලොග් එකක තමන්ගේ අදහස් උදහස් ලියන්න නිදහස තියෙනවා.තමන්ගේ බ්ලොග් ලිපිය සින්ඩියේ උඩින්ම පෙන්නගන්න තරම් "සිඟිති ආතල්"දෙන කෙනෙක් දෙන්නෙක් ඒකට උපරිමෙන්ම අනිත් අයට අකුල් හෙලනවා.
ඒ අය දන්නේ නෑ තමන් වැඩි වැඩියෙන් "වැදගත්" ලිපි ලියන තරමට තමයි තමන්ගේ බ්ලොග් එක සාර්ථක වෙන්නේ කියලා.කොහොම නමුත් මේ වගේ සිඟිති ආතල් දෙන අයත් අපේ සින්ඩියේ සිටීම ගැන කණගාටුයි.
එහෙම අය ඉන්නවානම් එයාලට තමන්ගේම සින්ඩියක් හදාගන්න හරි,අපේ සින්ඩියේ ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් අරගෙන පොටෝෂොප් වලින් ඒක එඩිට් කරල තමන්ගේ හිත හදාගන්න වෙයි.

12 ප්‍රතිචාර:

Indranama said...

ඔය එක එක ගොබ්බයො කියන දේවල් උඹ ගණං ගන්න ඕනෙ නෑ බං.
Ignore kar, Ignore kar !

Anonymous said...

ඔහොම තමයි මටත්

Kanishka said...

ඕව මොනවද බන් එක එකා මහ රෑ දොලහට විතර ඇවිත් අපේ බ්ලොග් වල කුනුහරුප දාල යන එකත් එක්ක බලනකොට :D

චතුරංග රූපසිංහ said...

:D

Anonymous said...

කනියා තමයි මහ රැ ඇවිල්ලා මගේ ෂොට් මික්ස් එකේ අමු කුනුහරැප දාන්නේ ip chak කරලා මම හොයාගත්තේ අනික කනියා ip එක වෙනස් කරගෙක එන්නේ වෙන රටක වගේ

Indranama said...

'රු' වෙනුවට 'රැ' ගහන එකෙන් මට කියතෑකි ඔය උඩ කමෙන්ට් එක කාගෙද කියලා :D

රවා said...

ඔකුන්ව ගණන් ගන්න එපා බන්..... හිනමානයෙන් ඉන්න පිස්සෙක්ගෙ වැඩක්... සින්ඩියෙ තියන තැන නෙමෙ වැදගත් ... හොද ලිපි අපි හොය හොය බලන්නෙ.. උබලැ ඉස්කොලෙ දෙයක් නෙ උබලා කිපදෙනා එකතුවෙලා බෙදාගත්තෙ.

බිඟූ said...

මකලා දාපන් මචං.
නැත්නම් ඇනීව බ්ලොක් කරපන්.
වැඩිය ගනන් ගන්න එපා.
මොකද නැට්ට පිටින් අලි මැරෙන්නේ බන්..

/බිඟුවා...!

Jayath Wijayakoon said...

ඕවා ගණන් ගන්න එපා මචන්.....ඔහොම උනාම හොදයි..තව තව ලියන්න....ඕක කියපු අයට වදින්නත් එක්ක තව තව ලියන්න...
මගේ සුභ පැතුම්

පිස්සා පලාමල්ල said...

තරහකාරයො ඉන්න තරම හොදයි මචන්. ප්‍රසිද්දියක් ලබෙනවනෙ

Kanishka said...

පේන්නෙ නැද්ද මේ මම :D දැං කොච්චර ප්‍රසිද්ධද :D
@ඉන්දරේ
ඇත්ත ඇත්ත :D

Kasun Nadeeshana said...

ගනං ගන්න. එපා ගගක ගමන ලස්සන වෙන්නේ ගල් පර බාධක වල වැදුනහම තමයි :D

දිගටම ලියන්න.

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න