web 2.0

Sunday, March 21, 2010

වැස්ස



ඉරිතැළුණු පොළොව,
කර්කශ සුළඟ,
නොහඬවන්නට,සනසන්නට,
පැමිණෙන්නට අවසරයි.....


සිහිල් සුළඟින්,
ගත විඩා විවාලන්නට,
සැලෙන දහදිය බිංදු,
ගොවියාගෙ සනසන්නට.....


හරිත පැහැ කෙත්බිම්,
තව තවත් දිදුලන්නට,
ගමම සරුසාර කර,
අප රටේ දියුණුවට.....


විහඟ නද අපේ,
දෙසවනට යොමුවන්න,
මුළු ගමට නව පණක්,
අපට දීලා යන්න.....



වේලෙන වී පැදුර,
පෑල දොරින් ගෙට ගන්න,
රෙද්ද හැට්ටය ඇඳන්,
තැවෙන ඇය සනහාලන්න.....


කෙළිලොල් පොඩිත්තන්ගේ,
තුටු මුහුණු දැකගන්න,
මැලවිලා ගිය දෙනෙත්,
නැවත යළි දිදුලන්න.....


සක්‍ර දෙවි නිරිඳුනේ,
ඔබේ නෙත් යොමුවන්න,
උදහසක් ඇත්නම්,
මට කමා වුව මැනව.....


හිරිපොද වැස්සකට,
මහපොළොව සිපගන්න,
දහඩියෙන් මුදවලා,
අපට සතුටක් දෙන්න.....



අවසරයි මහ වැස්ස,
ඔබට අප වෙත එන්න,
සරසමින් වළා ගැබ,
කළු වළා තීරයෙන්.....


ඝන වළා මේඝයෙන්,
ඔබයි ඔය පැමිණෙන්නෙ,
ඉක්මනින් පැමිණ ඔබ,
වස්සන්න ඔය කඳුළු බිඳු.....


බොහොම තුති මහ වැස්ස,
අද ගොහින් හෙට එන්න,
නැවත අමතක නොකර,
එන්න අපෙ දුක බෙදාගන්නට.....


අපෙ ගමයි පන්සලයි,
වැවයි රැක දීලා යන්ට,
වැස්ස ඔබ හැමදාම විත්,
අපට ජීවය දෙන්න.....

1 ප්‍රතිචාර:

බිඟුවා...! said...

ඔව් ඔව්...
දැන්නම් හිටියා ඇති

/බිඟුවා...!

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

There was an error in this gadget

පස්සෙන් එන්න