web 2.0

Friday, December 25, 2009

පහන් සිළුව....

අද මට අලුත් සින්දුවක් හම්බ වුනා.නිකමට වගේ අහල බැලුවා.සිංදුව තියෙන්නේ අපේ රට ජාතිය බේරගත්ත රණ විරුවන් ගැන.වීඩියෝ එක බලද්දී ඇහැට කඳුලක් ආව දන්නේම නැතුව.එයාල රට ජාතිය බේරගන්න තමන්ගේ ජීවිතේ පූජා කරා කියල දැනෙන විදිහට වීඩියෝ එක තියෙනවා.කොහොම උනත් මේ වෙනකොට ආයෙත් අපට නිදහස් රටක් හදල දුන්න රණ විරුවන්ව අපේ මතකයෙන් ටිකක් ඈත් වෙලා කියලා දැනෙනෙවා....ඔයාලත් සින්දුව අහලම බලන්නකෝ.... 




 බලන්න වීඩියෝ එකේ ඉන්න රණ විරුවා(ඇත්ත රණ විරුවෙක්ද දන්නේ නැ.)අර අතදරු ළමයව වඩාගෙන තමන්ගේ ජීවිතේ ගැන පවා නොසිතා කටයුතු කරන ආකාරය...ඇත්තටම මේ වගේ අවස්ථා ගොඩක් සිද්ද වෙන්න ඇති මේ යුද්ධය කාලේ.කොහොම උනත් ඒ තිත්ත අතීතය දැන් මතක් කරලා වැඩක් නෑ.නමුත් ඒ වගේ සේවයක් කරපු රණ විරුවන්ට කලගුණ සලකන්නටනම් ඕන...

සින්දුවේ නම පහන්සිළුව.සින්දුව කරලා තියෙන්නේ බෙටෘම්,නදීක සහ දුලීක කියලයි සින්දුවේ ටයිට්ල් එකේ තියෙන්නේ.....මම සින්දුව ගත්තේ එළකිරි එකෙන්...(බ්ලොග් එකට දාපු වීඩියෝ එකේ කොලිටිය අඩු කරන්න වුනා අප්ලෝඩ් කරන්න අමාරු නිසා....සමාවෙන්න ඕන ඒ වැරැද්දට. සින්දුව ගන්න ඕනනම් එළකිරි උඩ කොටන්න. )

6 ප්‍රතිචාර:

බිඟූ said...

ඔව් ඔව් .
අපි ඒකනම් අමතක කරන්න බෑ මචං කවදාවත්...


/නිශාන්ත

Ravimal said...

හ්ම්.. වීඩියෝ එක හිතට දැනෙන විදිහට හදලා තියනවා... බෙදාහදාගත්තට ස්තූතියි.

malee_msg said...

මේ සිංදුවේ සවුන්ඩ් නැද්ද අප්පා.. මට ඇහෙන්නේ නැහැ නේ... :(
රණවිරුවන්ව මතකයෙන් ඈත් කරවන්නේ එයාලගේම අය තමයි.!

Xpress (SiS™ ) said...

සමා වෙන්න සද්දේ මම බැලුවේ නෑ.ටග් ගාල හදන්නම්....

Xpress (SiS™ ) said...

ඔන්න හැදුවා

Anonymous said...

"පහන් සිළුව" - 2009 වසරේ හොඳම ශ්‍රව්‍ය දෘෂ්‍ය ගීතයට හිමි සම්මානය දිනාගනී

http://www.defence.lk/sinhala/PrintPage.asp?fname=20091029_04

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න