web 2.0

Saturday, December 26, 2009

ඒ අඳුරු දිනය......

අද දවස ලංකාවේ අපි හැමෝටම අමතක නොවන දවසක්.2004 දෙසැම්බර් මස 26 වෙනි ඒ අඳුරු දිනය ගතවෙලා අද දවසට අවුරුදු 5ක් ගෙවෙනවා.මමත් දකුණේ කෙනෙක් නිසා මෙහේ වුන දේවල් දැක්ක කෙනෙක්...එදා මගේ අත්දැකීම අද මගේ බ්ලොග් එකේ දාන්න හිතුන...
 එදා මම හිටියේ හික්කඩුවේ අපේ අම්මගේ මහ ගෙදර...නත්තල් දවසේ එහේ ගියේ නත්තල් සිරි බලන්න.25 වෙනිද හවස අපි (මායි,ලොකු මාමලහ අක්කලයි ඒ ලඟ ගෙදරක අක්ක කෙනෙකුයි.)හික්කඩුවේ නත්තල් සිරි නරඹල වෙරලට ගිහිල්ලා සෙල්ලම් කලා.පොටෝස් ගත්ත...
එදා රෑ මම නැවතුනා ලොකු මාමලහ.නැවතිලා ඊට පස්සෙන්දා උදේට බීච් ගිහිල්ලා නාල,අක්කගේ කඩේටත් ගිහින් එන්න හිතන් හිටියේ....
25 වෙනිද රෑ චූටි අක්ක පාඩම් කරන්න සෙට් උනා.මම ටීවී එක දාගෙන ෆිල්ම් එකක් බැලුව.කොහොම හරි නිදාගන්නකොට පාන්දර වෙන්න ඇති.
26 වෙනිදා නැගිටින්න හිතාගෙන හිටියේ කළින් නැගිටින්න.කොහේ නැගිටින්නද?උදේනේ නිදාගත්තේ...මම නැගිටිනකොට කොහොමත් 8.30 විතර වෙන්න ඇති.අක්කනම් බැන්නලු. :)කොහොම හරි මම ගිහිපු නිසා අක්කල දෙන්නෙක් පන්ති ගියේ නෑ.
ටික වෙලාවකින් මිනිස්සු දුවගෙන ආව.ඒවෙලාවෙත් මම හිටියේ ලොකු මාමගේ ගෙදර.(ගෙදර තියෙන්නේ කන්දක් උඩ.ඒ නිසා අවුලක් වුනේ නෑ.නමුත් මුහුද ගොඩ ගලනව කිව්වහමනම් මොකක්ද උනා වගේ.)
බය වුනා වුනත් මොනව කරන්නද?ගල් වෙලා වගේ හිටියා.මිදුලට වෙලා.
එහෙම ඉන්නකොට තමයි තාත්තයි බාප්පයි ආවේ.ඒ වෙලාවෙනම් මට ඇඬුනා.(හිනාවෙන්න එපා.ඒ කාලෙ මම 5 වසරේ.)ඊට පස්සේ ඒ දෙන්නත් එක්ක බයිසිකොලෙන් ගෙදර.


ඊට පස්සේ දවස් වල තාත්තගේ ඔපිස් එකේ තමයි තාත්තත් එක්ක.අම්මටත් ඩියුටි.කොහොම හරි දෙසැම්බර් 28 විතර තත්තත් එක්ක හික්කඩු යන්න සෙට් උනා.ආධාර වගයක් දෙන්න.ඒ ගමන් වාගනේ අංකල් කතා කළා පෙරලිච්ච කෝච්චිය බලන්න යන්න.කොහෙන්ද මන්දා රවුම් ගොඩාක් ගැහුවත් යන්න වුනේ නෑ.නමුත් සුනාමියට අහුවෙලා මැරිච්ච මිනී නම් දැක්කා.වතුර පෙවිලා ඉදිමිලා තියෙනව දැක්කහම එපා වෙනව.මමනම් වැඩිපුරම බිම බලාගෙන(වාහනේ ඇතුලේ.)හිටියේ.ඔහොම තමයි ඒ දවස් ගෙවුනේ....

විශේෂ ඉල්ලීමයි.....
අද දින සුනාමියෙන් මියගිය අය සිහිපත් කිරීම සඳහා පෙරවරු 9.25 සිට 9.27 දක්වා පවත්වන නිශ්ශබ්දතාවයට සහයෝගය දක්වන්න...

සුනාමි වීඩියෝ කිහිපයක්......(ඒ අඳුරු අතීතය.)









2 ප්‍රතිචාර:

malee_msg said...

අම්මෝ.. මේ දවස ගැන නම් මතක් වෙනකොටත් ඇඟ හිරි වැටෙනවා.

බිඟූ said...

mmm....
ow ow....

ape set ekakuth ahuuna. but goda giyaaa....

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න