web 2.0

Tuesday, December 8, 2009

හෙට......

හෙට පාසල් නිවාඩු දෙනවනේ.කොහොම උනත් ඒ ප්‍රවෘත්තිය අපේ ගොඩාක් අයට සුභදායක එකක්.මොකද දවස් වෙනකම් නිදාගන්න පුළුවන්නේ???
හෙට මගේ මතක හිටින දවසක් වේවි.මොකද හෙට මට දැනෙන සිදුවීම් දෙකක් වෙනව.
එකක් තමයි අපේ ICT උගන්නපු දනුෂ්ක සෙනෙවිරත්න සර් හෙටින් පස්සෙ වෙන ඉස්කෝලෙකට යනවා.සර්ගේ ගෙවල් නුවර එළියේ.ඒ පැත්තෙම ඉස්කෝලයක් ඉල්ලුවා කියලා තමයි කිව්වේ.අපේ ඉස්කෝලෙට සර් ආවේ විද්‍යාපීඨ පුහුණුවෙන් පස්සේ උගන්වන්න දාන පළවෙනි අවුරුද්ද වෙනුවෙන්.කොහොම උනත් සර් අපට ගොඩක් කිට්ටු වුනා.වෙලාවකට ගුරුවරයෙක්.තවත් වෙලාවකට හොඳ යාලුවෙක් වගේ.
ඉතින් හෙට අපේ ඉස්කෝලෙන් යන දනුෂ්ක සර් ට සුභ අනාගතයක්!.

මම කිව්වනේ හෙට මට මතක හිටින සිදුවීම් දෙකක් වෙනවා කියලා.ඒකෙන් එකක් කිව්වා.දැන් දෙවෙනි එක.ඒ තමයි හෙටින් මගේ ශිෂ්‍ය නායක තනතුර අහෝසි වෙනවා.අපේ කණිෂ්ඨ ශිෂ්‍ය නායකයෙකුට එක වරකට සේවය කරන්න පුළුවන් උපරිම අවුරුදු දෙකයි.11 ශ්‍රේණියේ ශිෂ්‍ය නායකයන් නැති නිසා 10 වසරේ එන අය අවුරුද්දයි.
මම මේ පදවිය ලැබුවේ 9 ශ්‍රේණියේදී.ඒ කියන්නේ 2008 වසරේ.මම හිතන විදිහට බොහෝම අවස්ථා වල මම මගේ උපරිමෙන්ම කටයුතු කලා.මෙ වගේ තනතුරකදි මම දරපු ආකල්පය තමයි,"අපට මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ අපි ඉගෙනගන්න තැනට වැඩක් කරන්න.වෙන කෙනෙකුට තියෙන අවස්ථාවක් තමයි අපට ලැබෙන්නෙ.ඒ නිසා අපි අපේ උපරිමෙන්ම සේවය කරන්න ඕන.නැතිනම් ඉල්ලන්නෙ නැතුව ඉන්න ඕන"කියන එක.
ඒ නිසා මම හිතනවා මම හොඳින් කටයුතු කලා කියලා.
මම ඕන තරම් කට්ට කාලා තියෙනවා.බොහොමයක් වෙලාවට අපේ 24 දෙනාගෙන් 5 දෙනයි 6 දෙනයි.නමුත් වැඩේ කලා.
ඉවසන්නම බැරි තැන අයිස් පප්පලාට ලෙඩේ ඇද්දා.කොහොම උනත් ඒ ඔක්කොම හෙටින් ඉවරයි.හෙටින් පස්සෙ ආයෙත් මම සාමාන්‍ය සිසුවෙක්.
ලබන අවුරුද්ද මට ගොඩක් වැඩ තියෙන අවුරුද්දක් වේවි.මොකද මම ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළට ලියනවා.කොහොම උනත් බොලොග් එක පැත්තේ පුළු පුළුවන් වෙලාවට එනවා.නිවාඩු කාලෙනම් පුළුවන් තරම් ලිපි ලියන්න තමයි හිතාගෙන ඉන්නේ.
ආදර කතාවක් ලිව්වා.ඒක කොටස් වශයෙන් පල කරන්නත් හිතිලා තියෙන්නේ.කොහොම නමුත් ඒක දානවද නැද්ද කියලා ප්‍රශනයක් නම් තියෙනවා.එහෙනම්,,,,,
                               නිවාඩුවෙන් පස්සේ හම්බෙමු!

2 ප්‍රතිචාර:

sanjeew said...

ශිෂ්‍ය නායක කමනම් හොදයි, කම්මැලි නැති උන්ට, නැත්නම් වැඩකරන අයට මාර කට්ටක් කන්න වෙන්නෙ, අනිත් උන් අයිස් ගහනකොට, අපේ කාලෙත් ඔහොම තමා මලයො, ගනන් ගන්න එපා ලෝකෙ හැටි කට්ටියක් වැඩකරනකොට කට්ටියක් බලන් ඉන්නවා.

Anonymous said...

වැඩියෙන් ලියන එක ගොඩක් හොදයි මම ඔයාගෙ බ්ලොග් එක හැමදාම
බලනවා.ප්‍රවුර්තිය වගෙ වචන හරියට හදාගන්න පුළුවන් නේද ?

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න