web 2.0

Wednesday, August 19, 2009

පරණ කොම්පියුටරේ

අප්පා අදනම් එපාම කරපු දවසක්.එපාම කරපු දවසක් කිව්වට අවුලකුත් නෑ.කොහොමින් කොහොමින් හරි මම අද මේ මගේ පරණ කොම්පියුටරේ නිසා කන කටු ටික ගැන කියන්නම්.මදි නොකියන්න රෑ 10.00 වෙනකනුත් කොම්පියුටර් දෙකක් ඉස්සරහ.මෙහෙමයි සීන් එක.


මගේ පරණ කොම්පියුටරේ [AMD SEMPRON 2200+,256 MB,32 MB,40 GB] අවුරුදු 4ක් විතර එක දිගට වැඩ කලා.කිසි ලෙඩක් නෑ.කොහොමහරි ඒක ලෙඩ වුනා.මැෂින් එක ඔන් කලාම ඔන් වෙනව රූප නෑ.මොනව කරන්නද බැන බැන ගලව ගලව හදනව.හැමදාම!මේකත් කරගෙන යන්තම් වැඩ ටික කරගෙන යනකොට ටිකදවසකින් ඒ බෙහෙත අල්ලන්නෙත් නෑ.මොනව කරන්නද?මම දන්න ඔක්කොම වැඩ කෑලි දැම්ම.මොකද මගේ කොම්පියුටරේ නෑ කියන්නේ මට අත් දෙක නෑ වගේ.හරියන්නෙම නැතිකොට අයියා කෙනෙක්ට පෙන්නුව.VGA කාඩ් එකේ PORT එක ලූස් කනෙක්ෂන්.රැම් ස්ලොට් වලත් අවුලක්.හදන එකනම් ෂුවර් නෑ.බෝඩ් එකට කෙළියක් කරගත්තොත් මොනව කරන්නද?මොකද බෝඩ් මම හදන්නයැ?හරියන්නේම නෑ.අන්තිමට තව අයියා කෙනෙක්ට දුන්න කරන්න පුලුවන් දෙයක් කරන්න කියල.හරි යන්නේ නෑ කියල තමයි කිව්වේ.පස්සෙ එහේ ගිහින් මැෂින් එක ගෙදර ගෙනාව.[හාඩ් එකයි පවර් සප්ලයි එකයි නැතුව]තිබුනත් මට වැඩක්යැ?


කොහොමහරි ඉස්කෝලෙ IT වලට ඕන නිසා තව එකක් ගත්ත.[Intel CORE QUAD 2.83 Ghz,4GB,1GB,500 GB] ඒ අතරේ පොඩි අදහසක් ආව ආයි පාරක් පරණ මැෂින් එක ගොඩ දාන්න ට්‍රයි එකක් දාන්න.[අදහසට ගොඩක් කල්]කොහොම හරි අද ගිහිල්ල පවර් සප්ලයි එකයි ගාඩ් එකයි ගෙනල්ල හයි කලා.ස්ටාර්ට් වෙනව රූප නෑ.නොදෝකින් කියල ආයි ගලවල VGA Card එකේ Port එක සුද්ද කරල ගැහුව.හරියන්නේ නෑ.Card වැඩද කියලා ෂුවර් නැති නිසා ගලවගෙන ගියා කඩේකට.


"අයියෙ VGA Card එක චෙක් කරගන්න ඕන"
"පොඩ්ඩක් ඉන්න මල්ලි"


හිටිය විනාඩි 10ක් විතර.මිනිහ යාලුවෙක් එක්ක කතාවක්.මොනව කරන්නද බලන් හිටිය.


"මල්ලි අපි ගාව PCI Express Board නෑ.මල්ලි මැෂින් එක ගේනවද?"
"හා,හවසට ගේන්නම්"


හවස ගෙනිච්ච.ටිකක් ඉන්න කිව්වා.RAM චෙක් කරල VGA කේස් එක බැලුව.
"මල්ලී මේකෙ VGA Port එක ලූස් කනෙක්ෂන්.මම හදන්නම්"
කියල ඇණයක් දැම්ම.වැඩේ හරි.අන්තිමට CMOS බැටරියත් දැම්ම.
දාල XP දාන්න හදන කොට මම කිව්ව "ඕක මම කරගන්නම්.කොහොමද ගාන?" කියල
"තුන්සිය පණහයි මල්ලි" :O
මොනව කරන්නද?අනාගත්තනම් කටේ තියාගන්න කියල මමත් ගෙවල ගෙදර ගෙනාව.[මටත් හොඳ වැඩ තමයි වෙන්නෙ]
දැන් මැසිම වැඩ Keyboard එක ගහල XP දැම්ම.චිකේ!පරණ Mouse එක වැඩ නෑ.අලුත් කොම්පියුටරේ Mouse එක ගලවලා යන්තම් ෂෙප් වුනා.ඊට පස්සෙ තව දාන්න Software තියෙනවනෙ ඒව කොහොමද ගන්නෙ?Setup Fileතියෙන්නෙ මගේ අලුත් කොම්පියුටරේ.මාර ගේමක් දුන්න.අන්තිමට කොම්පියුටර් දෙකට කරන්ට් ගන්න බෑ.


තාත්තට TV බලන්න ඕන නිසා Monitor එකට ගහපු වයර් එක ගලවල TV බලන්න දුන්න.දැන් තමයි TV බලල ඉවර වුනේ.මොනව කරන්නද ඇදපන් ගොනෝ ඇදපන් කියල එක Mouse එකෙන් මැෂින් දෙකේම වැඩ.


අනේ! මේ වගේ වැඩක් නම් කෙල්ලෙකුටවත් වෙන්න එපා.අපොයි!

15 ප්‍රතිචාර:

Indranama said...

පරණ මැෂිමෙන් Media Center එකක් හදපන් ! දැං ඒක තමා trend එක..
සමහරු අලුතින් මැෂින් අරං හදනවා.. සමහරු පරණ මැෂින් වලින් හදනවා.. :D

ශාකුන්තල | Shaakunthala said...

පරණ මැසිමෙන් මොන මොනවහරි එක්ස්පෙරිමෙන්ට් ටිකක් කරල අළුතෙන් දෙයක් ඉගෙනගමු. ඉලෙක්ට්‍රොනික් දන්නවනම් පෝට් ප්‍රෝග්‍රැමින් වලට පාවිච්චි කරන්න පුළුවන්.

නැත්තං ලිනක්ස් දාල ලිනක්ස් ගැන ටිකක් ඉගෙනගත්තොත් නරකද? :P

Xpress (SiS™ ) said...

මුලින්ම අයියලා දෙන්නට ස්තුතිවන්ත වෙන්න ඕන මං වගේ පොඩි එකෙකුගේ බ්ලොග් එකට ආවට.පරණ මැසිමෙන් ලිනක්ස් පැත්තේ රවුමක් දාන්න අදහසක්නම් තියෙනව.ඒත් මට තාම මැෂිම ෂුවර් නෑ.පස්සෙ බලමු.!

Rasika Nanayakkara said...

කොම්පියුටර් 2ක්ම තියෙන 1 අතාරින්න එපා. පරණ 1 තියෙන resources ඕනේවටත් වැඩියි ලිනක්ස් එක්ක සෙල්ලම් කරන්න. පුලුවන්නම් නෙට්වර්ක් කේබල් 1ක් හොයාගෙන කොම්පියුටර් 2 නෙට්වර්ක් කරගෙන ආතල් 1ක් ගන්න. ඒ වැඩෙන් ආතල් විතරක් නෙමේ, ගොඩාක් දේවල් ඉගෙන ගන්නත් පුලුවන්. නිකම් ඉන්නෙ නැතුව try කරන්න.

ජය වේවා...

චාමර said...

මම නම් කියන්නේ මීඩීයා සෙන්ටර් එකක් දාන්න කියලායි. ඒක මරු. ප‍ට්ට ආතල් එකක් ගන්න පුලුවන්.

Thilina said...

අළුත් මැසිමේ processor එක Q9550 ද? කීයක් වුනාද? පරණ මැසම අතාරින්න එපා. හදපන් මීඩියා සෙන්ටරයක්.

Kanishka said...

හික් හික්..... හොද පරන කොම්පියුටරේ :D
මම හිතුව අඩුම තරමෙ 486 එකක් වත් වෙන්න ඇති කියල..
කොම්පියුටරේ හදන්න 350ක් ගත්තු එක අසාධාරණ නෑ.. මොකද ඔයා ඒක දන්නව නම් එතනට අරන් යන්නෙ නෑනෙ.. :D

Anu said...

ලිනක්ස් දාල බලන්න..

ප්‍රියන්ත කරුණාරත්න said...

අලුත් එකයි පරණ එකයි දෙක network කරන එක කොකටත් හොඳයි.එතකොට setup file ගන්න අමරුවකුත් නෑ.network ගැන පොඩ්ඩක් ඉගෙන ගන්නත පුලුවන්.මමත් රට ඉන්න කාලෙ (සෞදි අරාබියෙ) කමරේ හිටිය යලුවෙක්ගෙ computer එකක් මගෙ computer එක එක්ක network කරල ගොඩක් දේ ඉගෙන ගත්තා.දෙකටම Internet ගන්නත් පුලුවන්.අලුත්ම "පරිඝනක" සඟරාවෙත් මේ ගැන විස්තර තිබුනා.

Madhawa Habarakada said...

අප්පේ. ඔය මැෂින් එක නම් ඕනෙ තරම් දේවල් කරන්න පාවිච්චි කරන්න පුලුවන්. මට නම් ඔහොම තිබ්බොත් මම නෙට්වර්ක් කරනව. තව තව එක එක දේවල් කරල බලනව. මම තාමත් පාවිච්චි කරන්නෙ ඔය මට්ටමේ කොම්පියුටරයක් රැම් එක ගිහින් 512 රැම් එකක් දාගත්ත. එච්චරයි. මම මේකට දෙන වද නම් කියල වැඩක් නෑ.

Xpress (SiS™ ) said...

ආවට ස්තුතියි කට්ටියට.ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා.අදහස් වලටත් බොහෝම ස්තුතියි!පරණ මැෂින් එකට ලිනක්ස් දාන්නම්.දාල නෙට්වර්ක් කලොත් වැඩ කරයිද කියලනම් දන්නේ නෑ.කොහොමත් මම එහෙම වැඩක් කලොත් කස්ටියගේ සපෝර්ට් එක නම් ඕන.

Xpress (SiS™ ) said...

@ තිලින_ඔව් ඔව්.Q9550 එකක්.ගානනම් මම ගන්නකොට රු.41000.00 ක් වුනා.උඹත් පාවිච්චි කරන්නෙ Q9550 ද?

Thilina said...

@EXPRESS

අම්මියෝ.... හොදයි හොදයි. අපි නං පුරාණ කාළේ E2140 (PD 1.6GHz) එකක් තමයි පාවිච්චි කරන්නේ.

ශාකුන්තල | Shaakunthala said...

නෙට්වර්ක් තමයි කියන්න අමතක වුණු කාරණාව. මමත් ලැප්ටොප් එක ගත්ත ගමන් ගෙදර පරණ මැසිමත් එක්ක නෙට්වර්ක් කරලා ගොඩක් දේ ඉගෙනගත්තා. Security ගැන ඉගෙනගන්නත් පුළුවන් එහෙම්මම.

@EXPRESS,
"...මං වගේ පොඩි එකෙකුගේ බ්ලොග් එකට ආවට.."

එහෙම කියන්න එපා මචෝ.. අපිත් පොඩි මිනිස්සු තමයි. :D
පොඩි එවුන් තමයි කවදහරි ලොකු වැඩ කරන්නෙ.

Xpress (SiS™ ) said...

@ ශාකුන්තල අයියා_බොහොම ස්තුතියි අදහස් වලට.ගින්දර වගේ තව තවත් Support එක ඕනා.

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න