web 2.0

Thursday, August 20, 2009

මගේ බ්ලොග් එකෙන් මම දැක්ක වින්ඩෝස් වැටිල්ල........

අපරාදේ කියන්න බෑ ඊයේ මම දාපු ආටිකල් එකට කමෙන්ස් ගොඩක් තිබුන.අමුත්තො එහෙමත් ඇවිල්ල තිබුන.ඉතින් මම ඒක දැන ගත්තේ මම මගේ බ්ලොග් එකේ දාල තියෙන කවුන්ටර්ස් වලින්.HISTATS එකෙන් දාපු කවුන්ටරේ හොඳට කවුන්ටින් විස්තර දෙන නිසා මම ඉතින් ආසාවට HISTATS ලොග් වෙලා බැලුව කොහොමද ආපු කට්ටියගේ විස්තර කියල.අමුත්තො ගැන විස්තර බැලුව Visitors ටැබ් එකට ගිහිල්ල ඒකේ browsers / os / lang මගින්.
__________________________________________________________


මම අහල තිබුන VISTA සහ INTERNET EXPLORER භාවිතය අඩු වෙනව කියල.ටිකක් දැනුනට මට එච්චර ගානක් වුනේ නෑ.


__________________________________________________________


අප්පට සිරි!මම ඔය උඩ කියපු විදිහට විස්තර බැලුවහමනේ වැඩේ හරියට සෙට් වුනේ.Web Browse වලින් INTERNET EXPLORER ට හම්බෙලා තිබුනේ 3 වෙනි තැන.පිළිවෙල මෙහෙමයි.


1.FIREFOX 3.0 [65.7%]
2.CHROME [15.9%]
3.INTERNET EXPLORER 7.0 [4.3%]
4.INTERNET EXPLORER 6.0 [4.3%]
5.INTERNET EXPLORER [3.9%]
6.FIREFOX 2.0 [3.4%]
7.OPERA [1.4%]
8.FIREFOX 1.5 [0.5%]
9.SAFARI [0.5]


වැඩේ කියන්නේ ඊයේ පෙරේද ආපු CHROME එකෙනුත් INTERNET EXPLORER බූට් එක කාල. ;)


දැන් කියන්නම් MICROSOFT WINDOWS VISTA මෙහෙයුම් පද්ධතියට වෙලා තියෙන වැඩේ.MICROSOFT WINDOWS VISTA භාවිතා කරන අය ගොඩක් අඩුයි.ඒ කියන්නේ VISTA ට බැරිවෙලා තියෙනව පරිගණක ටික අල්ල ගන්න.මෙහෙමයි තත්වෙ.


1.WINDOWS XP [71.6%]
2.VISTA [12.0%]
3.WINDOWS [8.7%]
4.LINUX [7.2%]
5.MAC OS X [0.5%]


මම කියන්නේ බොරු කියල හිතෙනවනම් බලන්නකො වැඩේ.


4 ප්‍රතිචාර:

ශාකුන්තල | Shaakunthala said...

මගේ බ්ලොග් එක සම්බන්ධයෙනුත් එම ම තමා.

Xpress (SiS™ ) said...

මෙහෙම ගියොත් නම් වලට දුක තමා

අනූ said...

මගෙත් ඔහොමම තමා හැබැයි පහුගිය ටිකේ IE පරදවා chrome උඩට ආවා. FF ඉතිං හැමදාම උඩ තමා.

Madhawa Habarakada said...

මගෙ සිංහල බ්ලොග් එකේ ස්ටැට්ස් බැලුවම නම් වැඩිපුරම කට්ටිය ඇවිත් තියෙන්නෙ FF 3.5 (40%) වලින්.
දෙවනියට ඉන්නෙ FF 3.0 (17%).
ඊළඟට Chrome 2 (16%), 3, MSIE 8 (6%),7,6.
මගෙ ඉංග්‍රීසි බ්ලොග් එකේ තත්වෙ වෙනස්. ඒකෙ උඩින්ම ඉන්නෙ FF 3.0 (26%).
දේවනුව Chrome 2 ත් (20%),
තෙවනුව ඉන්නෙ MSIE 7 (16%).
ඊළඟට MSIE 6 සහ Safari.

OS ගත්තොත් මගෙ සිංහල බ්ලොග් එකට ඇවිල්ල තියෙන අය 53%ක් Xp පාවිච්චි කරනව. දේවනුව Vista ත් තෙවනුව Win 7 ත් පාවිච්චිය. Linux ඉන්නෙ සිව්වෙනියට (8%).
ඉංග්‍රීසි බ්ලොග් එකට ඇවිල්ල තියෙන අයත් වැඩිපුරම පාවිච්චිය Xp (64%). දෙවනියට Vista (18%). තුනට Linus ඉන්නව (7%). Win 7 නම් පැත්ත පලාතෙ නෑ.

නම් වැටිල තමා නැති වෙන්න. ඒත් තාම වලට තැන තියෙනව වගේ.
අනිත් දේ තම කියන්න තියෙන්නෙ, ලංකාවෙ කට්ටිය වැඩිපුර, අළුත්ම සංස්කරණයට යන්න උත්සාහ දරණ බව පේනව.

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න