ඊයේ අපේ අයියා කෙනෙක්ගෙ මගුල් ගෙදරක් තිබුනා.හෝටලේක තමයි තිබුනෙ.කොහොමින් කොහොම හරි කට්ටියක් බීලා ගත්ත කාළකණ්නි ආතල් තමයි මේ.
මේ ලිපිය එක දාන්න හදද්ම මූණු පොතෙත් හොඳ රූප වගයක් දාල තිබුනා.ඒකත් ඔන්න.

මම මේ අරක්කු සහ සිගරට් බීම ගැන හිතන්නේ මෙහෙමයි.
කවුරු හරි බීලා බීලා ලෙඩ වෙනව.අතේ තියෙන පිච්චිය බොන්න වියදම් කරලා අතේ කීයක්වත් නෑ.අන්තිමට ඒ පුද්ගලයා ලෙඩ වුනහම දුක් විඳින්න වෙන්නේ ඒ මනුස්සයගේ බිරිඳට සහ ළමයින්ට.ඉතින් මේ වගේ කාළකණ්නි බීමක් නිසා වෙන්නේ අන්තිමට පවුලම නැත්තටම නැති වෙන එක.
අනිත් එක තමයි ඔය බීම නිසා ඒ ඒ පුද්ගලයන්ගේ දරුවන්ට විඳින වෙන ලැජ්ජාව.පොඩ්ඩක් හිතන්න.
"ඔය ළමයගේ තාත්ත නේද අර ඊයේ බීලා බීලා කාණුවෙ වැටිලා හිටියේ?"
"ඔය මනුස්සය නම් බොන එක විතරමයි කරන්නේ"
කියලා ඒ ළමයට ඇහෙන කොට ඒ ළමයට විඳින්න වෙන මානසික කලකිරීම.
ඉතින් ඒ ගැන හිතලාවත් අරක්කු බීම නවත්තන්න කියල මම මේ බ්ලොග් එකට එන සියල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා.ඒක ඔබටත්,ඔබේ පවුලටත්,රටටත් ලොකු පිනක් වෙයි.ඒ තත්වයට ඔබ එන්න සමත් වුනොත් මම දාන මේ ලිපියටත් වටිනාකමක් වෙයි.
මේ ලිපිය නිසා යමෙකුට අපහාසයක් වේ නම් සමාව ඉල්ලා සිටින අතර,මත්පැන් වලට මාගේ ඇති දැඩි අප්‍රසාදය නිසා නොගැලපෙන වචන භාවිතා වූයේ නම් සමාවන්න.
2 ප්‍රතිචාර:
ලංකාවෙ විවාහ මංගල උත්සව වල වෙන්නෙම ගොංපාට් තමයි.
ඝෝෂාව - මත්පැන් - වලි
මම නම් ඔය ජාතියෙ එකකට ගියාම කල්පනා කර කර ඉන්නෙ කොයි වෙලාවෙද එළියට පැනගන්නෙ කියල.
hondai..hondai..mamath shakunthalage adahasata ekagai!
Post a Comment
ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...