web 2.0

Wednesday, May 25, 2011

කරලියට වැඩි අලුත්ම රජ කුමරා

කොපි කඩේ අපේ කස්ටිය එක එක මාතෘකා ගැන එක එක සීන් දැම්මනේ.අද මං පොඩ්ඩක් ට්‍රැක් එක පැන්නා.වාහන වලට ආස අයට ඔන්න මේ පෝස්ට් එක ලියන්නේ .අනිත් අයත් කියවන්න සමහර වෙලවට මේක කියෝලා කලන්තෙ එහෙම දායි.


දවස් වල නම් අපේ ලංකාවෙ මිනිස්සුන්ට බඩගින්නට කාර් කාපල්ලා කියලා කාර් වල වැට් ද මොකක්ද එක අයින් කරල තිබ්බනේ. ඉතින් ඔන්න දැන්නම් ආයි ඒකට වැඩේ සරි.ඒත් ඉතින් ඔයාලට පුලුවන් නම් ගන්න.
කාර් ලෝකයේ ඉන්න ආඩම්බරකාරය, ඒ වගේම ඩීසන් ගනංකාරයා තමා මෙයා.ගරු සරු ඇතුව කියනවනන් බෙන්ස් (BENZ)පවුලේ අලුත්ම පුත් රුවන Mercedes-Benz S-Class ගැන පොඩ්ඩක් කියන්නම්. බලන්නකො මෙයාගෙ වැඩ කිඩ.
                                                                                                              ජර්මනියේ ඉපදුන මේ කොල්ලගෙ නමේ තේරුම තමා "විශේෂ පන්තිය" කියන එක.ජර්මන් වලින් කියනවනම් "Sonderklasse". මේ හැඩකාරයගෙ තියන විසේසම ගුය වෙන්නෙ මෙයා අතිසයින්ම පරිසර හිතකාමි රථයක් වීමයි.තේරෙන්න කියනවනම් මේක Eco Friendly වාහනයක්.URO 5 කියන සුවිශේශි තාක්ශණයට නිපදවල තියන මේ කාර් රාජයගෙ පහසුකම් දිහා බැලුවම මේකෙ මොනවද නැත්තෙ කියලා හිතෙන තරම්.ABS බ්‍රේක් පද්ධතිය ,ඉදිරිපස හා පිටුපස වා බැලූන 16 ක් ,අධි ප්‍රබල හැලජන් ලාම්පු,ඝර්ශනය අවම කරවන anti fiction system,රිය පදවන ගමන් රයේ සියලුම කොටස් පාලනය කල හැකි tip tronic system,leather seats with intelligent temp controllers,surround sounds වගේ එකි නොකී මෙකී හැම දෙයක්ම මේකෙ තියනව .




වැට් බද්දෙ ගැස් බැහැපු කාලෙ මෙයාගෙ ගාන මිලියන 35-40ක් විතර උනා.එත් දැන් වැට් වලට පින් සිද්ධ වෙන්න මෙයා මිලියන 55 ක් විතර වෙනවා. ලංකාවෙ ගෙන්වා බෙදාහරින්නේ කොළඹ12 ජේතවන මාවතේ පිහිටි ඩිමෝ ආයතනය විසින්.ඉතින් ඔයාලත් ට්‍රයි කරල බලන්න මෙයාගෙ ගාම්හීර අයිතිකාරයෙක් වෙන්න.

17 ප්‍රතිචාර:

සාතන් said...

අද හවසට ගිහින් සල්ලි බැඳල එන්න ඕන.... ;)

Anonymous said...

කයිරන් එක තමා මගේ හීනේ. පොඩි මොඩිෆිකේෂන් ටිකක් කරාම එලම එල.

Pasan Kavinga said...

සාතන් මචන් මං කිව්වෙ පිටකොටුවෙ තියන බැට්‍රි දාන බෙන්ස් ගැන නෙමේ ඔරිජිනල් බෙන්z ගැන

පිණිබිඳු... said...

හීනෙන් තමා

Praසන්ன said...

මේකේ ලයිට් එකක් කීයක් වෙනවද දන්නෑ.

Yaminda said...

මේකට නම් හැප්පුනත් සැපයි
අර විනිල් මැණික් ගෙ පුතා මැරුණෙත් මේ ජාතියෙ එකක ගිහිල්ල නෙව

හිස් අහස said...

ආත්ම හතක් සල්ලි එකතු කලත් මටනම් බැරිවේවි මෙයිං එකක් ගන්න !

සුපර් මාරියෝ said...

//රිය පදවන ගමන් රථයේ සියලුම කොටස් පාලනය කල හැකි tip tronic system//

මේක තේරුනේ නැ නේ.... :-(

පන්සල් හංදිය said...

ලංකාවට ගැලපෙන්නෙ නැති නිසා මම අදහස අත් ඇරියා ......

Pasan Kavinga said...

tip tronic system කියන්නෙ මාරියෝ ඉස්සරහ තියන කොන්ට්‍රොල් පැනල් එකෙන් මුලු රථයම පාලනය කරන්න පුලුවන් සිස්ටම් එකක් tip tronic
කියන්නෙ අතේ දුරින් හැම දේම
ඔව් ඔව් මේකෙ හැප්පුනත් සැපයි
අහ් කියන්න අමතක උනා මේක දැන් පෙට්‍රල් සහ ඩීසල් මදිලි 2න්ම එනවා.

සුපර් මාරියෝ said...

මම අහල තියන විදියට ට්‍රිප් ට්‍රොනික් කියන්නෙ ගියර් පද්ධතිය සම්බන්ධ දෙයක්.. සුවදා කිව්ව එකට කියන්නේ වෙන නමක්.. මට දැන් නම් ඒක මතක නැ..

කොහොමත් ඉස්සරහ තියන ඒවලින් නොවැ රථයම පාලනය කරන්නේ.. නැතුව ඩ්‍රයිවර් පස්සට යන්නද මොකක් හරිඕන උනාම... :D :D :D

Pasan Kavinga said...

සූටි කොලුවගෙ අතින් පොඩි වැරදීමක් වෙලා ඉතින් මෙක කියෝන හැමෝම මන් වෙනුවෙන් සමාව පොඩ්ඩක් බාජනයකට දාන්න. tip tronic system කියන්නෙ ගියර් පද්දතියක් තම මරියෝ වැරැද්ද පෙන්නුවට තැන්කූ ලාවට දැනගත්ත විදියට පූර්න ස්වයන්ක්‍රීය ගියර් පද්දතියක් නමුත් සමහර තත්ව වලදි මනුවල් වෙනව(ලු.)

සුපර් මාරියෝ said...

අපිට කැමති වෙලාවට ස්වයංක්‍රීය සහ කැමති වෙලාවට මැනුවල් මාරු කරන්න පුලුවන් ගියර් පද්ධතියකට තමයි ට්‍රිප් ‍ට්‍රොනික් කියන්නේ...

http://www.youtube.com/watch?v=U_yPz3cVhuo&feature=related
මේ වීඩියෝ එකේ තියනවා කොහොමද මැනුවල් ‍ගියර් මාරු කරන්නේ කියලා...

Soda ගුනේ said...

මම නම බලන් ඉන්නේ ලෝකේ හොදම වාහනේ එනකම්... කොහෙද අද එකක් ආවොත් හෙට ඊට වඩා හොද එකක් එනවනේ.... දුක තමයි....:D

මාතලන් said...

70 ට වැඩියෙන් ගියොත් පොලොසියෙන් අල්ලන්නෙ නැතිනං මටත් එකකට ඇඩ්වන්ස් කරපං...

අපරාජිතයා :::: Aparajithaya said...

මාත් ඕඩර් කරන්න ඕනා එකක් ගන්න දැන්ම නැත්නම් ඉවර වේවි.... :D

Anonymous said...

ෂ්.... කෑගහන්න එපා බොලව්. මම මේ සනීපෙට හීනයක් බලනගමන් !

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න