web 2.0

Monday, May 30, 2011

"බුදු හාමුදුරුවො වැඩියා වාගෙ"


ගොඩ කාලෙකින් කෝපි කඩේට කතාවක් ලිව්වෙ නෑනෙ.මගෙ බ්ලොග් එක අප්ඩේට් කලෙත් මේ ඊයෙ.අනේ මන්දා ලියන්න දේවල් හිතට ආවෙ නෑ.කොහොමින් හරි ඒ කතාව පැත්තකින් තියමුකෝ..මන් ආස කරන සින්දුවක් ගැන ලියන්නයි හදන්නෙ.ම්ම්..සින්දුව තමා සනත් නන්දසිරි මහතා ගායනය කරන බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි කියන සින්දුව..අම්මා කෙනෙක් ගෙ ආදරේ වගේම තමන් කල වැරදි ගැන පසුතැවෙන පුතෙකුගේ කවි සිතුවිල්ලක් වගේ..හිතට දැනෙන සින්දුවක්.මේක ගැන ලියන්න කියලා අදහස දුන්නෙ මගෙ ලඟින්ම ඉන්න මන් ගොඩාක් ගරු කරන අයියා කෙනෙක්.


"බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ
දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගෙ මරණ දිනේ
මගෙ අම්මා වත් දොර‍ටුව අද්දර හිටියද කියනු මැනේ
මා ගෙලලූ බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ

අනේ ස්වාමිනි මා ගෙල ලන්නට ඉඩ නම් දෙන්න එපා
ගෙලවැලලූවොත් මගෙ මළ කඳ අම්මට පෙන්නන්න එපා
ඇතිදා ලඟ උන් මිතුරන් මතු සසරෙදි හමු වෙන්න එපා
නැති දා ලඟ උන් බුදු අම්මේ නුඹ දුක් ගිනි ගන්න එපා

බුදු හාමුදුරුවො....

නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනක සමා
මරණයෙ දොරකඩ සිට ඔබ පා යුග සිඹ සමු ගනිමි මෙමා
කෙලිලොල් කම් කෙරු මා සතු දිවිමග දැන් දැන් වේවි නිමා
මරණ බයක් නෑ අම්ම සිහිවෙයි........................................

බුදු හාමුදුරුවො වැඩියා වාගෙ පින්බර ස්වාමිනේ
දුක හිතිලයි මා හිරගෙට ආවෙ පුතුගේ මරණ දිනේ
දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ
මතු උපදින දා මගෙම පුතු වෙයන් හොඳ මිනිසකු ලෙසිනේ.."


වැරදි යාලුවො නිසා තවත් කෙනෙක් ගෙ දිවි උදුරගත්ත පුතෙක් මරණ දඬුවම විදින්නට මොහොතකට පෙර වැඩම කල ස්වාමින් වහන්සේ කෙනෙකු අබියස වැඳ වැටෙන හැටිත් අම්මා කෙනෙක් ගෙ අපිරිමිත දාරක ප්‍රේමයත් හිත තුල සිත්තම් කරන්නට මේ පද පෙල සමත්..පුතු තමන්ගෙ වැරදි ගැන පසුතැවුනත් ඒ වැරදි හදාගන්නට ඔහුට ඉඩක් නැහැ,මතු බවයෙ වැරදි යහලුවන් නම් ලැබෙන්න එපා කියලා ඔහු ප්‍රාර්ථනා කරනවා.මේ සිදුවීම ඇත්තටම අපේ සමාජයේ දකින්න පුලුවන් නේද?වැරදි යාලුවො නිසා අදටත් මහ උලු ගෙදර තනි වෙලා ඉන්න අය කී දෙනෙක් නම් ඇත්ද?ඒ අය වටා හිටිය යහලුවන් යැයි කියාගත්තවුන් අතහැර යද්දි අම්මා ඒ දරුවට ආදරේ කරන හැටි හරි පුදුමයි.කොයිතරම් බැන්නත් ගැහුවත් පුතෙක් වැරදි කලත් අම්මා කෙනෙක් ඒ දරුවව අත් හරින්නෙ නෑ,ඒ කතාත් මේ පැදි පෙලේ අවසානය වගෙමයි..

"දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ
මතු උපදින දා මගෙම පුතු වෙයන් හොඳ මිනිසකු ලෙසිනේ."

මොන වැ‍රැද්ද කලත් අම්ම කෙනෙක් තමන්ගෙ දරුවව අත අරින්නෙ නැහැ..ඒ නිසාම ගොඩාක් ප්‍රශ්න වලදි මං අඬා වැටෙන්නෙ අම්මා ගාව..ඒ වගේම තවත් කෙනෙක් ගෙ ලේ තමන්ගෙ අත්වල ගාව ගන්න තරම් නපුරු උන මේ පුතා අම්මගෙ සෙනෙහසට ආදරේ කරන හැටි?කොයි සෙනෙහසටද පුලුවන් ඒ තරම් නපුරු වුන තද හිතක් අඬවන්න.අම්මගෙ සෙනෙහසට විතරමයි..මරණයට බය නැති උනත් මේ ලෝකෙන් මිදෙන්න බැරි එකම බැම්ම අම්මගෙ ආදරේ..ඇසට කඳුලක් එක්කරන රූප රචනයකින්ද මේ ගීතය පොහොසත්.(පසු කාලීනව නිපැදවූ රූප රචනයක් විය යුතුයි)..මේ ගීතය රසවිඳපු මේ ගීයට ආදරේ කරන ගොඩාක් අය ඇති..ඉතින් ඒ අය වෙනුවෙනුත් නොබලපු කෙනෙක් ඉන්නව නම් ඒ අය වෙනුවෙනුත් තමා මේ ලිපිය ලිව්වෙ.මට විස්වාශයි ගොඩ දෙනෙක් මේ ගීතයට ආදරේ කරාවි.

17 ප්‍රතිචාර:

කිඩෝ said...

බොක්කටම වදින සින්දුව..... පට්ටයි....

Bindi said...

අම්ම ගැන නම් කියවන්න බැහැ අඬන්නේ නැතුව. කොච්චර වැරදි කලත් අම්මගේ හදවත තුල දරුවෙක්ට තියෙන ඉඩ නැති වෙන්නේ නැහැ.. කියල වැඩක් නැහැ. ස්තුතියි මේ ගියට

තාරක Dilsh@n said...

ඔය ටික කිව්වත් අම්ම කොච්චර විඳවනවා ඇත්ද..

කොට ජීවිතේ said...

මම ආසම සිංදුවක්.....

රත්ගමයා said...

සිංදුව මරු...අහන් ඉන්නකොට ඇත්තටම හිතන්න පුලුවන්

Observer said...

100+

ශාන්..... said...

මන් ආසම සිංදු වලින් එකක්.....මාරම විදියට වදිනවා

මාතලන් said...

ඔය ගීතය වගේම සනත් නන්දසිරිගේ බෝ මළුවේ මල් සුවඳක පැටලී කියන ගීතයත් මගේ ප්‍රියතම ගීත අතර.. අද කිව්වොත් එහෙම සනත් නන්දසිරි දේශද්‍රෝහියෙක් කියයි..

සුවඳා said...

පට්ටයි

රොබින් said...

වදින ගීතයක්.

පිණිබිඳු... said...

සින්දුවෙ අදහසත් එක්ක විෂුවල් එක මාර විදිහට වදිනවා.

රවින් said...

මම මේ සින්දුව අහලා තිබුනට අද තමයි තේරුමත් එක්ක හරියට ඇහුවේ... පිස්සු හැදෙනවා. දැන් මේ වගේ සින්දු හැදෙන්නේ නැත්තේ මොකද මන්දා... අපේ අධ්‍යාපන ක්‍රමයේ වැරැද්දක්වත්ද????

නෙත්පානි... said...

හදවතට වදින ලස්සන සිංදුවක්
:)

කුරුං ගුරුං said...

මේ සින්දුව කලිනුත් ඇහිල තියෙනව මිසක් අහල නැහැ...ඊයෙත් මම සින්දුව ප්ලේ වෙන්න දැම්මම ඇහුන.අද මම සින්දුව වින්දා.ඇත්තටම මගේ හිතටත් අදහස් ගොන්නක් කඩාගෙන ආව....වෙලාවකට විචාරයක් ලියන්නත් ආස හිතුන...මේ සින්දුවට නම් පිටු 4 කටත් වඩා ලියන්න පුලුවන් වෙයි.....

ම්ම් කොහොම උනත් වටින,ලස්සන,මනුස්සයන්ට මනුස්සකම මතක් කරන,හරිම සංවේදී සින්දුවක්....ලේසියෙන් කෙනෙක්ට පේන්නේ නැති කෝනයකින් සින්දුව ලියලා තියෙනවා...

ඇත්තටම කොච්චර දරුණු හිතක් තියෙන කෙනෙක් උනත් අන්තිමට පෝරකේට නගිනකොට මෙල්ල වෙනවා කියලා හිතෙනවා.එක අතකින් තමන්ට තමන් කරපු වැරැදි අවබෝධ වෙන්නත් මේ වගේ තත්වයක්ම එන්න ඕනේ...

අම්ම කෙනෙක්ට තමන්ගේ පුතා එල්ලුම් ගහට නියම උනා කියල දැනගන්න වුනහම කොච්චර දුකක් එනවද?තමන්ගේ ඇහැක් වගේ හදන පුතාට අන්තිමට එහෙම ඉරනමක් අත්වෙන දවස එනකොට අම්මට මොන වගේ සිතිවිලි එනව ඇත්ද?මටනම් හිතාගන්න බැහැ ඒක.

සින්දුවේ හැටියටනම් මැරෙන කෙනා වැරැද්දක් නැතුවයි මැරෙන්න යන්නේ.වැරැද්දක් ඇති කෙනෙක් උනත් නැති කෙනෙක් උනත් අන්තිමට ආගම සහ තමන්ගේ දෙමාපියන් තමා මතක් වෙන්නේ.ඒක මේ සින්දුවෙනුත් පෙන්නලා තියෙන්නේ...

රවීන් කිව්වත් වගේ අද මේ වගේ සින්දු නැති එක නම් ලොකුම පාඩුවක්.මනුස්සයන්ට මනුස්සකම නැති වෙන්න එක හේතුවක් මේක.හැමදාම කොංක්‍රීට් වනන්තර අස්සේ හිර වෙලා ඉන්න මිනිස්සුන්ට බෙර පැලෙන,කං අඩි පුපුරන සද්ද තියෙන,තේරුමක් නැති සින්දු වෙනුවට හැදෙන්න ඕනේ මේ වගේ සින්දු.එතකොට තමයි පොඩි එක්කෙනෙකුට උනත් ඒ ගැන හිතන්න පුරුදු වෙලා එයා යාන්ත්‍රීකරණය නොවූ මිනිසෙක් බවට පත් වෙන්නේ....

මේ සින්දුව පල කලාට කඩේ හාමිනේට තැන්කිව් වේවා!තව තවත් මේ වගේ සින්දු ගැන කියන්න.....

කුරුං ගුරුං said...

මමත් හෙට අනිද්දම අම්මගේ ආදරේ ගැන මගේ අත්දැකීමෙන් ලිපියක් ලියන්නම්කෝ...

අපරාජිතයා :::: Aparajithaya said...

සිරාම සිරා සින්දුවක්...

කල්හාර දිසානායක said...

ආදරයේ උල්පත වූ අම්මා .........
ජීවිතේ අම්මා කියන මේ බැඳීමටත් තිත තියන සමහර ගෑණු ඉන්නවා ..

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

There was an error in this gadget

පස්සෙන් එන්න