web 2.0

Wednesday, May 25, 2011

සිහින හොරු අරං...


මං මේ කියන්නෙ නම් ඇත්තටම වුණ දෙයක්. මීට සති 2කට 3කට කලින් අපෙ කැම්පස් 1කේ. මං ඉන්නෙ කොළඹින් ගොඩක් ඈත තියෙන කැම්පස් එහෙක. දෙවන වසරේ තමයි මං ඉගෙන ගන්නෙ. කොළඹින් දුර පිහිටි නිසා ද කොහෙද මේකෙවෙන දේවල් බොහෝ අය දන්නෙ නෑ. ඒක නිසා මං වුණ පොඩි කතාවක් කියන්නම්.
කවුරුත් දන්නවනෙ, ඕනම කැම්පස් එහෙක අලුතින් එන පොඩිවුන් ටිකට ඒ කැම්පස් එකෙ අයියල අක්කලා ටික Night 1 ක් දෙනව කියලා. ඒකට කියන්නෙ Freshers Night ඉතින් ගිය පාර ආපු පොඩිවුන් ටිකව පිළිගන්න තිබුනෙ අපිට.
පොඩි එවුන් එන්න මාසයකටත් කලින් විතර තමයි අපි මේකට සූදානම් වුනේ. මොකද දැන් කාලේ හැටියට night 1 ක් දෙනවා කියන්නෙ ලේසි පහසු වැඩක් නෙමෙයිනේ.
අපි ගොඩක් අමාරුවෙන් තමයි සල්ලි හෙව්වේ. නුවර වැව වටේ රවුම් කීයක් යන්න ඇද්ද.... අනුරාධපුරේ නොගිය කඩයක් නැතුව ඇති ඇඩ්ස් හොයලා.
මේ රාත්‍රියට ආධාර පිණිස අපි නාටයකුත් පෙන්නන්න හැදුවා. ඒත් අපෙ අවාසනාවකට අපිට ඒක පෙන්නගන්න බැරිවුණා. මොකද නාටය පෙන්නන්න ඔන්න මෙන්න කියල තියල කැම්පස් එකේ ඉහල පු‍ටු කියුවා මේ නාටය පෙන්නන්න දෙන්න බෑ කියල.
අපිත් හරිම ආසාවෙන් හිටියෙ මේ නාටය බලන්න. ටිකට් ගත්ත මිනිස්සුත් ඇවිල්ලා පාරේ හිටගෙන ඉන්නවා. ඇත්තටම නාටය කණ්ඩායමත් ඇවිත් කොළඹ ඉදලා. දැන් කොහොමද මේ අයව ආපහු හරවල යවන්නේ. ඉතින් අපි හැමෝම එකතුවෙල මේ ගැන ලොකු පු‍ටුවලට කියුවා. එත් අපෙ හිත්පිත් නැති පු‍ටුවලට ළමයින්ගෙ හැගීම් තේරුනේ නෑ. එයාලා කියුවෙ ඉහලින් ආපු නියෝග කියල.
ඉතින් දැන් මොකද කරන්නේ...... අපේ සහෝදරයො කොහොම හරි මේ මිනිස්සුන්ව පිටත් කරල ඇරියා. ඒ අය හිතනව ඇති අපි නාටයක් පෙන්නනව කියල ටිකට් ගහලා ඒ අයගෙන් සල්ලි අරගත්තා කියලා. මොනව වුනත් ඒ ආපු නාටය කණඩායමට සල්ලි දෙන්නත් ඕනනේ...
මොනව වුනත් මේ වුනදේ කොහොමද ඉවසන්නේ..... අපේ සහෝදරයො වැඩේ අත ඇරියෙ නෑ. හැබැයි වඩේ ටිකක් දුරදිග ගියා. ඒ ගැනනම් මං වැඩිය කියන්න කැමති නෑ.
ඉතින් කොහොම කොහොම හරි කාලය ගෙවිලා ගියා. ඒත් අපිට දුකයි අපේ පොඩිවුන් ටිකව පිළිගන්න බැරිවුන එකට. මොනව වුනත් මේ විදියට night 1ක් දෙන එක අපේ කැම්පස් එකේ සම්ප්‍රදායක්. ඉතින් අපි ආයෙමත් කතාකරගත්තා කොහොම හරි සල්ලි හොයාගෙන මේ පොඩිවුන් ටිකට සතු‍ටුවෙන්න අවස්ථවක් ලබලදෙන්න. මොකද අපිත් ආපු මුල්ම දවස්වල අපෙ අයියල අක්කලත් මේ විදියටම night 1ක් දීලා අපිව පිළිගත්තනේ. අපි ලබපු අත්දැකීම් අපෙ පොඩිවුන් ටිකත් දෙන එක අපේ යුතුකමක්නෙ...
මේ පාරත් අපි කොහොම කොහොම හරි සල්ලි හොයාගත්තා. ඒ සල්ලි අපි වියදම්කරල ආරාධනා පත්‍ර, පින්තූරගන්න ලස්සන පසුබිම් තව ගොඩක් දේවල් අපේ අතින්ම අපි නිර්මාණයකරා. කිසිම දෙයක් එක එක තැන්වලට කියල නෙමේ, අපේ අතින්ම සෙනසුරාද ඉරිදා දිවා රෑ කියල බලන්නෙ නැතුව අපේ ශ්‍රවනාගාරය විතරක් නෙමේ එ අවට හැමතැනම සැරසුවා. කන්න බොන්නයි, සංගීත කණ්ඩායමයි විතරයි අපි පිටින් ගේන්න සැලසුම් කරල තිබුනේ............ ඒ විතරක් ද night 1ක් එකක් වුනාම ලස්සනට අදින්නත් ඕනනෙ. ඉතින් ළග ඉන්න ගැහැණු ළමයිවගේම ගොඩක් ඈත ඉන්න ළමයිනුත් ලස්සන ලස්සන සාරි , ඒවට හරියන පාට පාට ආභරණත් ගෙනැල්ල යන්න සූදානම් වෙලයි තිබුනෙ.
ඉතින් අපි ඒ හීන දැකපු දවස උදාවුනා. කට්ටියම හරිහරියට ලෑස්තිවෙනව යන්න. සාරියක් පටලවගන්නව කියන එකත් ලේසි වැඩක් නෙමෙයිනේ. මොකද අපි හැමදාම සාරි අදින මිනිස්සුයැ........... 4.30ට විතර හැමෝම ගියා. අපේ සහෝදරයො ටිකත් ෆුල් කිට මරල ඇවිත් ඉන්නව මාරම ගති. සංගීත කණ්ඩායමත් ඇවිත් සූදානම් වෙනව.
අපිටවත් හිතාගන්න බැරිවුණා මේ අපේ faculty 1 මද කියලා. මොකද ඒ තරමටම ලස්සනයි.
හරියටම කොළඹ හෝටලයක් වගේ. මේ හැමදෙයක්ම අපේ අතින්ම කරපුව නේද කියල මතක්වෙනකොට ඊට
වඩා සතු‍ටුයි.
දැන් හැමෝම රවුම් රවුම් හැදිල කතාකරනව. මේ අතර අපිට පෙනුනා පොඩි කලබලයක් වගේ.
සහෝදරවරු ඉන්නෙ හරිම කලබලෙන්. ඉතින් අපි බැලුව මොකද මේ කියල. ඔය අතරෙ අපිට ආරංචියක් ආවා
අද නෑ, හැමොම ආපහු hostel යන්න කියල. අපි කාගෙ හරි විහිලුවක් කියල වැඩිය ගනන්ගත්තෙ නෑ
එක පාරටම light off වුණා. දැන් හැමෝම යන්න. ඒතමයි අපිට ඇහුන දේ. අපිට මාරම දුකයි. ඊටත් වඩා පුදුමයි.
මේ හැමදේම දාලා එක පාරටම යන්නෙ කොහොමද... ළමයිගෙ phoneවල එළියෙන් තමයි අපි හැමෝම අයෙම
ආවෙ.
ඊට පස්සෙ වුණ දේවල් මං ඇත්තටම කියන්න කැමති නෑ. මොකද ඒ ගැන මතක්කරන්නවත් මං කැමති
නෑ. අපි හැමොම ඇඩුව. හැමෝගෙම ඇස්වල කදුළු.
අපේ ඒ හීනෙත් එළිවෙන්න ඔන්න මෙන්න තියල නැතිවෙල ගියා. සති අන්තයේ මට පන්තියක් තිබුන
නිසාත් Party කියන සංකල්පයට මං පෞදිගලිකව වැඩිය කැමති නැති නිසාත් මං ඒකට සහභාගිවුනේ නම් නෑ.
ඒත් මේ විදියට අපේ හීන බිදල දාන එක කොයිතරම් නම් සාධාරණද.........

9 ප්‍රතිචාර:

පිණිබිඳු... said...

මෙහෙම වෙන්න හේතුව මොකද්ද? නයිට් එකක් දෙනව කියන්නෙ සාමාන්‍ය දෙයක්නෙ. ඇයි ඒක නැවැත්තුවේ.

සුපර් මාරියෝ said...

ඇයි හත්තිලව්වෙ නැවැත්තුවේ...?? කුතුහලය තියල කතාව නවත්තලා

ඔච්චර ඔක කියන්න අකමැති නම් ඇයි කිව්වේ...???

Unknown said...

පිණිබිදු...-
එකනේ අපිටත් හිතාගන්න බැරි. මේ හැමදෙයක්ම කරේ අපි අවසරගන්න ඕන තැන්වලින් අවසර අරගෙන. Night 1 පටන්ගන්න ඔන්න මෙන්න තියල ඕක තියන්න එපා කියන්නෙ නැතුව අඩුම ගානේ එදා උදේවත් කියුවනම් හිත හදාගන්න තිබුනා.....

සුපර් මාරියෝ...-
ඊට පස්සේ ඉතින් මොනව වෙන්නද... හැමතැනම වෙනදේ තමයි වුනේ. අපේ සහෝදරයො ගියා අර දුකේදි හැමතිස්සෙම පිහිට වෙන බෙහෙත බොන්න. අපි hostelවලට වෙලා හොදටම ඇඩුවා. ඒ අතර ඉහළ පු‍ටුවල ඉන්න අයගෙ අම්මල තාත්තලත් මතක්කරා.

ඒත් පහුවෙනිදම අපි කරන්න ඕන හැමදේම කරා. නමුත් අපි කවුරුවත් රණඩුවෙන්න ගියෙනැ. මොකද ඒකෙත් පාඩුව අන්තිමට අපිටමයි කියල දන්න නිසා.

සුපර් මාරියෝ said...

මොකද්ද උනේ... ඇතුල් කතාව..?

අපරාජිතයා :::: Aparajithaya said...

අනුරාධපුරෙයි නුවර වැවයි සම්බන්ධ කරලා තියෙන නිසා මචං උඹ අනිවා Pere Agree සෙට් එකේ වෙන්න ඕන මයේ හිතේ..... වැරදිත් ඇති සම්ටයිම්ස්, බට් ඔය Pere තරම් සක්කිලි ලේක්චර්සලා ජාතියක් ලෝකේ වෙන කොහෙවත් නැහැ බං.... උන් මහා කුහක සක්කිලිම සක්කිලි ජාතියක්... හොඳ උන් ඉන්නේ ගොඩාක් අඩුවෙන්....

Unknown said...

සුපර් මාරියෝ...-
ලංකාවෙ ඉතින් ඕනම දේකට දේශපාලනේ ගෑවුණහම ඒ වැඩේ කඩාකප්පල් වෙනවනේ. මෙතනදිත් වුනේ 1 තමයි.

අපරාජිතයා...-
නෑ. පේරේ නෙමෙයි. අනුරාධපුරේ තියෙන කැම්පස් එහෙක.
ලෙක්චර්ස්ලට මුකුත් කියන්න බෑ. අවංකවම එ අයත් දුක්වුණා අපිට වුන දේට.

පන්සල් හංදිය said...

කතන්දරේ හොඳම හරිය නවත්තලා වගේ ........

පිටස්තරයා said...

සාමාන්‍ය පිලිගැනීම තමන්ගෙ පොඩි බැච් එකට වෙල්කම් එක දෙන්න බැරි වුනොත් ඒක තමන්ගෙ බැච් එකේ වැරැද්ද නිසා කියන එක. එය ජාතියෙ වීසීලා හෙඩ්ලා හැමතැනම ඉන්නවා. ඒ අය හසුරුව ගන්න බැරිනං ඒක යූනියන් එකේ වැරැද්ද.

වැරදියට හිතන්න එපා. මේ සම්පූර්ණ වැරැද්ද ඔය බැච් එකේ කියන එක නෙමෙයි. ඒත් මේ දේවල් හැමතැනම වෙන දේවල්. ඒවා හසුරුව ගන්න එකත් එක විදියක හැකියාවක්.

වෙල්කම් වලට සල්ලි එකතු කරන එකනං කතා කරන්න එපා. අනුරාධපුර වගේම තමයි අනිත් පැතිත්.

Unknown said...

කල්හාර දිසානායක...-
හොදම හරිය නවැත්තුවේ ඒවා ගැන ලියන්න මං කැමති නැති නිසා. මට ඕන වුනේ අපෙ නැතිවුණ තව 1ක් හීනයක් ගැන ලියන්න විතරයි.

පිටස්තරයා...-
ගියපාර නාටය පෙන්නන්න බැරිවුණ වෙලාවෙ කැම්පස් 1කේ ලොකු කලබලයක් වුණා. අන්තිමට 1න් වුනේ අපේ ඉහළ සහෝදරයො 2ක් අවුරුදු 4ක පන්ති තහනමකට ලක්වීම. අනික අපි පොඩිදෙයක් කරත් කැම්පස් 1 වහනවා. එහෙම තමයි අපේ පරිපාලනේ අපේ ප්‍රශ්න විසදන්නේ.

මං මේ ලිපියෙන් කියන්න හැදුවේ අපි වුණ මහන්සියට අපේ පරිපාලනයෙන් අපි දීපු තෑග්ග. මේකටත් අපි විරෝධතාව දැක්කුවත් පුළුවන්තරම් ඉවසීමෙන් අපෙ සහෝදරයො වැඩකරා. එහෙම නැත්තම් අනිවාර්යෙන්ම මේ පාරත් තවකවුරුගෙ කැම්පස් ජීවිතය ඉවරවෙනවා.

අන්තිමට මං මේකත් ලියන්නම්, අපේ ඉහළ පු‍ටුවල හරිහමන් ශක්තියක් නැතිනිසා අනිත් අයගෙ 1 call එහෙකට තමන්ගෙ ආත්මයම පාවල දෙන නිසාත් අපිට හරියට පොඩි එවුන්ට night 1ක් දීගන්න බැරිවුණා. අපෙත් දුර්වලකම් ඇති.

හැම කැම්පස් එකක්ම සල්ලි හොයන්න ගොඩක් උත්සාහකරනවා කියල මං දන්නවා. මොකද කැම්පස්වලට යන්නෙ සාමානය අම්මල තාත්තලගෙ දරුවෝ.

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න