web 2.0

Friday, May 13, 2011

ශ්‍රී ලංකාව-ධර්මද්වීපය-කෙහෙල්මල




අද පෝස්ට් එක දාන්නේ ඉතාම කණගාටුවෙන්.සමහරවිට මේ ලිපියට ගොඩක් අයගේ හිත් රිදේවි.නමුත් මම මේ ලියන්නේ මම දකින,අත්දැකපු ඇත්ත.මේක එහෙම්පිටින්ම විවේචනයක් වෙන්න තියෙන ඉඩ වැඩියි...
අපේ රටේ ගොඩක් සිංහලයනේ මහ ජාතිය.ඒකෙනුත් සිංහල බෞද් අය.මමත් ඒ කොට්ඨාසෙට අයත් එකෙක්.මේ ගොඩක් එවුන් ඇත්තටම හිතන් ඉන්නේ අපේ එවුන් බහුතරේ උනාම පොරවල් කියලා.මුන්ට ඇයි තේරෙන්නෙ නැත්තේ අපේ රටේ මත් වතුර,හරක් මස් වගේ මහා පව්කාර වැඩ වෙනව ඒව නවත්වන්නෙ නැතුව මහ ලොකුවට ගේ ඉස්සරහ බෞද්ධ කොඩියක් එල්ලල,බලුබ් වැලක් දැම්මට මේක බෞද්ධ රටක් වෙන්නෙ නැ කියන එක?
ඊයේ ගාල්ලේ ටවුමේ බුදු හාමුදුරුවන්ගේ පින්තූර විකුණන්න තිබ්බේ කොහොමද කියලා කියන්න ඕන වෙන එකක් නැහැ.පේමන්ට් එකේ දාල විකුණන්න තිබ්බේ.අඩුම ගානේ මේව කරන එවුන් ලබන ආත්ම වල මොනව වෙයිද?මුන්ගේ අම්මලගේ තාත්තලගේ පින්තූර බිම තියන්නේ නැති එකේ බුදු රූප බිම තියාගෙන විකුණල උන්ගේ පොඩි එවුන්ට කන්න දෙන ඒව වැඩක් වෙයිද?
කොටින්ම දැන් වෙනකොට බුද්ධාගම මාකට් කරනවනේ.ඒක තමයි වෙලා තියෙන්නේ.මේක බෞද්ධ...මේක බෞද්ධ කියල බුදු දහම ගාව ගනිපු මොකක් හරි එකක් අරගෙන ඇවිල්ල විකුණයි.
ඇයි වෙසක් කාඩ්.ඒවත් එහෙමනේ.වෙසක් එකට දෙන කාඩ් එකේ තියෙන්නේ රෝස මලක්.කැල්ලට දෙන්න.නැතුව බෞද්ධ සිතුවිල්ලක්වත්,බුදු පිළිමයක්වත් නෙවේ.
ඊයේ පෙරේද මාරයියා පෝස්ට් එකක ලිව්ව වගේ කූඩුවක් හැදුව.බෝඩ් ගැහුව.වටේටම වැහෙන්න ටෙන්ට් එකක් ගැහුව.
"එන්න එන්න බලන්න...ලංකාවේ ලස්සනම කූඩු රාජයා...ලොකු අයට 50 යි...පොඩි අයට 25 යි.."
ඔන්න ඔහොමනේ අපේ ලංකාවේ එවුං බුදු දහම මාකට් කරන්නේ...ඒ අතින් බැලුවහම නිර්මල බුදු දහම ට අපේ සුලුතර කාලකණ්නි ටිකක් කරන නිග්‍රහය දැක්කහම මේ රටේ මොකට ඉපදුනාද කියලත් නොහෙතෙනවාම නෙවේ.
එක අතකින් සුලුතරයක් වුනත් මුස්ලිම් අයගේ වැඩපිළිවෙලේ හොඳ කියන්න ඕනේ.ඒ මිනිස්සු සිකුරාදට පල්ලි යනවා.සතියේ දවසක වෙලත්.තමන්ගේ කඩවල් වහල ආගමික කටයුතු කරන්න යනකොට අපේ මහ එවුන්ගේ පඩත්තල කමට පෝය දවස නිවාඩු දවසක් වෙලත් පන්සල පැත්තේ යන්නෙ නැහැ.පොඩි එකාට යකෝ මේක තොගේ ආගම.මෙහෙමයි වඳින්නේ.මේවයි ගාථා කියල කියල දෙන්නේ නැ.ඒ වෙනුවට A,B,C,D..... ඔන්න අද රටේ තත්වේ...
තවත් අයට වෙසක් එකම ඕනේ.කූඩු හදල විකුනන්න.බොහෝවිට ම කොළඹ...රු 250 යි 300යි...තමන්ගේ පොඩි එකාට කූඩුවක් හදන හැටිවත් කියල දෙන්න අපේ සුලුතර මහ එවුන් ටිකක් කටයුතු කරන්නේ නම් නැ.හැබැයි මහලොකු බෞද්ධ.


 ඊයේ මහදි එනකොට ඇහෙනව "%%%% රෙකෝඩ්බාර් ඉදිරිපත් කරන ගව ඝාතනය කැසට් පටයටයි ඔබ මේ සවන් දෙන්නේ..."ඒ කියන්නේ දැන් ඒකත් මාකට් කරනව මිසක් මේ පව්කාර වැඩ වලින් බේරගන්න වැඩක් කරන්නේ නැහැ...
 මාරයියා කිව්වත් වගේ
"පෝයදාට මස් මාළු නැති හෙයින් පෙරදින සවසම හැකිනම් මස් මාළු ටික ගෙනවිත් ශීතකරණයේ තැන්පත් කර ගනිති. බෝතල් පිළීබඳව කතාවද එසේමය..."
ඔන්න ඔහොම වෙසක් එකටත් අපේ යක්කු සෙට් වෙන්න තියෙන කාලේ සමරමු වෙසක්!

19 ප්‍රතිචාර:

Anonymous said...

කතා කරල වැඩක් නෑ ඒ ගැන නං. ඔන්න අපේ එවුන් ටිකක් එදාට දන්සැලක් දීල අහවර වෙලා රෑට බොන්න සෙට් කරගෙන.

Dilanka Madhawa said...

@ නවම් මාවත-අනේ මන්ද අයියේ...අපේ උන්ට පිස්සු...

අනූ said...

අපෝ ඔව්..මේ පැත්තෙත් ඔය තත්වයම තමා..අපේ රට නමට විතරක් බෞද්ධ වෙන්නැතිව මේ රටේ ඉන්න මිනිස්සු හොඳ අය වෙනවා නම් කොච්චර හොඳද?බුදු හාමුදුරුවො පවා කැමති උනේ ආමිස පූජාවකට වඩා ප්‍රතිපත්ති පූජාවට..තියෙන දහජරා වැඩ ඔක්කොම කරලා පන්සලක් දැක්කම අත් නළලෙ තියන් වැන්දට ඇති පලේ මොකක්ද?අනේ මන්දා අපේ රටේ මිනිස්සු මේව කවදා තේරුම් ගනීවිද කියලා..මගෙ හිතෙත් තියෙන්නෙ ලොකු කල කිරීමක් මේ මිනිස්සු ගැන

Dilanka Madhawa said...

@ හාමිනේ-අනේ මොනව කරන්නද ඉතින්...අපේ රටේ පඩත්තල යක්කුන්ට මොලේ කියන එක විතරක් අඩුයි..අනිත් ඔක්කොම උපරිමයි...

avani said...

මේක ලිව්ව ඹයා මස් නොකන වල්කමේ නොයන අරක්කු සිගරට් නොබොන කෙනෙක්ද?

නැති බෞද්ධ කමක් පෙන්නලා බෞද්ධයින්ට අපහාස කරන දේවල් ලියන්න හදන්න එපා.

හොද බොද්ධයො අතරේ ඔයා වගේ නවම්මාවත කුරුං ගුරුං වගේ නොට්ටිගේ පුතාලත් ඉන්න පුලුවන්.

උන් තමා ආගම ධර්මය විකුගෙන කන්නෙ.

මට හිතෙන්නේ මේ ලිපිය ඔයවෙගේ අසමජ්ජාති ගැනම ලියපු දෙයක්!

Dayal Bathee said...

සතයයෙන් බාගයකි

Anonymous said...

මේවා අපේ අය කවදා තේරුම් ගනීද දන්නේ නෑ

පන්සල් හංදිය said...

කවදා හැදෙයිද .......

Anonymous said...

අපේ මහ ජාතිය ගොන් ‍රැලක්

Dilanka Madhawa said...

@ ධයාල්-අනේ මන්ද..පුලුවන් දේ ලිව්වා

Dilanka Madhawa said...

@ බීටා-කවදා හරි තේරුම් ගනීද කියන එකයි සැක

Dilanka Madhawa said...

@ කල්හාර-? තමා නං

Dilanka Madhawa said...

@ නදීර-හැමෝම එහෙම නැ කියන එක මතක් කරන්න ඕනේ...

සාතන් said...

කුරුං ගුරුංගෙ කටේ රුපියලක් දාන්න වටිනව... අද කාලෙ මචන් ආගමත් බිස්නස් එකක්...

Dilanka Madhawa said...

@ සාතන්-අනේ ඔන්න මාව කැටේ කරනවනේ ඉතින්...

අපරාජිතයා :::: Aparajithaya said...

හරියට හරි මචං ජාතියක් විදිහට ගත්තොත් ඉන්න සක්කිලිම ජාතිය තමයි සිංහල ජාතිය... ආගමක් විදිහට ගන්න කොට ඉන්න බලු හැත්ත ඉන්නේ බුද්දාගමේ... බුදුදහම කියන්නේ දර්ශනයක් නිසා මේ කාලකන්නි ටමන්ට කැමති කැමති රෙද්දවල් කරනවා.. ලෝකේ තියෙන පිවිතුරුම ආගම අදහන්න ලැබිලත් කරන්නේ කාලකන්නි වැඩ...

Anonymous said...

මාත් වෙසක් කාඩ් කඩයක් දාන්න ඉන්නෙ බං. මෙහෙව් පෝස්ට් ලියල ඒකටත් කෙලවිලා යයිද දන්නෙ නෑ. එහෙම උනොත් ගෑණියි ළමයයයි බඩගින්නෙ කොළුවො. හැමදාම වෙසක් නෑ නෙව ඔන්න ඔහේ අපි කීයක් හරි හොයාගන්නං

Dilanka Madhawa said...

@ අපරාජිතයා-මචන් ඔච්චරටම වයිර කරගන්න එපා.මම කියන්නේ මේ තත්වය වෙනස් වෙන්න ඕනේ කියන කතාව

Dilanka Madhawa said...

@ නවම් මාවත-වෙසක් කාඩ් කඩයක් දාපං එන පොසොන් එකට...
http://kgdilanka.blogspot.com/2010/05/blog-post_22.html ඔන්න ඕක කියවාලා බලන්නකෝ

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න