web 2.0

Monday, May 23, 2011

අපූරු පාඩමක්....

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ මොකක් හරි ලියන්න ඕනෙ කියල හිතුනා. ඒත් අන්තිමට හිත හිතා හිටියා විතරයි, ලියන්න අයිඩියා එකක් එන්නෙම නෑ.අන්තිමට වැඩේ අතාරින්න කියල හදනකොටම අපේ කැලෑසියක ගුරෙක් අපිට කියල දුන්න කතාවක් මතක් උනා.මේකෙ සත්‍ය අසත්‍ය තාවෙ නම් මං දන්නෑ. බට් ඉතින් මට තියන ලොකුම ලොකු ටිකිරි මොලේට ගෝචර වෙන විදියට නම් මේකත් ඇත්ත තමා.....
මම මේ දවස් වල අනං මනං කියවනව වැඩීලු, එ නිසා ඔය පොඩ්ඩක් ඕනෙ නැති මගුල් කියෙව්වට ගනං ගන්න එපා හොදේ. තාම ඉතින් සූටි කොල්ලනෙ.

ඔන්න එහෙනම් දැන් මගුල් කියවන එක නවත්තලා කතාව කියන්න යන්නේ කිව්වට මොකෝ, මේකත් එක විදියක මගුලක් ගැන කතාවක් ම තමා.ඔන්න එහෙනම් ස්ප්‍රයිට් එකක් බීල, අනං මනං නැතුව කෙලින්ම කතාවට බැස්සා.
ඔන්න ඉතින් එකෝමත් එක දවසක මං වගේ හරිම අහිංසක, පෙම් පාට ,සූටි ළමයෙක් එයාගෙ ටීචර් ගෙන් අහනවලු 
"ටීචර් මොකක්ද ආදරය කියන්නෙ?" කියලා.දැන් දීපන්කො උත්තර? ටීචර්ට කට උත්තර නෑලු. මොකක් උනත් මේ ගුරා ටිකක් මොලේ තියන පොරක්. ඉතින් පොර දෙන්නං ජම්බු කියල, ගත් කටටම කිව්වලු 
"ඕකට ඔයාට උත්තරයක් ඕනේ නම් යන්න ඉරිගු හේනකට, ගිහින් ලොකුම ඉරිගු කරල අරන් එන්න."
කියල. එත් එක්කම පොඩි කොන්දේසියකුත් දැම්මා,
"ඔයාට හේන හරහා යන්න පුලුවං එක පාරයි ලොකු කරල ගන්න ආපහු හැරෙන්න බෑ."
[බලපු ගමන් අමු ගොන් පාර්ට් එකක් කියල පෙනව එත් පොඩ්ඩක් කියවගෙන යනවල්ලකො..]
කොල්ලත් බැලුවලු මේවත් වැඩද? කියල. ඌත් කිසි ගින්නක් නැතුව පපුව ඉස්සරහට දාගෙන එන්ටර් උනා වැඩේට, ඉරිඟු හේනට ගිය කොල්ලා දැක්කලු එක යායට වැවිලා තියන ඉරිඟු ගස් කරල් බරවෙලා. මූ දැන් ඩිංග ඩිංග ඉස්සරහට යනකොට යකොට දැක්කා තඩි කරලක්, [මං මුලින්ම ඔයාලට කිව්වනේ මූ මං වගේ පොරක් කියල] ඉතින් එක ඌට ඒක මදි, "ඉස්සරහ තව එව්ව ඇති කියල" හිතලා ගියා ඉස්සරහට. තව කරල් හම්බුනාට මූට එවත් මදි. ඔහොම යනකොට දැන් ලොකු ලොකු කරල් ඉවර වේගෙන යනවලු. කොල්ලට දැන් පට්ට අස්පට්, මූ ඉල්ලගෙනම කෑවනෙ. දැන් ආයිත් හැරෙන්නත් බෑ නෙ. අන්තිමට කොල්ලා කරන්න දෙයක් නැතුව ගෙම්බා වගේ ආවා ගුරා ගාවට. ඇවිත් නොන්ඩි නැතුව සීන් එකත් කිව්වා.ඔන්න එතකොට ගුරා කියනවා,
''ඔන්න ආදරෙත් ඔය වගේ තමා,අපි ආදරෙදිත් හැම වෙලේම හොදම දේ හොයනවා. ඒත් අපි හොයපු නියම කෙනා මගහැරුනා".
කියල.
" තේරෙනකොට අපි පරක්කු වැඩී".
ඔන්න ඔහොම තමා ඒ ගුරා ආදරෙ අර්ථ දක්වල තියෙන්නෙ.දැන අර පොඩි එකා නෝන්ඩිය වහගන්නත් එක්ක මෙහෙම අහනවා
"එතකොට විවාහය කියන්නෙ මොකක්ද?"
කියලා.
එතකොට මාස්ටරයා මූ එක පාරකුත් ඉල්ලන් කෑවා, අයිත් ඕනෙ වෙලා කියල කියනව 
"ඉස්සල්ලා වගේම හේනට ගිහින් ලොකුම කරල අරන් එන්න කොන්දේසි අරවම තමා".
දැන් කොල්ලට ෆුල් හැපී 
"දැන් නම් ගේමක් නැනෙ" 
කියල යනව, ගිහින් අතට අහු උන පලවෙනි තඩි කරල උස්සගෙන දුවගෙන එනව ඇවිත් ගුරාට පූජා කරනවා.
ගුරත් ඉතින් කොල්ලට 2න්ඩ් වෙන්න බැරි නිසා මෙන්න මෙහෙම කියනවා
"ඔන්න ඔය වගෙ තමා විවාහයත්,මෙ කරල අරන් එනවාමයි කියලා ඔයාට ලොකු අධිශ්ඨානයක් තිබ්බා. වෙන කොච්චර සිරා කරල් තිබ්බත් මෙක ඔයාට හම්බුන හොදම දේ කියල විශ්වාස කරල ඔය මේ කරල අරන් ආවා. විවාහයත් ඔන්න ඔය වගේ තමා. කොච්චර දේවල් තිබ්බත් තමං ලබා ගත්ත කෙනා හොදම කෙනා කියලා එයත් එක්ක සතුටින් ඉන්න එක තමා."
මේක කෙතරම් දුරට සත්‍ය ද කියලා නම් මට තේරෙන්නෙ නෑ.එත් ඉතින් බලගෙන ගියාම කතාව ඇත්ත නේද??????


සැ.යු- මෙව්ව කියෙව්වට කමක් නෑ. ඔයාලගෙ ගුරාලගෙන් එහෙම අහනව නෙමේ ඕං. අන්තිමට ක අත ගගා එන්න වෙයි ගෙදර....

11 ප්‍රතිචාර:

පිණිබිඳු... said...

කතාව නම් ඇත්තම ඇත්ත.

ගජං මල්ලි said...

ඉතින් බං සුවඳො පොඩි එකා පොඩි එකා විදියට හිටිය නම් ඉවරනෙ....ඌ පැහෙන්න යනවනෙ.2 පංතියෙ ඉන්න එපැයි 3 පංතියෙ පොත් දෙන්න ඉස්සෙල්ල.

Anonymous said...

මේ කතාව මං අහලා තියෙනවා. කතාව සහතික ඇත්ත බං...

මාතලන් said...

පිස්සුද බං ඒ උඹලට හිතෙන හැටි.. කාළයක් ගියාම හිතෙනව.. තව කරලක් හොයාගන්න..

හැබැයි ඒක කන්න වෙන්නෙ හොරාට.. පළවෙනි එක විසිකොරල දාලම අලුත් ඒව කන අයත් ඉන්නව....

පන්සල් හංදිය said...

මේක මම කලින් අහලා තියනවා ....... ඒත් ආසවෙන් කියෙව්වා ... ලස්සනට ලියලා තියනවා .......

Pasan Kavinga said...

ගජං මලයෝ මං මුලින්ම කිව්වනේ මූ මං වගෙ පොරක් කියල ඉතින් ඌ අනිව පැහිලනේ
මාතලන් ඒ වඩෙත් සිරා තමා ට්‍රයි එකක් දාලා බලමුකෝ

Anonymous said...

සූටි කොල්ල.. ඒත් කියවන්නෙ මගුල්ලු.. හනේ හනේ...
කොල්ලගෙ කතාවනම් මම කලින් අහල තියෙනව.. මාත් හිතන්නෙ මේක ඇත්තක්..

සසීන්ද්‍ර වීරසිංහ said...

කොල්ල මෝඩය!
දකින දකින දකින ලොකුම කරල් සැට් එක කඩාගෙන ඇවිත් ඌට සසඳලා බලන්න තිබුන :D

Unknown said...

තරහ වෙන්න එපා ඔන්න මෙහෙම ඇහුවට....
දෙවෙනි පාර එනකොට අර ලොකු කරල වෙන කවුරු හරි කඩාගෙන ගිහිල්ලනම් මොකද කරන්නේ.....

Anonymous said...

ඒ වුණාට ඇත්තටම එහෙම ඉරිගු යායවල් තියෙනවද? කැමත් කැමත් විදියට ඉරිගු තෝරන්න.

Pasan Kavinga said...

සසීන්ද්‍ර එකත් ඇත්ත තම බං
නෙත්පානි අක්කෙ එහෙම උනොත් නන් සොරි තමා

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න