web 2.0

Monday, May 9, 2011

යමුද යාපනේ

මේ දවස් වල ගෙවල් වලට වෙලා කරන්න වැඩක් නැතුව උඩ බලාගෙන ඉන්න අයටයි නිවාඩු පාඩුවෙ කොහෙහරි යන්න ඉන්න අයටයි මෙකී නොකී හැමෝටමයි යන්න කියාපු පට්ටම ප්ලේස් එක තමා ජැෆ්නා 
කියන්නෙ(තේරෙන සිංහලෙන් කියනවනන් යාපනය).
                                                                                 
මේ පට්ට ඒරියා එක පැත්තෙ යන්න ගොඩක් අය මාස ගානක් තිස්සෙ පිබුරුපත් ඇදිනවා කියල මං එක්ස්පීරියන්ස් එකෙන්ම දන්නවා.ඉතින් ඒ පොරවල් වලට උදව් වෙන විස්තර ටිකක් අද දාන්න ඕනෙ කියල හිතුන. ඔන්න එහෙනම් මං විස්තර ටික දැම්ම. ඕන අය පැන්සලක් අරගෙන පොතක පිටිපස්සෙ ලියාගන්න. අනිත් අයත් ලියගන්න අව්ලක් නෑ. අම්මල බනින එකක් නෑ. මේවා පොත් පිටිපස්සෙ ලියාගත්ත කියලා.
        
ඔයාල A 9 පාර දිගේම ගියාම යාපනේට යතහැකි. ඒක ඔයාලගෙ අම්මිල තාත්තිල දන්නවා ඇති.මං දැන් කියන්නෙ යාපනෙට ගියාට පස්සෙ ඔයාලට උදව් වෙන දේවල් ටිකක්.මුලින්ම ඔයාල A 9 එකෙන් යාපනේට ඇතුලු උනාම ඔයාලට මුහමාලෙ පොලිස් ආරස්සක බංකරේ(කපොල්ල) හම්බෙයි. එතනදි ඔයාලගෙ විස්තර ඔක්කොම ලියාගන්නව පොතක. පස්සෙ හොදට ඔයාලව චැක් කොරලා කියන දේ ඉතින් මෙතනදි ඇත්තම 
කියල ඉස්සරහට යන්න k ?
                     
 ඊට පස්සෙ පට්ට ඩස්ට් එකක් කන්න පුලුවන් රියා එකක් තමා. පුලුවන් නම් ඒසී දාගෙන යන්න. නැත්තන් මුකවාඩමක් අරන් යන්න. ආහ් කලින් කියන්න බැරිඋනා පුලුවන් තරම් උදෙන්ම යාපනේට එන්න. නැත්තන් අර මුර කපොල්ල ගාව පැය 5ක් විතර හෙන චාටරයක් කන්න පුලුවන්. ඔහොම යනකොට බඩගිනි උනොත් එහෙම අපේ ආමි කොල්ලො කරගෙන යන හෝටල් අම්බානට තියනව බය නැතුව ගිහින් කකින් බඩ පිරෙන්න කන්න. කාල බිල ගෙවාලා යන ගමන් බිමට සමතලා උන වතුර ටෑන්ක් එක බලාගත හැකි. එත් එක්කම ඉරණමඩු  lake එකත් බලාගන්න.පට්ට සීනරි එක.




                                      
 ඔය යන ගමන් සේප් එකේ හසලක ගාමිනී විරුව විනාස කරපු යුද්ද ටැංකියත් බලාගෙන යන්න. එත් එක්කම කොබ්බෑකඩුව මහත්තයා අවාසනාවන්ත විදිහට අනතුරට පත් වූ වාහනෙත් බලාගත හැකි.ඊට පස්සෙ අනිවා නාගදීපයට යන්න. නැත්තන් අන්තිමට යන්න බෝට්ටුවක් අල්ලගන්න පට්ට ගේමක් දෙන්න වෙයි.ගමනට විනඩි 20 විතර යනව. බට් ආතල් ගමනක් චූටි බෝට්ටුවට 100ක් විතර පටවලා ආතල් එකේ යන්න තමා තියෙන්නෙ.





                                         














නාගදීපෙට යන්න ඉස්සර වෙලා මෙන්න මෙව්වා ගන පොඩ්ඩක් බලලා හිටියොත් හොදයි,
 දුපතේ වතුර නම් නෑ.(බොන්න) ඒ නිසා වතුර අරන් යන්න
 රැට ඕනෙනම් නවාතැන් හෑව්.
 රා බොනවනම් එවත් හෑව්ලු. බට් දැක්කෙ නම් නෑ.
 රෑට දුපතෙ වැලි පොලොංගු එහෙම ඉන්නවලු. පරිස්සමට ඇවිදින එක හොදා.
                               
      ඔය උඩ තියන පොටො එක ගන්නම ඔනෙ නම් ගිය වෙලාවක ටිකක් පරිස්සමින් ගන්න නැත්තන් අන්තිමට ‍යාපනේ හොස්පිටල් එකත් බලගෙන එන්න පුලුවන්
                                       
ඔන්න ඔය විදිහෙ දෙවල් ටිකක් තමා කියන්න තියෙන්නෙ. යුස්ෆුල් උනාද දන් නෑ?ආහ් කියන්න බැරිඋනා යාපනෙ අති තරම් නවාතැන් තියනවා.එත් එක්කම ඔය සැර බීම බොන අයට ති තරම් තැබෑරුමුත් හෑව්. එත් ඉතින් ඔව්වා බොන්න එපා තියන පලියට. ආ තව අලිමංකඩින් පස්සෙ Dialog වලත් සිග්නල් ඇත .යාපනේ ටව්මෙදි නම් dialog & mobitel දෙකටම සිග්නල් ඇත. බට් දැන් නම් කොහොමද දන් නෑ .


        
ඉතින් යාපනෙ පැත්තෙ ට්‍රිප් එකක් ගිහින් අපිටත් කියන්නකො අලුත් විස්තර එහෙ...

10 ප්‍රතිචාර:

රත්ගමයා said...

රත්ගම පැත්තේ වරෙන් දව්සක් දාගෙන

රත්ගමයා said...

තව එකක්..මේ කමෙන්ට් පස්සේ වැටෙන්න දාන්න එපා බන්..ගහපු ගමන් වැටෙන්න දාපන්..මොකෝ උඹ බයද?
ඇනෝලට කමෙන්ට් කරන්නත් බෑ..ඒ අස්සේ කමෙන්ට් පස්සේ වැටෙන්නේ..
බය නැතුව කෙලින් දාපිය වැටෙන්න

Anonymous said...

එල මචං... මැක්සා....

sameera said...

තව පොඩි විස්තර එකතු උනා නො හොදය ,

යාපනයට ගියාට පස්සෙ මතක ඇතුව මුලින්ම නවාතැන් පොල වෙත යන්න නැත්ත0 ඔයගොල්ල යන්කොට ඒක වෙන නඩේකට දීලා තියෙයි

නාගදීප යනවන0 උදේ පාන්දර 3 ට වත් නවාතැනින් පිටවෙලා බෝට්ටු තියන ජැටියට යන්න ( නැත්ත0 හොද පරිපුවක් කන්න පුලුවන් )

මතක ඇතුව වතුර අර0 යන්න

Anonymous said...

උඹ යාපනේ ගියැය්

නදී said...

මම් නම් යාපනේ ගියෙ 2010දි.යන්නම් වටින තැනක්

Dilanka Madhawa said...

@ රත්ගමය-මචන් ඕන්න අවුල හැදුව.ඒක නෙවේ රත්ගම එන්න දවසක් දාගන්න ඕනේ නැ මටනම්...මේක ලිව්වෙ සුවඳා.මම නෙවේ..ඌව නරක් කරන්න එපා..:P

පන්සල් හංදිය said...

තෑන්ක්ස් විසතර වලට ...........

Pasan Kavinga said...

සමීර ඇත්ත මචන් මට ඒ කතාව අමතක උනා
රත්ගමයා මටත් බෑ බං රත්ගම එන්න අනික මාව නරක් උනොත් එහෙම

අනූ said...

මාත් ලඟදිම යන්න ඕනෙ බලන්න යාපනෙ

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න