web 2.0

Sunday, May 8, 2011

මේ පාර වෙසක් එකට බල්බ් වැලක් හදාගමු!

අද ඔයාලට යමක් මතක් කරල දෙන්න හදන්නේ.ඕක කියාදෙන්න කිව්ව නම් මම වැරදියි නේ...කොහොම උනත් 2600 වෙනි බුද්ධ ජයන්තිය සමරන මේ වෙසක් එකට ගෙදර සරස ගන්න ඔයාලගෙම අතින් බල්බ් වැලක් හදාගත්තනම් හොඳ නැද්ද?අනික මේකේ මූලික වියදම වැඩි උනාට පාවිච්චි කරන්න පුලුවන් අවුරුදු ගානත් එක්ක ලාබයි...
මමත් මේ පොර වගේ කිව්වට මමත් එකක් හදලා තියෙන්නේ.මමනම් හැදුවෙ බල්බ් 30 ක එකක්.ඒ කියන්නේ හෝල්ඩර් 30 ක් දැම්ම කියන එක.ඉතින් දැන් මේක හදාගන්න හැටි මම කියල දෙන්නම්...

හෝල්ඩර් 30 යි.[මීට වඩා ඔයාලට දාගන්න පුලුවන්.නමුත් උපරිමය 50 ට වඩා වැඩි කරන්න එපා කියලයි මම කියන්නේ.] 
බල්බ් 30[වොට් 5 පාට බල්බ් ගන්න.පාටවල් 5 කින් බල්බ් තියෙනව.රතු,නිල්,කහ,කොළ සහ සුදු.කැමති පාටවල් වලින් ගන්න.]
ඊට පස්සේ වයර්.මේකට ගන්නේ ෆ්ලෙක්සිබල් වයර්.[වයර් ගනිද්දි ලංකාවෙ හදන මහත වයර් එක ගන්න.හීනි එක ලාබ උනාට ගන්න එපා.ඉක්මනට දිරනව.තව එකක්.මම බල්බ් දැම්මේ අඩියෙන් අඩියට.ඔයාලත් හරියට ගාන මැනලා ඕන පරතරේ ඇතිව වයර් ගන්න.ඕන ප්‍රමානෙට වඩා ටිකක් වැඩිපුර ගන්න මතක් වෙලා.]

මුලින්ම වයර් ටික කපාගන්න.ඔයාලට අඩියෙන් [30 cm] අඩියට බල්බ් දාන්න ඕනේ නම් 32cm විතර කැලි වලට කපාගන්න.
දැන් ඒ වයර් කොං සුද්ද කරන්න 1 cm ගානෙ.ඊට වඩා වැඩිය සුද්ද කරන්න එපා.දැන් වයර් කොනේ කම්බි එකට ඔතන්න.ඊට පස්සේ වයර් කැලි දෙකක් එකට තියලා අමුන ගන්න.හොඳට.හෝල්ඩට් වලට දාද්දී ඒ අමුනපු 1cm දිග කම්බිය දෙකට නවලා හයි කරන්න.ඇනේ හොඳට තද කරන්න.කම්බිය හොඳට අමුනන එකෙන් ගොඩාක් වාසි වෙනවා.අනික කොලිටියත් වැඩියි.ගෙදරට හදන එක නේ.
 
ඔහොම හදාගත්තහම එන හැටි පින්තූර ටිකක් දාන්නම්කෝ මම....

ඔන්න ඔහොම හදාගන්න,හෝල්ඩර් එකේ හයි කරන්න තියෙන කැල්ලේ ගානට වඩා කම්බිය සුද්ද කරන්න එපා.
දැන් ඒකත් හරි.පර්ස් එක ගැනත් හිතන්න එපාය.මගේ වියදම් ටික කියන්නම්.දල අදහසක් ගන්නත් එක්ක.

බල්බ් එකක් (චෙක් නොකර රු 37යි.)මම ගත්තේ චෙක් කරලා එකක් රු.40 ගානේ.හැබැයි චෙක් කලාට එකක්වත් ගැහිච්ච හම්බුනේ නැහැ.
වයර් වලට(හොඳ එක.) මීටරේකට රු.17 ක් විතර.
හෝල්ඩර් එකක් රු 20 උනත් 30 ක් ගන්නකොට 17 ගානෙ දුන්න.

ඔන්න ඔහොමයි පර්ස් එකට දැනුනේ.ඒ වුනත් අවුරුද්දකට සැරයක් බල්බ් වැල ගානෙ ගන්නවට වඩා ඕක ලාබටයි.අනික අවුරුදු ගානක් පාවිච්චි කරන්නත් පුලුවන්නේ....
මෙන්න මම බල්බ් වැල හදලා ටැස් කරන්න බල්බ් දාපු වෙලේ ගත්ත පොටෝ එකක්...


බල්බ් තෝරන්නත් පොටෝ එක උදව් වේවි.මමනම් පාට 5න් ම ගත්තා.ආ තව එකක් බල්බ් වැල බ්ලින්ක් වෙන්න [නිවි නිවී පත්තු වෙන එක.]ඕනනම් සර්කිට් කැල්ලක් දාන්න වෙනවා.ඒක රු.190 ක් විතර වෙනව.එහෙනම් ඔයාලත් හදල බලල කියන්නකෝ...

12 ප්‍රතිචාර:

සසීන්ද්‍ර වීරසිංහ said...

සර්කිට් එකක් හදල දැම්මනං තව ගාන අඩුවෙයි නෙ බාං!
පුලුවන්නම් ඒක හදනහැටිත් පොඩ්ඩක් කියල දියංකො :)

රත්ගමයා said...

මේ,,, මට මුන් අතිරහ හදන හැටි කියපන් කො

Anonymous said...

එලස්...... ඔය වගේ එකක් තිබ්බා බොල අපේ ගෙදර ගෙනාපු ඒක තමා දාන්නේ

duliponline said...

මලේ බලුප් වැල බ්ලිංක් කරන්න සර්කිට් වලට සල්ලි නාස්ති කරන්න එපා . . . . ප්ලග් එකට හරි ඇඩැප්ටරේට හරි සෙට් වෙන කොනේ ලයිවු වයර් එක කපල ටියුබ් ලයිට් ස්ටාටරයක් ගහපං . . . . එලටම බ්ලිංක් වෙනව . . . . ලස්සනම එක කියන්නෙ ස්ටාටරෙං බ්ලිංක් වෙනකොට රටාවක් කියල නෑ හරියකටම

පිණිබිඳු... said...

අනේ මට නම් ඔව්වා තේරෙන්නෙ නෑ. හැබැයි ඔය වගේ වැඩ වලට පිස්සුවෙන් වගේ ආස කරන කෙනෙක් ඉන්නවා. මම එයාට මේක පෙන්නම්කෝ හොඳේ..

පන්සල් හංදිය said...

හොඳ පෝස්ට් එකක් ...... හැබැයි මට නම් ඕවා ගැන දැනුම සෘණ ......

Dilanka Madhawa said...

@ සසීන්ද්‍ර-සර්කිට් එක හදන හැටිනම් මම දන්නෙ නැහැ බං...කොහොම උනත් ඕනයියා කියල තියෙනව වගේ වැඩේ කලානම් පට්ට ලාබයි.ඒ වගේම අමුතු ගතියකුත් තියේ...

Dilanka Madhawa said...

@ රත්ගමයා-දිගටම රැඳී සිටින්න.වැලි බත් උයා හැටි ඉඳම්ම කියල දෙන්නම්...

Dilanka Madhawa said...

@ බීටා-ඉතින් තව එකක් හදපන්කෝ...වැඩිනම් ගේ ඇතුලෙත් දාපං...

Dilanka Madhawa said...

@ ඕනයා-ආහ් එල අයියේ...මම වැඩේ ටැස් කොලා..තැන්කූ වේවා!

Dilanka Madhawa said...

@ පිණිබිඳු-හා හා..කැමැත්තක්...ලිපිය කාට හරි වටිනව නම් ඒකයි සතුට...

Dilanka Madhawa said...

@ කල්හාර-ඔහොම හිතන්න එපා.මේකේ මහ ලොකු අමාරුවක් නැහැ.හෝල්ඩර් හයි කිරිල්ලක්නේ තියෙන්නේ...තමන්ම හදාගත්තහම ඉතින් ඕන විදියට,පර්ස් එක සේප් වෙන්න හදාගන්න පුලුවන්නේ...නිකමන වගේ ට්‍රයි කරල බලන්නකෝ...

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න