web 2.0

Friday, February 19, 2010

අදට වසර 5 යි.

කට්ටිය බලනව ඇති මොකක්ද මේ වසර 5 කියල???වෙන මුකුත් එහෙම නෙවෙයි.මම රිච්මන්ඩ් විද්‍යාලයට ගිහිල්ලා අදට වසර 5ක් වෙනවා.2005 වසරේ පෙබරවාරි 18 වගේ දවසක තමයි මම රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුලු වුනේ.ඒ මම ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා.
මම මුලින්ම හිටියේ 6 G පන්තියේ.ඒ පන්තියේ පන්තිභාර ගුරුතුමා වුනේ සෙනෙවිරත්න සර්.7 වසරේ D පන්තියේ.ඒ පන්තියේ පන්තිභාර ගුරුතුමිය වුනේ චන්ද්‍රිකා මිස්.8 වසරේදී C එකේ.ඒ පන්තිය භාර වුනේ නාලිනී මිස් ට.
9 වසරේ G එකේ.ඒ පන්තියේ පන්තිභාර ගුරුතුමිය වුනේ පියසීලි මිස්.10 වසරෙදිත් G එකේමයි.දැන් 11 G එකේ.10 සහ 11 වසර දෙකේ දීම පන්තිභාර ගුරුතුමිය අපේ ලලනි මංගලිකා මිස්.

 කොහොම නමුත් මේ ගමන්ම කණගාටුදායක ප්‍රවෘත්තියකුත් තියෙනවා.ඒ තමයි අපේ පන්ති භාර ගුරුතුමිය වන ලලනි මංගලිකා මිස්ගේ අම්මා අන්ත්‍රා වෙලා.මේ ගමන්ම අපේ සියලුම ශිෂ්‍යයන් වෙනුවෙන් මම කණගාටුව පල කරනවා....

6 ප්‍රතිචාර:

කසූ said...

එල එල මල්ලී තව අවුරුදු 4ක් විතර පාසල් ජීවිතේ ගත කරන්න පුලුවන් නේ හොදයි හොදයි ඔබට ජය

Buddhi said...

මලයගෙ අනාගතේට මම සුබ පතනවා!

Anonymous said...

එළ එළ මල්ලි. O/L හොඳට ගොඩ දාගන්න.

මංගලික මිස්ගෙ අම්මගෙ මළ ගෙදර තියෙන්නෙ කොහේද? අවසාන කටයුතු කවදද?

Xpress (SiS™ ) said...

ප්‍රතිචාර වලට ස්තුතියි.
මළගෙදර තියෙන්නේ බූස්ස කඈම්ප් එක හරියේ.වැඩකරන්නේ හෙට.

Indranama said...

මමත් 1997 දී ඔය පාසලට ඔය විදියටම ඇතුලත් උනේ ශිෂ්‍යත්ව විභාගේ සමත් වෙලා. ඒ 6A පන්තියට :)

Thameera said...

මේක කියෙව්වම මටත් අතීතෙ මතක් වුණා. ශිෂ්‍යත්වෙන් ආපු ගමන් වැටුණෙ 6F පන්තියට. හැබැයි ඔයාගෙ ඉස්කෝලෙ නෙවෙයි.
බොහොම ස්තුතියි ඒ අතීතය මතක් කළාට.

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න