web 2.0

Sunday, October 25, 2009

තාල වර්ගේ

මේක ලියන්නේ අද දැක්ක ටීවී ප්‍රෝග්‍රෑම් එකක් දැකලා.අද හවස 6.00 ට ඔලුව(ටීවී)එකේ ගිහිපු 5 වසරේ තරඟේ දකින්න ඇති නේද?ඒකේ 4 වෙනි ප්‍රශ්නය මට ගැටලුවක්.ප්‍රශ්නේ මේකයි.

අඹ,පොල්,තල්,කජු යන ශාක මුල්වල වෙනස්කම් අනුව වර්ග දෙකකට වර්ග කළ හැක.ඒ මොනවාද?

තරඟකරු උත්තරේ විදිහට දුන්නේ.....

අඹ,කජු__________> තාල වර්ගයට අයත් නොවන
තල්,පොල්_______>තාල වර්ගයට අයත් වන


පස්සේ උත්තරේ බලලා කියපි උත්තරේ වැරදියි ලු.අන්තිමට අර මොකක්ද උපකාරයක්(හුංගෙක් වගේ.)දීලා තරඟෙන් ඉදිරියට යැව්වා,
ඔලුවෙන් දුන්න උත්තරේ.....


මුදුන් මුලක් සහිත
මුදුන් මුලක් රහිත


කියලා.මගේ අදහසනම් උත්තර දෙකම හරි කියන එක.එතකොට තරඟකරු දුන්න උත්තරේ හරි නිසා ඔලුවෙන් කරපු වැඩේ කැතයි.....
මොකක්ද මේ ගැන ඔයාලගේ අදහස?


 

4 ප්‍රතිචාර:

Indranama said...

පැහැදිලිවම තරඟකරු දීපු උත්තරේ වැරදියි නෙ. වැරදියි කියනවට වඩා හොඳ වචනෙ "ගැලපෙන්නෙ නෑ" කියන එක.

අහන්නෙ "මුල් අනිව වෙනස්කම්" එහෙනම් උත්තරය මුල් ගැන වෙන්න ඕනෙ. එහෙනම් "මුදුන් මුලක් සහිත" කියන එක පැහැදිලිවම හරි.

තාල වර්ගයෙද නැද්ද කියන එක මුල් අනුව වන වෙනස්කමක් නෙමෙයිනේ. එක වෙනමම පැත්තකින් කෙරෙන වර්ගීකරණයක්. තාලවර්ගයේ ගස්වල මුදුන් මුල නැති බව හැබෑ උනාට අපිට "මුල් අනුව වෙනස" කිව්වාම තාල වර්ගය ගැන කියන්න බෑ. එතකොට නිවැරදි පිලිතුර නෙමෙයි.

වැප් said...

මොන එහකට ඔය වැඩසටහන් බලනවද බලාගෙන ගිහාම බනින එවුනමයි ඔවා බලන්නේ


හි හි හි කේන්ති ගන්න එපා

සරණපාල said...

අඩේ, මේ ඉන්දරේ දන්න එව්වා. මාරයි මාරයි ඈ!

සරණපාල
මම නුඹට සරණ වීම සඳහා උපන්නෙමි!

දුකා said...

ඉන්දරේ කියන කතාව ඇත්ත . . . තරඟ කරු "මුල්වල වෙනස්කම් අනුව වර්ග දෙකකට වර්ග කළ හැකි" කියන දේ හරියට තේරුම් අරගෙන නෑ වගේ කියලයි මටත් හිතුනේ . . . ! !

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න