web 2.0

Thursday, October 8, 2009

අබුද්දස්ස කාළේ...... කිව්වලු......

අදනම් කියන්න යන්නේ අමුතු කතාවක්!මගේ අත්දැකීමක්...දැක්ක ගමන් මතක් වුනේ මගේ බ්ලොග් එකේ ලිපියක්...මෙන්න ලිපිය.[බ්ලොග් එකේ වෙනස ගැන සහ අලුත් ආරංචියක් පස්සේ කියන්නම්...]

ස්ථානය_ගාල්ල සිට බද්දේගම දක්වා දිවෙන පාසල් සිසුන් ප්රවාහනය කරන බස් රථය...
වේලාව_පස්වරු 2.00 ත් 2.30 ත් අතර......
දිනය_2009/10/07
සිද්ධිය_අපි ඉතින් ඉස්කෝලේ යන්නේ ඔය මම කියපු බස් එකේ.මේ දවස් වල සවුත්ලන්ඩ් එකයි,සංඝමිත්තෙයි 2.30 වෙනකම් තියෙන නිසා බස් එක සාමාන් ටර්න් එකක් දාලා එන්නේ.ඊයේ කට්ටිය වැඩි නිසා අපට නගින්න වුනේ ඉස්සරහා දොරෙන්.ඉස්සරහ වැඩිය කට්ටිය හිටියේ නැති නිසා සීට් එකක් අල්ල ගන්නපුළුවන් උනා.(වාඩි වෙන්න නෙවෙයි.නොවැටී අල්ල ගන්න.)එතන හිටියා සීයලා 3 දෙනෙකුයි තව අයියා කෙනෙකුයි.මමත් වෙන වැඩක් නැති කමට ඔහේ හිටියා.....

යකඩෝ....මෙන්න වැඩක්.....

එක සීයා කෙනෙක් අතේ මයිල් ගස්(ඔය රෝම කූප කියන්නේ )ඔක්කොම කපලා....දැන් කාලේ කෙල්ලො කරන වැඩනේ මේ සීයලා කරන්නේ....මාර ඩයල් තමයි....
මදිවට සීයලා දෙන්නෙක් තරඟෙට ප්රශ්න අහනවා.(කතාවෙන් මට තේරුනා කාලෙකට පස්සේ තමන්ගේ ගම් බිම් වලට යන කට්ටියක් කියලා.)මොනවද දන්නවද ප්රශ්න???

මේ කොහෙද?
   මේ කොහි හරියෙද??
      පුළුවන්නම් කියන්න බලන්න???

පට්ට ආතල්.....

තව ටික වේලාවක් යනකොට අනිත් සීයා.(සීය කිව්වට එහෙමම නෑ.)කියනව,
"මටනම් දැන් සෝඩ බීලා ඇති වෙලා ඉන්නේ"
කියලා.
අනේ හෆොයි!
මේ සීයා සෝඩා ලීටර් 1.5 බෝතලයක් බදාගෙන ඉන්න හැටි දැක්කහම..... මටනම් ඇති...

මම මේ කල්පනා කළේ දැන් සීයලා මෙහෙමනම්???තව කාලයක් යනකොට..... කෙල්ලෙක් සෙට් කර ගන්නත් සීයා කෙනෙක් එක්ක ඇරගන්න වෙයි....පොලීසියටත් වෙන්නේ නාකි මනමාලයෝ අල්ලන්න තමයි...
අනේ ,අපට බුදුසරණයි!

මම මේ ලිපියෙන් වැඩිහිටියන්ට පහරක් ගහනවා නෙවෙයි.හාස්යට ලක් කරනවා නෙවෙයි.....මම මේ කිව්වේ මම දැක්ක දෙයක්.... එච්චරයි.....

ලේසියි....පහසුයි....කදිමයි....

4 ප්‍රතිචාර:

Isuru Wijesinghe said...

ළමය අලුත් වෙලානෙ. දැන්නෙ දැක්කෙ.

තව ටික කාලෙකින් සීයල වෙන්නෙ උඹලම තමයි පුතේ

Xpress (SiS™ ) said...

හරි හරි
ඉතින් බං ඒව ඒ කාලෙටනේ....

ගයාන් කල්හාර said...

බද්දෙගම ගාල්ල බස් එකේ යනවා කිව්වෙ. කොහේදෑ ඉන්නෙ ?

අපිත් හැමදාම යාත්‍රා කරන බස් රූට් එක තමා ඕක. (අපි පෝද්දල හරියේ)

මනුශාන් said...

දැන් සීයලා කොහොම උනත් දැන් ආච්චිලාගෙන් තමා ප්‍රවේසම් වෙන්න ඔනේ (සීයලගෙන් කරදර නෑ නේ)

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න