web 2.0

Friday, October 23, 2009

ප්ලේන්ටිය

අදත් මේ පැත්තේ ආවේ අපේ UN ගැන ටිකක් ලියන්න කියලා.කොටින්ම කිව්වොත් කරන වැඩ නිසා නොලියා බෑ.අද මම ගියා කෑම කන්න කැන්ටිමට.(ගියේ 5වන කාලච්ඡේදයේ මැද හරියේ.මොකද වැඩමුළුවක වැඩ නිසා මේ දවස් වල මම මාර කට්ටක් කනවා.බොහෝවිට ඉන්ටර්වල් එකට.)කොහොම හරි යනකොට පබසරයා කකා ඉන්නවා.මාර කේස් එක.මම ඇහුවා "උඹ තාම කනවද?" කියලා.

      මෙන්න දීපු උත්තරේ....

ඔව් බං.ගෙදරින් ගෙනාපු බත් එක කාලා දැන් කැන්ටිමට ඇවිල්ලා කනවා.....
එළ නේද?කොහොම හරි කකා ඉන්නකොට ආවා උත්පලයා.මිනිහත් එළ මෑන්ස්.ඕකා කැන්ටිමට ආවේ 6 වෙනි කාලච්ඡේදයේ.දැන් ඉතින් තුන්දෙනා කතා කර කර කනගමන් ප්ලේන්ටි බොන්න සෙට් වුනා.ප්ලේන්ටියක් රු.10.00 යි.ඉතින් රු.30.00 ක් දීලා ප්ලේන්ටි ගත්තා.කැන්ටිමේ වෙනද නම් සීනි දා ගන්න මේසෙකට හැන්ද ගානේ තමයි තියලා තියෙන්නේ.කැන්ටිමේ වැඩ කරන අංකල් අපිත් එක්ක ෆිට් නිසා එකාට හැන්ද ගානේ ලැබුනා.සීනි බෝතලුත් දෙකක් හම්බ වුනා.
දැන් මම සීනි දිය කරනවා.පබසරයා අර තේ පැකට් එකෙන් තේ හදනවා.උත්පලයට හැන්ද දුන්නා අර වැඩ කරන අංකල්.මේ ගොං වස්සා හැන්ද නොගෙන සීනි බෝතලෙන් 1/4 ක් දමා ගත්තා.පස්සේ හැන්ද අරගෙන තව සීනි හැඳි 3ක් දා ගත්තා.මමනම් දා ගත්තේ සීනි හැඳි 5යි.පබසරයත් 5ක් විතර දා ගත්තා.
අර වැඩ කරන අංකල් ඔය කේස් එක බලාගෙන.අංකල්ගේ හිතේ තිබුනා කැන්ටිම කරන්න.අදනම් අංකල්ට එපා වෙන්න ඇති.
ප්ලේන්ටිය බොන ගමන් අපි එකකට යන වියදම ගනන් බැලුවා.....

තේ පැකට් 50ක් --------------------------------- රු.160.00
එකක් ------------------------------------------- රු.  3.20

සීනි කිලෝ 1ක් --------------------------------- රු.105.00
ප්ලේන්ටියකට අපේ විදිහට සීනි ග්‍රෑම් 100 ----- රු.10.50

උණු වතුර වලට ගාන දන්නේ නෑ.නමුත් ඒ ගානත් එකතු වුනහම ප්ලේන්ටියක් රු.15.00ක් විතර.....

අනේ කැන්ටිමේ අංකල් පව් අප්පා.ඊයේ සීනි කිලෝ 3ක් ඉවරයිලු...අද කිලෝ 1.5ක්.....



3 ප්‍රතිචාර:

Unknown said...

යකඩෝ කැම්පස් එකේ නම් ප්ලේන්ටිය රුපියලයි.

budhajeewa said...

බොලාව උළ තියන්නෙපැයි.

@සුසිත:
කොළඹ කැම්පස් එකද? ඕපන් කැන්‍ටින්නෙකේ නං ප්ලේන්ටිය රුපියලයි... කොලිටි කොහොමද දන්නෙ නෑ, බීල බලන්න නං බැරි උනා, මොකද මම එළියෙදි ප්ලේන්ටි බොන්නැති නිසා.

මනුශාන් said...

අඩෙ බොල දිලංක සීනි ග්‍රැම් 10 රුපියල් 10.50 වෙන්නෙ උබ ආංඩුව බාර ගන්න දවසට. :P
යකො සීනි ග්‍රැම් 10 ක් නම් හරි ගාන වෙන්න ඔනේ 1.50 ක් විතර :)
එතකොට 3.20 + 1.50 + 3 (උණුවතුර වලට ) = 7.70
ප්ලේන්ටිය රු 10 යි නම් අංකලයට රුපියල් 2.30 ක් ලාබයි
අංකල්ට කැන්ටි ම කරන එක එපා වෙන්න නෑ අනෙ මුන් තව ප්ලේන්ටියක් බිව්වනම් හොදයි කියලා හිතන්න ඇති

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න