web 2.0

Sunday, October 18, 2009

මමත් ඇදගෙන නෑ වෙමි.

කට්ටිය කොහොමෙයි?මමනම් හොඳින්.හොඳින් කිව්වට පොඩ්ඩක් සනීප නෑ.කොම්පියුටරේ ඉස්සරහ ඉන්නව වැඩි නිසා ඇස්වල අමාරුවක්.කණ්ණාඩි ගන්න කියලා කිව්වනේ.දුක තමා. :(
 
ඇදගෙන නාපු කතාව මම දැන් කියන්නම්.එදා තුසර.අද මම.
මෙහෙමයි කේස් එක.

අද ඉරිදනේ.මමත් 100 දදා තමයි දහම් පාසල් ගියේ.(100 කිව්වේ සතියක් ගිහින් සති දෙකක් ගෙදර කියන ක්‍රමේ.ඕක 1000 උනොත් නම කපනවනේ ;) )කොහොම හරි අද යන්න ඕන දවස නිසා ගියා.ගිහිල්ලා ටිකක් වෙලා ඉන්නකොට අපේ එකෙක්(සහන්) කියපි "මචන් දිලංක,ඔන්න ඔය පේළියේ මෙහා කොනෙංම ඉන්න කෙල්ලගෙන් "ධම්ම චින්තා" පොත ඉල්ලපං"කියලා.
මමත් ඉල්ලයි???
පුහ්!
මම ගත් කටටම කිව්වා"පිස්සුද බං.එහෙම පුළුවන්ද?වැඩිපුරම ආදරේ එක්කෙනාගේ නම දාන එකනේ"කියලා
.

තුඃ නොදෝකිං

එපාර මට පොත ගන්න කියපු සහන්ම පොත අරගෙන බලලා මට කියපි"මචං,උඹේ නමයි,මගේ නමයි දාලා"කියලා.

මළා...

මොනව කරන්නද?ගියා පොත තිබුණු තැනට.ගිහින් බැලින්නම් වැඩේ ඇත්ත. :O බැලුවා ටිපෙක්ස් එකක්.මොන???අපේ කොල්ලෝ ගෙනෙයි ටිපෙක්ස්.ගේන්නේ එක පෑනයි.පොත් ටිකයි විතරනේ.
අපේම කියපු වෙලාවට....
ඩෙස් එකක් උඩ ටිපෙක්ස් එකක් තියලා.
කෙල්ලෝ ඔක්කොම එළියට ගිහිල්ලා.
ගියා.ටිපෙක්ස් එක ගත්තා.ගෙනාවා.නම මැකුවා.



මැකුවා වගේද?දාපල්ලකෝ නම් ඒ හිස්තැන් වලට.තවත් කවර කතාද?දැම්මා අපේ නම් දාපු කෙල්ලෝ දෙන්නෙකුගේ නම් දෙක.දාලා පොත අපේ ළඟින් තියාගත්තා.පොත දුන්නොත් වෙනස් කරන නිසා.



(ඒ ගමන් ඉතින් ඒ කෙල්ලො දෙන්නට ඇහෙන්න කිව්වා ලබන සතියේ දෙන්නත් එක්ක පුංචි රස කතා දෙකක් පාඩං කරං එන්න කියලා.කොච්චර උනත් මහන්සි වෙලා කරපු වැඩෙන් ආතල් එකක් ගන්නත් එපාය.)



පොත තියාගෙන ඉඳලා දුන්නා සර් කෙනෙකුට.සර් අපිත් එක්ක ශේප් නිසා සර්ට කිව්වා"සර් පොත ඒගොල්ලන්ට දෙන්න එපා.අපි අපේ කතාව කරලා තියෙන්නේ.එයාල තමයි කතාව කරන්නේ නැත්තේ"කියලා.(මමනේ දන්නේ මම කතාව කරපු හැටි. ;) )

මම අන්තිමට කතාව කරලා තියෙන්නේ පෙබරවාරි මාසෙද කොහෙද...(ඒකත් දවස් 4ක් පොලු තියලා. ;) )
සහන් අන්තිමට කතාවක් කරලා තියෙන්නේ ගිය මාසේ.
කෙල්ලෝ දෙන්නත් ගිය මාසේ.

කොහොම හරි ශේප් කරලාපොත සර්ට ලඟ නිසා බය නැතුව හිටියා.....

දැන් එන වෙලාව.(මට හවස පන්ති නිසා මම 10.45 ට එනවා.)ඔෆිස් එකට ගිහින් ඉල්ලුවා කලින් යන පොත.පොත අරගෙන කිව්වා.බැලින්නම් අපේ පන්තියේ කෙල්ලෝ පොත අරගෙන....

දැන් මම බලං ඉන්නවා පොත එනකම්...කෙල්ලෝ ඔක්කොම ලියලා ඉවරයි.පොත ඉල්ලුවට දෙන්නේ නෑ.....
මොනව කරන්නද?ආතල් එකටත් එක්ක මම කෑ ගැහුවා "අපේ ගෙදර මනුස්සයා බලන් ඇති.පරක්කු වෙනවා.ඉක්මනට දෙන්න ;) "කියලා.
මොන ???
දෙන්නේ නෑනේ මේ යෝදියෝ සෙට් එක.
මට කියපි"පොත ඕනනම් ධම්ම චින්තා පොත ගෙනත් දෙන්න"කියලා.
මම කිව්වා"බෑ"කියලා.
"එහෙනම් දෙන්නේ නෑ"
"මට පොත එපා...."
(ටික වෙලාවකින්)
"අනේ පොත දෙනවකෝ.මට පරක්කු වෙනවා"
"පොත කෝ?"
"සර් ළඟ"
"ගෙනත් දෙනකම් දෙන්නේ නෑ"
"එහෙනම් තියාගන්න.මම යනවා"

ඔන්න ඔහොමයි අද කලින් ගෙදර ආවේ.අන්තිමට ලියන්නෙත් නැතුව ආවා.ලෙඩක් ගියාද දන්නේ නෑ.
එහෙනම් අදට ඇති.ආයෙත් පස්සේ හම්බෙමු.




10 ප්‍රතිචාර:

Anonymous said...

mekanam athal... ubata card 1 ehema watila nadda blog mal;li kiyala eh...????
any way nice ful athal:D

Xpress (SiS™ ) said...

ඇනොනිමස් අයියේ කමෙන්ට් එකට බොහෝම ස්තුතියි.මගේ බ්ලොග් කෙරුවාව ගැන අපේ උන් හරියට දන්නේ නෑ.
:D

Anonymous said...

එල මල්ලි දිගටම ලියන්න
මම ශාන් අයිය

malee_msg said...

100 ක්‍රමේ හැටියට ඔයා ඊළග සති දෙක යන්නේ නැති නිසා ප්‍රශ්ණයක් වෙන එකක් නෑ නේ මල්ලියේ..හැබැයි ඉතිං ඔයාට හොදම වැඩේ ගැණු ළමයි එක්ක කේස් දාගන්නවට.. දැක්කනේ ගර්ල්ස් රොක්ස්! :පී

Xpress (SiS™ ) said...

අනේ මලී අක්කේ.....
මම කෙල්ලෝ එක්ක ඔයිට වඩා හොඳ බකට් දාගෙන තියෙනවා.
ගර්ල්ස් රොක්ස්!එකට හොඳ විග්‍රහයක් දෙන්න පුළුවන්.මෙතන නම් බෑ.වෙනම ඕනනම් දෙන්නම්.
oonanam maawa ganna Gmail wala...
dilankaguruge
අක්කගේ ප්‍රතිචාර වලට තුති.දිගටම මට හයියක් වෙන්න මාත් එක්ක ඉන්න හොඳේ....
ශාන් අයියේ ප්‍රතිචාර වලට තුති.දිගටම මාත් එක්ක ඉන්න හොඳේ.

උෂාන් කෝදාගොඩ විතාරණ said...

මල්ලි මචෝ ඔයගෙත් දහම් පාසල් ජීවිතේ මගේ වගේ :D

මනුශාන් said...

ඔය නාලා තියෙන්නේ හොදට
සබන් කැල්ලක් දෙන්නද අන් ගාලා නාපිය
හික් හී
එළ එළ දිගටම ලියපන් සුබ පැතුම්

Prashan Fernando said...

mata nam mokuth thrune nehe. e mama catholic hinda wenna athi. namuth theruna widihata wade aathal wage. :)

Anonymous said...

හි හි... අනේ බොල කොළුවෝ, උඹ දහම් පාසැලුත් යනවද? හොදා හොදා

Xpress (SiS™ ) said...

@ උෂාන් අයියා_අයියේ,එළ එළ...දාන්න 5ක්...
:)
@ මනුශාන්_මචෝ,සබන්නම් එපා.උඹ ගුටි කාල හම්බෙච්ච චොක්ලට් කෑල්ලක් දෙන්න....
;)
@ ප්‍රශාන් අයියා_එළ එළ අයියේ.වැඩේනම් ආතල් තමයි...
:)
@පිස්සා_අනේ බුදු පිස්සෝ මම යනවා.100 ක්‍රමේට තමයි.ඔපාර 111 ට බහින්න වෙනවා.
:(

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න