web 2.0

Friday, October 9, 2009

බ්ලොග් එකේ වෙනස





කට්ටියට සුභ උදෑසනක්!මම ඊයේ කිව්වනේ බ්ලොග් එක වෙනස් කලා කියලා.ඒක ඉතින් කියන්නත් ඕන නෑනේ.දකින්න ඇති නේ?කොහොම හරි මාර ගේමක් දීලා හොඳ ටෙම්ප්ලේට් එකක් හොයා ගත්තා.මාර දුකක් තමයි ටෙම්ප්ලේට් හොයන එක.කොහොම හරි වැඩේ හරි.
දැන් වෙන අවුලක්.යන්තම මම බ්ලොග් එකේ කවුන්ටර්ස් බේර ගත්තට දාල තිබුන ලින්ක්ස් ටික බේරගන්න බැරි වුනා.ඒ නිසා පොඩි උදව්වක් ඕන.ඔයාලත් බ්ලොග් කරනවා ඇතිනේ.ඔයාලගේ බ්ලොග් ඇඩ්‍රස් එක දීලා යනවනම් මට ලින්ක් එකක් දාන්න පුළුවන්.
....


අළුත් ආරංචිය

අළුත් ආරංචිය.....මේකයි.දැන් අපේ යාළුවො හැමෝම වගේ පොටෝ බ්ලොග් කරනවනේ.මටත් හිතුනා නිකන් ඉන්න වෙලාවට කරගෙන යන්න කියලා පොටෝ බ්ලොග් එකක් කරන්න.දෙපාරක් හිතන්නේ නැතුව පටන් ගත්තා.
මෙන්න මෙතන කොටන්නකො ඒක බලන්න.
අන්තර්ජංජාලෙම රවුමක් දාලා ටෙප්ම්ලේට් එකකුත් දැම්ම.දැන් වෙලා තියෙන ප්‍රශ්නේ පොටෝ ගන්න හොඳ කැමරාවක් නෑ.මට තියෙන්නේ ඩබ්ලිව් 200 එකක් නිසා ඒකෙන් තමයි පොටෝ බ්ලොග් එක කරන්න වෙන්නේ.කමක් නෑ.ඕනකම ඇත්නම් කරන්න බැරි දෙයක් නෑ නේ?ඒ නිසා පුළු පුළුවන් විදිහට බලමුකො....



පොටෝ බ්ලොග් එක බලලා අඩුපාඩු කියනවනම් ලොකු හයියක්...

12 ප්‍රතිචාර:

සහන් සටහන් said...

නියමයි නියමයි.... මම කිවෙ ෆොටෝ බ්ලොගේ (phone එක w200i උනත් අරන් තියන පිංතූරනම් සුපර්) මේ තීම් එක ඇරුනම වෙන ඒව තිබුනේම නැද්ද මචෝ.

Anonymous said...

මගේ බොලොග් එක
http://www.pcteching.wordpress.com/

Xpress (SiS™ ) said...

@සහන් අයියා_අනේ අයියේ මාර ගේමක් දීලා ඕක හොයා ගත්තෙත්.හොඳ එකක් හොයලා දෙන්න්න පුළුවන්නම් ලොකු හයියක්...මාව ඇගෙව්වට ස්තුතියි.මෙහෙම හයිය දෙනවනම් ඕනම් දෙයක් කරන්න බැරිය....

@Anonymous_අනේ! අයියේ තාම එක පෝස්ට් එකයි නේ?හරි මම ලින්ක් ලිස්ට් එක දාන වෙලාවට අනිවා දාන්නම්...

සහන් සටහන් said...

මේ site එකේ හුඟාක් තීම්ස් තියෙනවා බලන්න හොඳයිද කියලා. මගේ blog එක ටත් තීම් එකක් ගත්තේ ඔය සයිට් එකෙන්

Kanishka said...

ටැම්ප්ලේට් එකේ බ්ලොග් පෝස්ට් එකට තියෙන ඉ‍‍ඩ ටිකක් අඩුයි වගේ.. තව හොඳ ඒව සර්ච් කරල බලන්න.. සැලෙන්න එපා.. w200 එකකින් හරි පොටෝ බ්ලොග් එකක් කරන එකයි වටින්නෙ.. අපේ සුබ පැතුම්...
profile එක බැලුවොත් මගේ බ්ලොග් එකත් බලාගන්ඩ පුලුවන් ;)

Xpress (SiS™ ) said...

@ සහන් අයියා_අයියේ මම ඒක බැලුවා.සීන් එක කියන්නේ ඒක ඩවුන්ලෝඩ් කරලා බ්ලොගර් අප්ලෝඩ් කරන්න බෑ.[ෆයිල් එක එන්නේ එක්ස්.එම්.ද කොහෙද කියලා ෆෝමැට් එකකින්.]කොහොමහරි ප්‍රතිචාර වලට සහ දුන්නු සහයෝගයට ස්තුතියි.මම හොඳ ටෙම්ප්ලේට් එකක් තව හොයන්නම්කෝ.

Xpress (SiS™ ) said...

@ කණියා_ප්‍රතිචාර වලට ස්තුතියි.මම ප්‍රොෆයිල් එක බලන්නම්.

සහන් ගේ blog සටහන් said...

මල්ලියෝ .xml file එක තමා තීම් එක. ඔයා ඒ ෆයිල් එක අරගෙන ඔයගෙ බ්ලොගර් එකේ Layout > Edit HTML ගිහින් Upload a template from a file on your hard drive: කියල තියන තැනින් අර කියපු xml ෆයිල් එක ‍තෝරල දෙන්න ඊලගට Temlate එක save කරන්න.example

Xpress (SiS™ ) said...

ඕං අයියේ වෙන තීම් එකක් දැම්මා.මේක බලන්නකෝ...

සහන් සටහන් said...

කෝ නෑනේ

Xpress (SiS™ ) said...

දැන් බලන්නකෝ

සහන් සටහන් said...

ආ ඔයා කියන්නෙ ෆොටෝ බ්ලොග් එකද මම කිවෙ මේ බ්ලොග් එකේ තීම් එක ගැන. මොකද මේකෙ පෝස්ට් වලට වඩා වැඩි ඉඩක් යන්නේ ගැජට්ස් බාර් දෙකට, එතකොට පෝස්ට් එකට තියන අවධානෙ අඩුවෙනවා ඒකයි කීවෙ

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න