web 2.0

Sunday, October 4, 2009

පුංචි {රස} කතාවක්.....


හලෝ ඉතින් කස්ටියට කොහොමද?කාළෙකින් මුකුත් ලියන්නත් බැරි වුනා.මොන? වෙලාවක් තියෙනව කියලද?උදේට ඉස්කෝලේ හවස පන්ති.වෙන වැඩක් කරන්න වෙලාවක් නෑ.හැබැයි මාව දන්න කට්ටිය දන්නවා මම කොහොමහරි දවසකට පැය 2ක් විතර ඔන්ලයින් කියලා.....අඩුගානේ මේල් ටික බලන්න හරි මම ඉතින් එනවා.

ගිය සති දෙකනම් ෆුල් චාටර්... කියලා වැඩක් නෑ.කොම්පියුටරේ ඉස්සරහ ඉන්න වෙලාව වැඩිද මන්දා දිගටම {ගිය මාසේ 28 ඉඳන්} ඔලුව කැක්කුමක් එනවා සැරෙන් සැරේ.මොනවා කරන්නද?"ඉවසන දනා රුපු යුධයට නැති කඩුව කොස් කොටන්නද?" කියලා ඉවසගෙන ඉන්නවා...

ඒ මදිවට ඉස්කෝලේ දෙමාපිය රැස්වීම තිබුනා නෙව ගිය සතියට කලින් සතියේ සිකුරාදා.මටනම් ඉතින් හෙන ෆන්... එපා උනා... ඒ මදිවට ඒකෙදි කියලා කොහොම හරි දවසකට පැය 2ක් පාඩම් කරන්න යොමු කරන්න කියලා.හපෝයි...!මොනව කරන්නද?ගෙදරින්නම් කෑ ගහනව....මොනව කරන්නද මම ඒ වගේ වැඩක් ඇති වැඩක් කරනව කියලද?

මේ සතියේ වැස්ස නිසා ඔක්කොම වැඩ අල වෙලා තියෙන්නේ...කුඩේ බෑග් එකේ දාගෙන තෙමි තෙමී යනවා.....මොකෝ මාසෙකට දවසක්වත් නානව කියලද? :-) කොහොම හරි ගිය සතියේ ඉස්කෝලේ වැඩමුළුවක් තිබුනා ආදි ශිෂ්‍ය සංගමයෙන් මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ ලියන අපේ ඉස්කෝලේ අයියලාටයි,සංඝමිත්තා විද්‍යාලේ අක්කලටයි,තව මොකක්ද {සිරාවටම නම බලාගන්න බැරි වුනා.බලන්නේ කොහොමද අක්කලාගේ ටයි එක දිහා බලනව දැක්කොත් ඉවරයි නේ.කියන්න බෑනේ මේකාලේ ;-) }ඉස්කෝලෙකටයි.ඉතින් එදා උදේ පාන්දරම අයියලා ඇවිල්ලා එක්කගෙන ගියා අපේ {10 වසරේ} ශිෂ්‍ය නායකසෙට් එකයි.යනකොට 17 යි.වැඩමුළුව ඉවර වෙනකොට 5 දෙනයි. :-( මොනව කරන්නද?කට්ට කාගෙන හිටියා.

අපේ උන් කට් එක දාපු එකෙන් කියන්න ගිය කතාවත් අමතක වුනා...කොහොම හරි ඒ වැඩමුළුවට ගිහිල්ලා හෙන ඇඩ් එක වුනා.{අක්කලා වුනත් 400 ක් විතර ඉස්සරහා} ඒ වැඩේ නිසා මම මූණු පොතේ නොදන්න අක්කලා වගේකුත් මාව අඳුරගෙන...{ඒකත් එල වැඩේ නේද?එයාල මාව දන්නව.මම එයාලව දන්නේ නෑ. :-) }එදා ඉන්ටර්වල් එකට කන්න වුනෙත් නෑ.බඩගින්නේ ඉන්න බැරිම තැන කිරි පැකට් 2ක් බිව්වා.කිරි පැකට් වලට පින් සිද්ද වෙන්න හෙම්බිරිස්සාවත් හදාගෙන පන්තිත් නොගිහින් කොල්ලා ගෙදර. :-(

ආහ්...! මේ මාසේ 6 වෙනිදා "ලෝක ගුරු දිනය" නේද?ඒකට මොකක් හරි සිහිවටනයක් දෙන්න කියලා තීරණය කලා අපේ පන්තියේ කොල්ලො සෙට් එක.සිහිවටනයක් විදිහට බුක් මාර්ක් එකක් දෙන්න කියලයි හිතුවේ.{අපට පුලුවන් විදිහට.කොහෙන් හරි රෝලක් ගහගෙන. :-) }බුක් මාර්ක් එක හදන්න බාර වුනෙත් මට.දැන් වෙනකොට හදලත් ඉවරයි.ප්‍රින්ට් කරන එක තමයි අවුල.මොකද තාම සනීප නැති නිසා ටවුන් එකට යන්නත් බෑ.නොගිහිනුත් බෑ.බාර දුන්නු වැඩේ කොහොම හරි කරන්නත් එපාය.

ඔය ඔක්කොම දන්න සෙල්ලම් දාන අතරේ මගේ මූණු පොතේ පොටෝ එකටත් එඩිට් පාරක් දුන්නා.දැන් මගේ මූණේ තිබුණු වැව් ටිකයි,කඳු ටිකයි නෑ.පොටෝෂොප් වල පිහිටෙන්.එහෙනම් මේ ලිපියට මේ ඇති.තව රස කතාවක් තියෙනවා.ඒකත් අද හෙටම දාන්නම්.එතකම් හැමෝටම ආයුබෝවන්!

2 ප්‍රතිචාර:

Chanaka Aruna Munasinghe said...

සැරින් සැරේ ඔලුවෙ කැක්කුමක් එනවනම් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් අරන් ඇස් පරීක්ෂා කරවගෙන බලන්න . සමහර ඇස් ලෙඩ වල මූලික ලක්ෂණයක්ලු සැරෙන් සැරේ ඔලුව කැක්කුම හැදීම. බය වෙන්න එපා මූලික අවස්තාවෙදිම අඳුනා ගත්තොත් බය වෙන්න කිසිම දෙයක් නැහැ.

Anonymous said...

photoshop දන්නවං කියල දෙන්න මුනේ ආවාට ඇරල පැහැපත් තරනහැටි

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න