web 2.0

Sunday, August 25, 2013

දිල්ලි යමු.[අද කටුනායක ඉඳන් දිල්ලියට]


හරි..මම ඉතින් කාලෙකට පස්සෙ ලිව්ව කලින් ලිපියෙදි කිව්වනෙ දිල්ලිය වටේ ටිකක් ඇවිදින්න එක්කං යනව කියල.ඉතින් ඒ ගමනෙ පලවෙනි පියවර විදියට අද ලියන්න යන්නෙ ඉන්දියාවෙ යන්න ලක ලෑස්ති වෙන්න ඕනෙ කොහොමද,ගෙනියන්න ඕනෙ මොන වගේ දේවල්ද,ඒ වගේම මට එහෙම දිල්ලි යන්න සෙට් උනේ කොහොමද කියන කාරණා ටික.


ඔන්න ඔය සිතියමෙන් දිල්ලිය තියෙන්නෙ කොයි හරියෙද කියල බලාගන්නකෝ...

මුලින්ම මට දිල්ලි යන්න සෙට් උන හැටිත් කියල ඉන්නම්..
ඇත්තටම මට නම් දිල්ලි යන්න ලැබුනෙ මගේ ඉස්කෝලෙ වෙච්ච ගාල්ලෙ රිච්මන්ඩ් විද්‍යාලය හා ඉන්දියාවෙ නවදිල්ලියෙ අශෝක් විහාර් වල පිහිටල තියෙන මොන්ට්ෆොර්ට් සෙකන්ඩ්‍රි ස්කූල් එක අතරෙ කෙරුනු සිසු හුවමාරු වැඩසටහනකට අනුව.මේ ක්‍රියාවලියට මැදිහත් උනා ඉන්දු-ශ්‍රී ලංකා පදනම.ඒ අනුව පදනම හරහා ගුවන් ටිකට්පත් සහ ලැබුන.ඉතින් මේ වෙලාවෙ ඒ ක්‍රියාවලියට දායක උන සියල්ලන්ටම ස්තූති කරනව අපට එහෙම අවස්තාවක් හදල දුන්නට.

අපි ඔය ගමන ගියේ 2012 වසරෙ ජුලි 21.මේ කාලෙ වෙනකොට දිල්ලියෙ ග්‍රීස්මෙ ඉවර වෙලා වැහි කාලෙ පටන් ගන්න කාලයක්.
සාමාන්‍යයෙන් දිල්ලිය ලංකාවට වඩා රස්නෙයි.ඒ නිසා ඒ පැත්තෙ යනවනම් සන් ක්‍රීම්,සන්ග්ලාස් වගේම සැහැල්ලු ඇඳුම් තෝරගන්න එක තමයි කරන්න ඕනෙ.
ඉන්දියාවෙ තියෙන ස්වරාජ්‍ය සංකල්පයට අනුව අපට ඒ රටට ඇතුල් වෙද්දි ඉන්දියානු රුපියල් අරන් යන්න බැහැ.තහනම්.මාට්ටු උනොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න තත්වයක් තියෙන බව තමයි අපිව නම් දැනුවත් කලේ.ඒ නිසා අපි ගෙනිච්චෙ ඩොලර් වලින්.(මම ලඟදි හොයපු විදියටත් ඒකෙ කිසිම වෙනසක් නෑ.)

ඒ වගේම දැඩි උපදෙස් ලැබුන අපට නම් කෙල්ලො එක්ක කතා කරන්න යන්න එපා කියල.මොකද එහේ කෙල්ලො නපුරුයි කියල.(අපි ඉතින් කොල්ලො 8 ක් නෙ ගියේ.සර්ල දෙන්නෙක් එක්ක.)
ඉන්දියාව රටක් විදියට දියුණු උනත්,මිනිස්සු දුප්පත්.ඒ කියන්නෙ සරලවම සල්ලි ඇති එකා ගාව උතුරන්න තියෙනව.නැති එකා ගාව කීයක්වත් නැහැ.ඔය හේතුව නිසාම ඉන්දියාව තුල අපරාධ සාපේක්ශව වැඩියි.ඒ නිසා අපට උපදෙස් ලැබුනෙ කිසිම විටෙක පිටිපස්සෙ සාක්කු වල පසුම්බි තියාගන්න එපා,කිසිම වෙලාවක තමන්ගෙ කණ්ඩායම මග හැරගන්න එපා,අපේ බෑග් එකක් හරි හොරෙක් උස්සන් ගියොත් ආසාව අත හරිනව මිසක් පස්සෙන් පන්නන්න එපා කියල.

හරි.ඔන්න ඔය උපදෙස් එක්ක තමයි අපට ගමන යන්න ලැබුනෙ...

අද මම කට්ටියව දිල්ලියට එක්කන් යන්නම් නවතින තැනට.ඊලඟ ලිපියෙ ඉඳන් ඇවිදිමු.එහෙම හොඳයිනෙ.

අපට ගුවන් ටිකට්පත් ඉන්දු-ශ්‍රී ලංකා පදනමෙන් ලැබුන කියල මම කිව්වනේ.ඒ අනුව අපට ටිකට්ස් ලැබුනෙ Air India මගින් ඉන්දියාවට යන්න.චෙන්නායි ගුවන් තොටුපලට ගිහින් එහෙන් මාරු වෙලා තවත් Plane එකකින් දිල්ලියට යන්න.

ඔය චෙන්නායි ගුවන් තොටුපල ඇතුලෙ අපට පැය 3 ක් විතර ඉන්න උනා අනිත් Plane එක ගන්න.ගුවන් තොටුපල ගැන කියනවනම් හද්දම හද්ද චාටර් ගුවන් තොටුපලක්.හරියව වාඩි වෙන්නවත් පහසුකමක් නෑ.තියෙන පුටු උනත් කිසිම පිරිසිදුකමක් නෑ.වාඩි වෙන්න අප්පිරිය තරම්.

කටුනායක ඉඳන් චෙන්නායි වලට යන්න පැයකට අඩු කාලයක් තමයි ගත උනේ.ඊට පස්සෙ චෙන්නායි වල ඉඳන් දිල්ලි යන්න පැය 3 කටත් වඩා ගියා මගෙ මතකෙ හරිනම්.

දිල්ලි ගුවන් තොටුපල නම් සුපිරි..පට්ටම ගති.ඒක 2011 දි නවීකරනය කරල.ඒ නිසා පහසුකම් හොඳයි.ඔන්න ඔහොමයි අපි දිල්ලියට ලඟා උනේ.එයාපෝට් එකෙන් එලියට එද්දි පාන්දර 1 විතර වෙන්න ඇති.එතන ඉඳන් නවතින තැනට වෙනකම් කතාව ලියන්න ඕන නෑ නෙ.පින්තූර ටිකක් එහෙම දාන්නම්කෝ කට්ටියට කතාව ටිකක් දැනෙන්නත් එක්කලම...




මේ කටුනායක ගුවන් තොටුපල ඇතුලෙදි.


මේ අපි කටුනායකින් පිටත් වෙන්න ඔන්න මෙන්න කියල ගත්ත photo එකක්.


ඔය Plane එක යද්දි 


Plane එක ඇතුල



චෙන්නායි ගුවන් තොටුපල
 චෙන්නායි ඉඳන් දිල්ලියට යන අතර

චෙන්නායි ඉඳන් දිල්ලියට යන අතර තුර හම්බෙච්ච රෑ කෑම




ඔය වාහනේ තමයි ගුවන් තොටුපලේ ඉඳන් ඉස්කෝලෙට ගියේ.

ආහ් කියන්න අමතක උනා.Air India එකේ ගුවන් සේවිකාවො නම් ලස්සනක් නෑ නෑ වගේ මට.අපේ අනිත් උන්ටත් ඒ වගේ..ඒ නිසා ඉතින් යනවනම් අපේම කියල Srilankan Plane එකක යනවනම් තමයි වඩා හොඳ.. :D

හරි.එහෙනම් ඊලඟ ලිපියෙ ඉඳන් අපි දිල්ලියේ ඇවිදිමු..(පොඩ්ඩක් තරහ නැතුව කියන්න මගේ ගාව තියෙන සමහර වීඩියෝ කෑලිත් අමුනන්න ද කියල..)

6 ප්‍රතිචාර:

Anonymous said...

flight කියන වචනය අද බොහෝ දෙනෙක් වරදවා යොදනවා. flight කියන්නේ ගුවන් ගමන කියන එකයි. නමුත් සමහරු ගුවන් යානයටත් flight කියලා කියනවා. එය සම්පූර්ණයෙන්ම වැරදියි. ඔබත් ලියලා තියනවා flight ඒකෙ ඇතුළ කියලා. එය plane ඒකෙ ඇතුළ වියයුතුයි.

Dilanka Madhawa said...

@ඇනෝ-ස්තුතියි කමෙන්ටුවට.වැරැද්ද හදන්නම්.. :)

පෙදරේරුවා නොහොත් මේසන් බාස් said...

මොකද එහේ කෙල්ලො නපුරුයි කියන්නේ

cnp said...

මමත් දිල්ලි ඉඳල ආවේ මේ July 6. මම මාස 3 1/2 ක් දිල්ලි හිටියා. දිල්ලි ගැනි ලියන්න. අවශ්‍ය නම් මම දන්න විස්තරත් දෙන්නම්

Dilanka Madhawa said...

@පෙදරේරුවා - අනේ මංද...අපට යද්දි කිව්වෙ එහෙමයි..ගිහින් කරපු වැඩ මීළඟ ලිපියේ සිට.. ;)
@ අහ් cnp අයියෙ,එල එල..මම මගේ දවස් 10 ටික කට්ටියව එක්කගෙන යන්නම්.ඔයා කැමතිනම් එතන ඉඳන් දිගුවක් විදියට ලියල එවන්න.ඔයාගෙ නමින්ම publish කරන්නම්.

Hemantha said...

ගොඩක් කලින් ලියපු ලිපියක් උනාට අද යි කියෙව්වේ .. ලංකාවේදීත් ඔය මුදල් සම්බන්ද නීතියක් තියනවා .. පිට රටක ඉඳන් එන කෙනෙක්ට ලංකාවට ගෙන්න පුළුවන් රුපියල් වලින් 5000ක් විතරයි .. ඒ වගේම විදේශ මුදල් වලට සීමාවක් නෑ .. නමුත් 15000$ කට වඩා වැඩි ගණනක් නම් අවසර ගත යුතුයි .. නමුත් ඉන්දියානු සහ පකිස්තානු මුදල් ලංකාවට ගෙන්න තහනම්

ඒ වගේම ලංකාවෙන් ගෙනියන්න පුළුවන් ලංකාවේ රුපියල් වලින් 5000ක් විතරයි

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න