web 2.0

Monday, August 26, 2013

දිල්ලි යමු.[අද ගාන්ධි සමාධිය හා අක්ශදාම්]

ඉස්සෙල්ල ලිපියෙන් මම දිල්ලියට එක්කන් ගිය ඔයාලව අද පොඩ්ඩක් එළියෙ ඇවිදින්න එක්කගෙන යන්නම්.බලන්න යන්න හිතං ඉන්නෙ ගාන්ධි සමාධිය සහ අක්ශදාම් කියන පන්සල.

ගාන්ධි සමාධිය කියන්නෙ මහත්මා ගාන්ධි තුමාගෙ සොහොන කිව්වොත් මම හරි.අදටත් එතනට ඉන්දියාවෙ මිනිස්සු ගොඩක් ගරු කරනව.පුද පූජා වගේ කටයුතුත් කරනව.
ගාන්ධි සමාධියට යද්දි අපට හිස්වැසුම්,පාවහන් දාන්න බැහැ.ඒ නිසා ඒව ගලවල,කට්ට අව්වෙ රත් වෙච්ච සිමෙන්ති උඩින් තමයි යන්න තියෙන්නෙ.මේ ගාන්ධි සමාධිය අවට ඒ සඳහාම වෙන් කරල තියෙන්නෙ.පරිසරය හොඳට හදල තියෙනව.ඒ තතු විති මේ පහල තියෙන පින්තූර වලින් බලාගන්නකෝ.











ඔතන බලල ඉවර වෙලා,හොඳටම තැම්බුනාට පස්සෙ අපි ගියේ අක්ශදාම් කියන පන්සල බලන්න.
ඉන්දියාව කියන්නෙ ආගම් 300 ගානකටත් වඩා තියෙන රටක්.ඉතින් මේ මම කියන පංසලත් වෙන ආගමකට අයත් වෙන තැනක්.
මෙතන්ට දවසකට දහස් ගානක් එනව බලන්න.වාහන 1000කටත් වඩා නවත්තන්න පහසුකම් පවා තියෙනව.ඇතුල් කරද්දි හැමෝම පරීක්ශා කරනව.කැමරා,ෆෝන්,හම් වලින් හදපු බෙල්ට්ස්,පර්ස් වගේ ඒව ඇතුලට ගෙනියන්න දෙන්නෙ නැහැ.ගූගල් දෙයියන්ගෙන් සහ අක්ශදාම් පන්සලේ වෙබ් අඩවියෙන් බාගත්ත පින්තූර ටිකක් බලල ඉන්නකෝ..








මේ අක්ශදාම් පන්සලේ නරඹන්න තැන් කීපයක් තියෙනව.ඒ ආගමේ සාස්තෘවරයාගෙ කතාව මෙහිදී අපට කියනව.
පන්සල ලඟදි හදපු එකක්.ගොඩනැගිලි සියල්ල වායුසමනය කරල තියෙන්නෙ.ගොඩනැගිලි අතරෙ මාරු වෙන්න පෝලිමේ ඉන්න ටිකේ සෙල්සියස් අංශක 38-40 ක විතර ඉඳල,ගොඩනැගිලි ඇතුලෙ හොඳට වෙව්ලන්න තියෙනව.අපට ඒක එපා උනා.එච්චර උශ්නත්ව වෙනසක් මට අත්විඳින්න ලැබුන පලවෙනි අවස්ථාව ඒ.

එක ගොඩනැගිල්ලක පිලිම තියල එහෙම කතාව යනව.ඊට පස්සෙ ඊළඟ එකේදි මූර්ති හදල,ඒ මූර්ති වලට අංගචලන හා වචන පටිගත කිරීමෙන් කතාව ගෙනියනව.තුන්වෙනි ගොඩනැගිල්ලෙදි සම්පූර්ණ චිත්‍රපටි ශාලාවක් තියෙන්නෙ.එතනදි කලින් නැවතුන තැන ඉඳන් කතාව චිත්‍රපටියක් විදියට පෙන්නනව.හින්දියෙන් විස්තර කලත් අපට ඉංග්‍රීසි විස්තර ඉල්ලුවොත් හෙඩ්ෆෝන්ස් දෙනව ඉංග්‍රීසියෙන් අහන්න.අන්තිම ගොඩනැගිල්ලෙදි බෝට්ටුවේ යන්න තියෙන්නෙ.බෝට්ටුවේ යනගමන් අදාල සාස්තෘවරයාගෙ කතාවෙ අන්තිම ටික පැහැදිලි කරනව.බෝට්ටුව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නෙ යටින් සවි කරල තියෙන බෙල්ට් එකක් මගින්.




අදට ඔය ටිකට විතරයි යන්න වෙන්නෙ..හෙට අනිද්ද නම් ඇවිදින්න බැරි වෙයි.මම ඇවිදින්න යන නිසා.29 විතර ආයි රවුමක් යමුකෝ...


0 ප්‍රතිචාර:

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න