web 2.0

Tuesday, November 27, 2012

උසස්පෙළ කේවල ව්‍යාපෘතිය සඳහා දත්ත රැස් කිරීම

කාලෙකින් මේ පැත්තට ගොඩ උනේ බ්ලොග් ලියන,කියවන හැමෝගෙන්ම උදව්වක් බලාපොරොත්තුවෙන්.ඒ තමයි මම උසස් පෙළ කේවල ව්‍යාපෘතියට දත්ත එකතු කරන්න සකස් කරපු පෝරමය පුරවන්න කියන එක.
මම උසස්පෙල ව්‍යාපෘතියට තෝරගත්තෙ "ලංකාවෙ උසස් අධ්‍යාපනය"කියන මාතෘකාව.ඒ නිසා ඔයාල හැමදෙනෙක්ගෙන්ම ඉල්ලා සිටිනව මේ පෝරමය පුරවල මට උදව්වක් දෙන්න කියල.

උපාධි ඇති නැති භේදයක් නැතුව මට මේකට දත්ත ඕන කරනව.ඒ නිසා ඔයාලට උපාධි තියෙනවද නැත්ත කියන එක මේකෙදි විශේශෙන්ම වැදගත් වෙන්නෙ නැහැ.මට ඕඅන සලකා බලන සමාජයේ ජන කොටසකින් අදහස් ගන්නයි.
ඒ වගේම කියන්න ඕන මේ පෝරමය හරහා ඔයාල මට ලබාදෙන දත්ත කිසිම විශියකින් වෙනත් පාර්ශව වලට යන්නෙ නෑ කියලත්.එහෙනම් අදට ගිහින් එන්නම්...

පෝරමය සඳහා ... https://docs.google.com/spreadsheet/viewform?fromEmail=true&formkey=dEtVZUxZRUN3dDl3VmVpV2R2aGo1a1E6MQ

1 ප්‍රතිචාර:

Sabith said...

මේ ෆෝම් එකෙන් නම් දත්ත හොයන්න වෙන්නේ නෑ කොලුවෝ!
අන්තර්ජාලයෙන් දත්ත රැස් කරද්දි තියෙන්න ඕන closed type questions (yes/no type) ගොඩකුයි open type ( අදහස් දක්වන්න ඉඩ සහිත) ඒවා ටිකකුයි. ඒ නිසා කරන්න පුලුවන් නම් හොඳම දේ ටික් කරගෙන කරගෙන යන්න පුලුවන් විදිහට ෆෝම් එක වෙනස් කරල අදහස් ඕනමයි කියල හිතෙන තැනට ඉඩ තියන්න. උදා: ඔයා අහනවා උපාධි අපේකෂකද/උපාධිදාරීද/ සරසවි අපේක්ෂකද කියලා. එතන අපිට උත්තර ටයිප් කරන්න තියන්නේ නැතුව අදාල එක උඩ ටික් කරන්න පුලුවන් විදිහට හරි ගස්සන්න.
අවංකව මේ ෆෝම් එකට අදහස් දක්වනවා කියන එක බ්ලොග් පෝස්ට් එකක් ලියනවා වගේ..
වැරදියට හිතන්න එපා හොඳේ. :)
පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන මං ලියපු පෝස්ට් දෙකක් තියෙනවා. ගොඩ දෙනෙක් සංවාදයක් ගොඩ නැගුවා එතනදි! ඒ දෙක කියවලා බලන්න. ඔයාගේ වැඩේට උදව් වෙයි කියලා හිතෙනවා!

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න