Saturday, September 1, 2012

ඔබව රිදවයි කියා....

ආදරෙයි
ඔය හුර්හතල් මූණට
දඟකාර හිනාවට
ඒත්
හරිම බයයි
අල්ලන්නට ඔය කම්මුල් පෙති
රිදෙයිදො කියා
මා අල්ලන විට
මාගේ ගොරෝසු ඇඟිලි තුඩින්...
සිපගන්නට,
ආසයි ඔය රොස පැහැ වන් තොල්පෙති මත
මගේ තොල් තියා
සැබැවින්ම එයටත් බයයි මම
වියැලුණු තොල්පෙති
ඔබව රිදවයි කියා....

(ධනවත් කෙල්ලෙකුට පෙම් බඳිනා දුප්පත් කොල්ලෙකුගේ සිතුවිලි....)

1 comment:

Chandana said...

//අලුත් බ්ලොග් ලියන්නන්ට ලියමි// මේ ලිපියේ ලින්ක් එක ලැබිලා ඒකෙන් තමා මෙතනට ආවේ. ඕන් ඒ ලිපිය මට ගොඩක් වැදගත් උනා. ස්තුතියි ඒකට. :)

…කවියේ අන්තිම පද දෙක තුල ලොකු කතාවක් තියනවා වගේ දැනුනා මට.

යාවජීව කෝපිකාරයො