web 2.0

Monday, June 6, 2011

මගේ අලුත් එක්කෙනා.....

ආ...ආව නේද මගේ අලුත් එක්කෙනා බලන්න?එහෙනම් ඔන්න එයාව බලන්න කලින් පහල ටික කියවන්න වෙයි..හොඳම දේ අන්තිමටම දාන්නම් කෝ.
කොට ජීවිතේ අක්කත් ෆෝන් එකක් අරගෙන...හ්ම්ම්...නිකන් නෙවේ නේ..සත 50ක විතර නෝන්ඩියකුත් හම්බෙලා..අපේ අයත් දැන් ටිකක් ටිකක් ෆෝන් ගැන ෆෝම් වෙච්ච වෙලේ මමත් කියන්න හැදුවේ මගේ අලුත් එක්කෙනා ගැන....
අලුත් කෙල්ලෙක් බලන්න ආවනම් ඔන්න හුළං තමා හොඳේ...
මට ෆෝන් උණක් තියෙනවනේ.එහෙව් එක තිබිච්ච ෆෝන් එක විකිණුව.විකුණල ගත්ත නොකිය ටච් එකක්....
මේ තියෙන්නේ ඒ ෆෝන් එකේ මොඩල් එකක්...

කොලුව නම් ඕක ගත්ත කිව්වට ගෙන්න ගත්ත.ඇමෙරිකාවෙ ඉඳන් මගේ පිට් එකක් ආව.පොර අතේ තමා ගෙන්න ගත්තේ.
ෆෝන් එකේ මොඩල් එක නම් නොකියා 5230.5800 එක තරම්ම පැසිලිටීස් නැතත් අවුලක් නැතුව වැඩ කරන්න පුලුවන්.ටච් උනත් අව්ලක් නැ.3.5 මිමි ජැක් පෝට් එකකුත් තියේ.සවුන්ඩ්ස් හොඳයි.ඩිස්ප්ලේ සයිස් එක 360*640 වගේම මිලියන 16ක් වර්ණ තියේ...[ආඩම්බර නැතෙයි නේ? හික් හික්...]
ම්ම්...මම කිව්වනේ ගත්තෙ යූ ඇස් ඒ වලින් කියලා සෝ ඉතින් මටනම් ඒකෙන් වාසි ගානක් සම්බ උනා නෙව...
මගේ ෆෝන් එක හදල තියෙන්නේ මෙක්සිකෝවේ.[සෝ ඉතින් චයිනිස් එක නෙවේ...]
විකුණපු එකාට වැරදිලාද මන්ද ගි.බ.4ක චිප් එකකුත් එවල තිබුන.
ඩේට කේබල් එක හම්බුනා.
ඊට අමතරව කාර් ෆෝන් රඳවනය හම්බ උනා.....
සෝ ඉතින් ලාබයි නේ?





මම මගේ ඉස්සෙල්ල තිබිච්ච ෆෝන් එකක් එක්ක කම්පෙයාර් කරපු වෙලේ ආපු පේජ් එක මෙන්න.කැමතිනම් බලන්න.
එහෙනම් අපි කැපුනා....[ආහ් අමතක උනා..මේක ගන්න ආස අය ඉන්නවනම් මේ කියන්නෙ.මම මෙකේ චයිනීස් එක දැක්කා.ගාල්ලෙ තැනක.ගාන කිව්වෙ නම් 19000කට රු 100 ක් අඩු ගානක්.{ඔව් ඔව් 19000-100= කීයද කියල මම දන්නැ.}]

20 ප්‍රතිචාර:

Bindi said...

අලුත් සුප්පුවක් හම්බ වෙලාවගේ . අපේ ගෙදර මේ දවස් වල i කතා තමයි . i ෆෝන් ....i pad අනේ මන්ද තාක්ෂණික ලෝකෙනේ නේද

Anonymous said...

මාත් ගත්තනේ අළුත් එකක්... (මීට අවුරුද්දකට විතර කලින්)

Anonymous said...

උඹේ අලුත් කෑල්ල නම් පට්ටා ඈ

රත්ගමයා said...

චාටර් බන්..චයිනීස්...ඔව්වා හැම එකා ලගම තියේ

Unknown said...

4න් 1ක් නම් ගති මල්ලියෝ...

Nishan de siva said...

උඹ ගත්තෙ කීයද කියලා කිව්වෙ නෑනේ

පන්සල් හංදිය said...

දැන් ෆෝන් එකත් අලුත් වෙලා ආ ........

Dilanka Madhawa said...

@ බින්ඩි-හ්ම්ම් ඔව් අක්කෙ ඒකනම් එහෙම තමා...ටික දවසක් යනකොට අලුත් එකක් ගන්න හිතෙනව..

Dilanka Madhawa said...

@ මල් වාලුවා-එල එල..

Dilanka Madhawa said...

@ බීටා-තැන්කූ ඈ

Dilanka Madhawa said...

@ රත්ගමයා-අනේ උඹේ කුප්ප කතා වලල මම සැලෙන්නෙ නැ යකෝ
:P

Dilanka Madhawa said...

@ නෙත්පානි- තැන්කූ අක්කී

Dilanka Madhawa said...

@ නිශාන්-$130 කට බං

Dilanka Madhawa said...

@ කල්හාර-හ්ම්ම්
:)

අපරාජිතයා :::: Aparajithaya said...

ආහ් එදා මට කෝල් එකෙන් මග එනවයි කියපු පෝන් රාජයා නේද....??

punsisinet said...

මචං Nokia Phone සහ අනිත් ගොඩක් Brand වල Phone parts Made in China, assemble කිරිම සහ packaging කරන්නෙ විකුණන රටට ලග තියන factory ඒකක. ‍quality වෙනසක් නැහැ

තාරක Dilsh@n said...

මගෙ තියෙන්නේත් ඕකට ටිකක් ලඟින් යන එකක්. ඇප් දැම්මහම ස්ලෝ වෙන්න ගන්නවා බන්...

Dilanka Madhawa said...

@ අපරාජිතයා-හුම්ම්..ඔව් ඔව් බං

Dilanka Madhawa said...

@පුන්සිසි නෙට්-ඔව් මචං ඒකනම් ඇත්ත.ඒත් බං අපේ උන් තාම මේඩ් ඉන් කොහෙද කියන එක හොයනවනේ....
;)

Dilanka Madhawa said...

@ තාරක-මගේ දැනටනම් අවුලක් නැ බං.ඇප්ස් නම් 15 ක් විතර තමා දුවන්නෙ.

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න