web 2.0

Saturday, April 17, 2010

Chinese ෆෝන් කතා වස්තුව


ෆෝන් ෆෝන්...කොල්ලො අපට දැන් නැතුවම බැරි දෙයක්නේ.සින්දුවක් අහන්න,මලක් කඩන්න එහෙම දැන් අපට වටිනම භාණ්ඩෙනේ.

කොහොමින් හරි මමනම් මේ වෙනකොට ෆෝන් 5 ක්(Philips D2,Motorola C168,Nokia 6600,Motorola V3,Sony Ericsson W200i පාවිච්චි කරලා තියෙනවා කියමුකෝ.කොහොමින් හරි මේ ළඟදි මම පාවිච්චි කරන පෝං එක ලෙඩ උනා.(මේ දවස් වල යාලුවෙක්ගේ චයිනීස් එකකට වහ වැටිල හිටියෙ.ඒ වුනාට චයිනීස් පෝං වලට වැඩිපුරම බැන්නෙත් මම.)

අවුරුදු කාලෙ නිසා මගේ අතෙත් පොඩි ගානක් සැට් වෙලා තිබුනේ.පෝං එකත් ලෙඩ වෙච්ච එකේ,චයිනීස් එකකට හිත (කෑල්ලකට නොවේ!)ගිහින් තිබුන එකේ පරණ එක ලෙඩ වුනෙත් හරියටම අවුරුද්ද දවසේ උදේ.

කොහොමින් හරි එකතු කරගනිපු රු.6000 කුත් අරගෙන කොල්ල බැස්ස එළියට පෝං හොයන්න.(මම කළින් Chinese පෝං එකක් බලල තිබුනෙ.)බැලින්නම් කඩේ වහල.ඉවසා වදාරගෙන හිටය ඊට පස්සෙන්දා වෙනකම්.

පස්සෙන්දා දවසේ උදේ 10.30 ට විතර ගියා කඩේට.ගිහින් අර බලපු Chinese පෝං එකක් ගත්ත කියමුකෝ.(අඳුරන කඩේකින් ගත්තේ.)ගෙදර ඇවිලා ටික වෙලාවකින් Touch නෑ.පොඩ්ඩක් අවුස්සල බැලුව Lock  කරගෙනද කියලා.එහෙමමත් නෑ.ඒ මදිවට Warranty ත් නෑ.

කමක් නෑ කියල ගෙනිච්ච.කඩේ අංකලුත් බැලුව.බලල කිව්වා"මේවට Warranty නැතිවුනත් ඔයාටනම් වෙන Phone එකක් නොදී බෑ" කියලා වෙන Phone එකක් දුන්නා.(ඒ Model එකෙන්ම.)ඒකේ Touch හරි.මමත් ඉතින් ගෙනාව.ගෙනල්ලා Call එකක් ගන්න බලද්දී Dial කලාට පස්සේ Network Reset වෙනවා.Calls ගන්න බෑ.SMS(වටිනම දේ.) නම් වැඩ.මොනව කරන්නද?ගෙනියන්නත් මොකක්ද වගේ.


මම ගෙනිච්ච ඕන දෙයක් කියල.(දැන්නම් Chinese පෝං එපාවටම එපා වෙලා.)ගිහින් ඇහුව "මේක වෙනුවට Nokia හරි Sony Ericsson හරි ගන්න පුලුවන්ද?" කියල."මාරු කරල දෙන්නම්" කිව්ව.පස්සේ MPx Camera,Memory Chip,GPRS,MMS තියෙන පෝං එකක් ගන්න ගිහිපු එකා ගත්තේ GPRS,Memory Chip,Camera මුකුත් නැති NOKIA 1209 එකක්.

ආයිනම් Chinese පෝං දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ.

8 ප්‍රතිචාර:

හෙළයා said...

කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ කියන්නේ ඔක තමයි.
ඕවගෙ හැටි උඹලා දන්නේ නැද්ද?

Thilan Samarakoon said...

chinese phone වල ඔය කිව්ව වගේ හැම option එකක්ම තියෙනවා. එත් ඉතින් ඔව්වා sure නෑ. මං ගාවත් තියෙන්නේ nokia 1202 එකක්. ඒවගෙ තියෙන හොද තමයි ඕන තරම් පට්ට ගහන්න පුලුවන්. chinese phone නම් ඉතින් පූජා භාන්ඩ වගෙ තමයි පාවිච්චි කරන්න වෙන්නේ...

තුෂාර ජයරත්න. said...

ඔයා ඔය දාලා තියෙන පින්තූරෙ තියෙන A 968 කියන චයිනීස් ෆෝන් එක භාවිතා කරපු කෙනෙක් විදියට මම රෙකමන්ඩ් කරන නියම ෆෝන් එකක් ඒක. බැටරි ලයිෆ් එක මල් හතයි. හැබැයි දැන් ඒකෙත් ෆේක් ෆෝන් වගයක් ඇවිත් තියෙනවා.

Unknown said...

හිහ් කෙලවුනා නේද :P:P හොද වෙලාවට අදුරන කඩයක් උනේ ;)

Xpress (SiS™ ) said...

ආයිනම් ඇස් ගහන්න කෙල්ලෝ නැති වුනත් Chinese පෝං වලටනම් ඇස් ගහන්නේ නෑ.

Hasitha Gunasinghe said...

සිරාවටම ඔය චයිනීස් phone මහම වාතයක්. හතුරෙක්ටවත් කියන්න හොඳ නැහැ ඔහොම phone එකක් ගන්න කියලා

පන්සල් හංදිය said...

ඔය උඩ තියන ෆෝන් එක ඒ 968 මමත් පාවිච්චි කරලා තියනවා. කිසිම අවුලක් උනේ නැහැ වතුරෙත් වැටිලා සර්විස් කරලා ගත්තාම අවුලක් නැතුව වැඩ කලා.

Madhawa Habarakada said...

හ්ම්ම්. චයිසීස් ඒව නම් ගන්නෙපා. ඔව පාවිච්චි කරන්න පුළුවන් අවුරුද්දයි. ඊට පස්සෙ ඔක්කොම ඉවරයි. ඕවයෙ තියෙන touch එක පට්ටම සවුත්තුයි. sounds නිකං අර සුවිප් විකුණන අයගෙ සද්දෙ වගේ. radio එකට හරියට චැනල් අහු වෙන්නෙ නෑ. කැමරා හැම එකක්ම VGA.
ඔය ෆොටෝ එකේ තියෙන එක හොඳ ඇති. මගෙ යාලුවො දෙන්නෙක් ඔය ජාතියෙ ඒව පාවිච්චි කළා කාලයක්.
මමත් අඩු ගාණකට චයිනීස් එකක් ගන්න හිතල නිකම් සල්ලි නාස්ති කරගන්නෙ මොකටද කියල, ගත්තෙ නෑ. nokia එකක් ගන්න ඉන්නෙ. quality එකට සිංදුවක් අහන්න, හොඳ ෆොටෝ එකක් ගන්න, 3G ත් තියෙන ටිකක් ලොකු screen එකක් තියෙන එකක්. :)

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න