web 2.0

Monday, April 12, 2010

දකිනකොට ඇත්තටම දුකයි.අපේකම ඉවරයි.





අවුරුදු කාළේ උනත් මට පොඩ්ඩක් අපේ රට,අපේ කම ගැන දුක හිතෙන දෙයක් අර "උල"(තියෙන,අපිව තියන.)චැනල් එකේ පෙන්නුවා.අපේකම,අපේ දේවල් ගැන විශේෂෙන්ම කතා කරන මේ කාලේ ඔය "උල" තියෙන චැනල් එක සහ ඒවා අයිති කොම්පැනි වල වැඩනම් අපේ රට නැත්තටම නැති කරන්න හදනවා කියලයි මටනම් දැනෙන්නේ.මොකද ඔය පිටරට එක එකා ඇවිල්ලා උන්ගේ රටවල තියෙන හොඳ දේවල් සහ නරක දේවල්(බහුතරය.)අපේ රටේ පෙන්නන කොට අපේ රටේ අපේ කම ඉතුරු වෙන්නේ කොහොමද?


මම කිව්වනේ දුක හිතෙන දෙයක් පෙන්නුවා කියලා.(සමහරුන්ට නම් චූන්.)චැනල් එක ඔයාල හිතුව එක තමයි."උල" තියන එකනේ.ඒක ඉතින් හැම එකටම නොම්බර 1 නේ.ඒ අතින් බැලුවහම අපේ රට ණැති කරන චැනල් වලිනුත් කැත නැතුව අංක එක.යූත් එක නිවුස් විදිහට අර උල තියන එක අද පෙන්නුවේ(මම ඔය මඟුල් උල බලන්නේ නෑ.චැනල් පෙරලන කොට දැක්කේ.)"මොකද" (WHY) FM චැනල් එකේ මොකක්ද විගඩමක් ගැනනේ.ඔය "මොකද FM" කියන මොකක්ද එක කොල්ලෝ කෙල්ලෝ ගෙනල්ලා සින්දු අහන්නයි,DJs නුයි අහන්න දෙනව පෙන්නුවේ.කෙල්ලො කොල්ලොත් තියෙන ඔක්කොම උස්සගෙන පිස්සු විකාරෙන් නටනව පෙන්නුවෙ.


මොහෙම ලැජ්ජ නැති වැඩ කරනකං අපේ අය බලන් ඉඳලා ඒවට උදව් දීලා අන්තිමට නැට්ට බිම ඇනගෙන ඉන්නකොට තමයි උන්ට කලකම් මතක් වෙන්නේ.අන්තිමට බබාල වගේ ඇවිල්ලා ඒවටම බනිනවා.


මම මීට කලිනුත් මතක ඇතිනේ(මතකද මන්දා.මතක නැත්නම් මෙතන කොටන්න.)ඔය පිට රට හෙනගුරාලගේ දැන්වීමක් ගැනත් බ්ලොග් එකේ කෑගැහුවා.ඒ ලිව්වෙත් මේ වගේම ඉවසලා ඉවසලා බැරිම වුන තැන.


අනිත් කැත වැඩේ තමයි ඔය "උල" තියන එක කරන තරමක් අපේකන නැතිවෙන වැඩම කරන එක.TV එකේ පෙන්නන්න පුලුවන්ම තරම් ජරා චිත්‍රපටි පෙන්නුවා.ඒ මදිවට ඉස්සෙල්ලත් කිව්ව වගේ අපේ කම නැති කරන්නත් අංක එක උලම තමයි.


හිනාවටත් කාරණයක් තියෙනවා.උන් කරන වැඩ ඉවසන්න බැරි අපේ අය ඒ වැඩ වලට විරුද්ධව කටයුතු කරනකොට (ඕං කිව්වේ නෑ කියන්න එපා.පහර දෙන එකටනම් මගේ කිසි මනාපයක් නෑ.මම කියන්නේ ලංකාවේ තහනම් කරන්න ඕන කියලා.අඩුම ගානේ සීමා යොදනවනම්.)මාධ්‍ය නිදහස නැති කරනවා කියලා කෑගහන්නෙත් "උල"ම තමා.




මටනම් හිතෙන්නේ ඔය "උලේ"අය කරන්නේම "අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනෝ කනෝ"කියලා කෑගහන එක තමයි.


පිටරට එක එක එවුන් සල්ලි හොයාගෙන අපේ රට විනාස කරන්න හැදුවට උන්ගේ වැඩ වලට අහුවෙන්නේ නැතුව අපේ කම,අපේ දේ ගැන හිතන්න කියලයි මම ඉල්ලන්නේ.


(සැර වචනයක්,වැරදි වචනයක් ලියවුනානම් සමාවෙන්න.අර වගේ වැඩ දකිනකොට මට යකා නගිනවා.)
(කුමන හෝ පුද්ගලයෙකුට,ආයතනයකට අපහාසයක් සිදුවුනි හෝ සිදුවේ නම් මාගේ කණගාටුව.හිතට ආපු තරහ එහෙමම පිට කොරා.)

5 ප්‍රතිචාර:

Kanishka Dilshan said...

රිච්මන්ඩි කොල්ලෙක් නේ, නියමයි නියමයි මල්ලී. ඔහොම යන්...font size එක ටිකක් ලොකු වැඩියි ම්ල්ලි. ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න.

Hasitha Gunasinghe said...

ඔය උලෙන් කරන හරියක් කරන්නේ අපේකම උල තියෙන වැඩ තමා.........

හෙළයා said...

ඔය උල දාගෙන නරඹන්නේ ඔළුවක් නැතිම උන්...
අපිට මතකයිනේ අර කොළඹ බෝම්බ සිද්ධියකදි පඋන් පරණ බෝම්බ සිද්ධියක විඩියෝස් ප්ලේ කරලා නටපු නාඩගම.
ඕක මේ රට ගැන හිතන චැනල් එකක් නෙවෙයි.
උඩුන් පොඩ්ඩක් හොඳ වැඩ කරන බව පෙන්නගෙන යටින් දෙන ගේ මේ මිනිස්සු දන්නේ නෑ.
ඕකට පොඩ්ඩක් ගල් ගැහුවට පාඩු නෑ.

පිස්සා පලාමල්ල said...

ඕක ගැන තැන් තැන් වල අදහස් දක්වල ඇති වෙලා මට නම්.

රිච්මන්ඩ් කොල්ලෙක් කියනව ඇහුනා... මොන අවුරුද්දෙද ??

Xpress (SiS™ ) said...

ප්‍රතිචාර වලට තුති හැමෝටම.අපේ ඉස්කෝලේ අයියලත් හම්බ වුනේ.අයියේ මම 2010 සා.පෙ.

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න