web 2.0

Saturday, November 7, 2009

කවුරු වුනත් වැඩේ කැතයි.....

වෙනදා වගේ වල් පල් නැතුව කතාවම කියන්නම්.නැත්නම් කස්ටිය එපා කර ගන්නවා.

අද කියන්නේ ෆේස් බුක් ෆේක් එකවුන්ට් එකකින් දීපු ගේමක් ගැන.

කතාව මෙහෙමයි.ඊයේ උදේ 10 ට විතර මම ෆේස් බුක් එකේ ලොග් වුනා.ටික වෙලාවකින් මගේ යාලුවෙකුත් ඔන්ලයින් ඇවිල්ල තිබුන නිසා දෙන්නත් එක්ක චැට් එකක් දාගෙන හිටියේ.ටිකකින් මිනිහගේ අයිතිකාරි(කෙල්ල.)ත් ඔන්ලයින් ආවා.උන් දෙන්නම මගේ ෆ්‍රෙන්ඩ්ස්ල නිසා ඉතින් මමත් දෙන්නත් එක්කම චැටිං.ටිකකින් කෙල්ල මගෙන් පොඩි උදව්වක් ඉල්ලුව.මම ඇහුව මොකක්ද කියල.එපාර කිව්ව එයාගේ කොල්ලට(ඒ කියන්නේ මගේ යාලුවට කිව්ව එයාගෙන් අහන්න කියල.)මමත් මිනිහගෙන් ඇහුවා.
එපාර මිනිහ මගෙන් ඇහුවා
"මචන් (කෙල්ලෙක්ගෙ නමක්.)උඹගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?" කියලා.
මමත අනුමානෙට
"ඔව්"කිව්ව...
මොකද ඇහුවාම කියපි
"මචන් ඒකි මගෙ කෙල්ලට  XXX චැට් එකකට කතා කරල" කියල.
මම කිව්ව "මචෝ ඕකනම් ෆේක් එකවුන්ට් එකක් වෙන්න ඇති.වාත උනොත් රිපෝර්ට් කරපං"කියල.
මිනිහට ඒකත් හිතට මදි.එපාර ශේප් එකේ හෙමීට මිනිහ කෙල්ලගෙ ප්‍රොෆයිල් එකට ලොග් උන.එහේ ඉඳන් මට කියපි
"මචන් මෙහේ හොඳ හොඳ කතා කියනව"කියල.

ඊට පස්සෙ කොහොම හරි කෙල්ලගෙ එකවුන්ට් එකට ලොග් වෙලා අරූ අරකිට(කොල්ලෙක් වෙන්න ඇති.)කොකා පෙන්නුව කියල තමයි ආරන්චි...

දැන් වෙනකොට කොල්ලො ආතල් ගන්න කරන වැඩ වලින් කෙල්ලෙකුට ෆේස් බුක් එකේවත් ඉන්න නෑ.....
අනේ මන්ද....


(කරුමෙට අරූගෙන් විස්තරේ අහගන්න මට මිනිහව හම්බ වෙන්නෙත් නෑ.මොකෝ මම ඕකටම කොළඹ යන්නද?විස්තරේ අහගත්තොත් පස්සේ කියන්නම්.)

2 ප්‍රතිචාර:

Anonymous said...

එපාර කිව්ව එයාගේ කොල්ලට(ඒ කියන්නේ මගේ යාලුවට කිව්ව එයාගෙන් අහන්න කියල.)මමත් මිනිහගෙන් ඇහුවා.


Therenne ne ban......

budhajeewa said...

Anpnymous කියපු එකමයි මමත්කියන්න ගියේ. එතන කෑල්ලක් හැලිල වගේ නේද?

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න