ඊයේ කිව්වත් වගේ අද ලියන්න හම්බ වුනා.හැබැයි පිළිවෙල වෙනස් කරල ලියන්නේ.ඒ කියන්නේ අද ලියන්න යන්නේ ආදරය දැනෙන්නේ හිතටද? කියන කාරනේ ගැන.
මගේ අත්දැකීම් එක්ක ගනිද්දී මම දකින ආදරේ ප්රභේද දෙකටම මට අත්දැකීම් තියෙනවා.මුලින්ම ප්රභේද දෙක කියල ඉන්නම්කෝ.
1.රූපය ඇතිවන ආදරය (ඇඟට ආදරේ කරන එක.)
2.හිතට දැනෙන ආදරය (බොක්කට දැනෙන ආදරේ.)
මම නම් බොහෝවිට දකින්නේ ආදරේ කියලා ඔය මුලින් සඳහන් කරපු එක.ඒ කියන්නේ ඇඟේ ලස්සනට ආදරේ කරන එක.ඒක අතිශයින්ම තාවකාලිකයි.කෙටි කාලයකින් ඉවර වෙනවා.
කෙනෙකුට දුකක් හෙවත් අපේ බාසාවෙන් බූට් එක කන්න වෙන්නේ මේ ආදරේ හිඳා කියලා තමයි මටනම් හිතෙන්නේ.කෙනෙක්ගේ සතුටකට තවත් කෙනෙක් භාවිතා කරලා අන්තිමට එයාව නොසලකා හැරීමක් නේද මේ කරන්නේ...
දැන් ලියන්නම් දෙවෙනි එක ගැන.
මේ ආදරේ තමයි තමන් අනෙකාට ලබාදෙන්න ඕනේ.මෙහෙම ආදරේ තමයි සමාජයේ තරුණ තරුණියන් අතරේ නැත්තෙත්.ඉතින් මේ ගැන තෙරුම් ගන්න මේ වගේ ලිපියක් කියෙව්වටත් බැහැ.කොහොම වුනත් අනෙත් කෙනාට දුකක් නොදෙන්න ආදරේ කරන්න පුලුවන්නම් ඒක ඒ දෙන්නටම ගොඩාක් වටිනවා.
