web 2.0

Monday, May 19, 2014

හරි වැරැද්ද...

සුභ උදෑසනක් වේවා හැමෝටම....කාලෙකින් ලියන්න යනව උනත්,අද උදේම ලබපු අත්දැකීමක් මේ විදියට අකුරු කරන්න හිතුව..
අපට පුංචිකාලෙ ඉඳන්ම උගන්වන්නෙ පුලුවන්තරම් අනෙත් අයට උදව් උපකාර කරන්න,සමාජයට යහපතක් කරන්න...

 අද,සඳුදාවක්....වෙසක් පොහොයත් එක්කම එක දවසක් නිවාඩු දැම්මම දවස් 5ක නිවාඩුවක අවසානය එහෙමත් නැත්නම්,අපි වගේ පිට පළාත්වල ඉඳන් කොළඹට ඇදෙන ප්‍රමාණය,වෙනත් සඳුදාවකට වඩා වැඩි දවසක්...
අන්න ඒ වගේ බහුතරයක් කොළඹට ඇදෙන්න තෝරගන්නෙ දුම්‍රිය.අපේ වගේ දියුණුවෙන ලෝකෙ රටකට ලාභදායීම ක්‍රමය...
මේ සිදුවීම උනේ හික්කඩුව දුම් රිය පලේදි..ටිකට් එකක් ගන්න පෝළිම වැඩියි අද..මම පෝළිමේ තුන් වැනියට ඉන්නකොට මට පිටිපස්සෙන් තවත් 25-30ක් ඉන්න ඇති.කෝච්චිය අද්දන්න මිනිත්තු 20කටත් වැඩිය තිබුන.අනෙක ඒ වෙලාව වෙනකොටත් ටිකට් දෙමිනුයි තිබුනෙ...
මේ අතරෙ පෙණුමෙන් අවුරුදු 30කට වැඩි ගැහැණු කෙනෙක් පෝලිම ඉස්සර කරගෙන මං හිටපු තැනට ආව..ඇවිත් ටිකට් එකක් අරන් දෙන්න කිව්ව..ඇත්තටම මම මොකක්ද කරන්න ඕනෙ?
බස් එකෙන් බැහැල ටිකට් පෝළිමට පණ කඩාගෙන දුවන මිනිස්සු ටිකක් දැක දැක,ගැහැණු කෙනෙක් පෝළිම ඉස්සර කරන් ඇවිත් ටිකට් එකක් අරන් දෙන්න කිව්ව පළියට ඇත්තටම මට ටිකට් එකක් අරන් දෙන්න හිතුනෙ නැහැ....ඒ කාන්තාව වගේම,මට පිටිපස්සෙන් හිටපු මිනිස්සුත් හිටියෙ සීට් අල්ලන තදියමක...අනෙක ඇති තරම් කෝච්චියට වෙලාව තියෙද්දිත්,අන්තිමට මම ඒ කාන්තාවට පේන්න කිව්ව,"ඒක හරි නෑ නේද?" කියල...
මොකද බබෙක් හම්බෙන්න හදිස්සියකින් යන ගමනක් නොවෙන නිසා.ඒ කාන්තාවට ටිකට් එකක් අරන් දෙන්න විශේශ අවශ්‍යතාවක් නොවුන තැන,අන්තිමට මට බලන්න උනේ ඒ කාන්තාවගෙ මූනෙන් රැවිල්ලක්...
ඒ කාන්තාවට ටිකට් එක අරන් දුන්න නම් මම මට පිටිපස්සෙන් උන්නු හැමෝටමත් ටිකට් අරන් දෙන්න ඕඅනෙ හරි නම්.කොහොම නමුත් අන්තිමට ඒ කාන්තාව මට ඉස්සරහින් හිටපු කෙනෙකුට කියල ටිකට් එකක් ගත්ත...ඒකට මට අවුලක් නෑ....නමුත්......
මට තාමත් ඒ කරපු දේ හරි වැරැද්ද හිතාගන්න බැහැ..ඒ කාන්තාවගෙ පැත්තෙන් මම පුලුවන්කම තියාගෙනම,උදව්වක් නොකරපු කෙනෙක්...අනෙක් පැත්තෙන් මගේ පිටිපස්සෙ හිටපු මිනිස්සුන්ට සාදාරණයක් කල කෙනෙක්..
සුළු සිදුවීමක් වුනත් හිතන්න යමක් ඉතිරි උන තැනක්....ඒ වෙලාවෙ ඉඳන් හිතුවත් මුකුත්ම නොහිතෙන තැන මේ සිදුවීම අකුරු කරන්න හිතුන..
 

2 ප්‍රතිචාර:

NDES Lover said...

උඹ කරේ හරි වැඩේ සහෝ... මටත් ඕන තරම් ඔය වැඩේ වෙලා තියෙනවා.. මට පුදුම හමදාම ඔය ගෑනු අය ඔය වැඩේ කරන එක.. කට හොඳ නැති කගෙන් හරි කතාවක් අහනකන් තමයි ඔය වැඩේ කරන්නේ...

Asra said...

Oya karapu wade hari bro..
Wadiya hithannepa.. ;)

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න