web 2.0

Saturday, March 17, 2012

Aපේ අයි.T ඩේ Eක(පාT. 1)

හද්ද කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ.දන්නවනෙ ඉතින් අපොයි ඌපේ එක්ක මුකුත් කරන්න වෙලාවක් නැ නෙ.කොහොම උනත් අද මම ලියන්න යන්නෙ මගේ ජීවිතේ ලස්සන මතකසටහනක් ගැන.
වේ මුකුත් නෙවෙයි,අපෙ ඉස්කෝලෙ අයි .ටී. ඩේ එක ගැන.
අවුරුදු ගානක් තිස්සෙ අපි අයි ටී ඩේ එක කරන්න හිත හිටියට එක එක ප්‍රශ්න මත ඇදි ඇදී තිබුන මිසක් කෙරුනෙ නෑ.ඒ නිසා මේ පාර කොහොම හරි ඩේ එක කරන්න ඕන කියල හිතාගෙනම වැඩේට බැස්ස.
මුල්ම දවසෙ අපේ තොරතුරු තාක්ෂණ සමාජෙ නිලතල ටික බෙදා දුන්න එක තමයි උනේ.ඒක කලෙත් නිකන් නෙවෙයි.තොරතුරු තාක්ෂණය ගැන උනන්දුවක් තියෙන 6-13 ශ්‍රේණිවල අයියල සහ මල්ලිලගෙන් අයදුම්පත් ගෙන්නගෙන එයාලගෙ දක්ෂතා සහ ශ්‍රේණි මත වර්ග කරල,කණ්ඩායක් කිරීමෙන් පස්සෙ.ඉහළම අයගෙන් තමයි රැස්වීම අරගෙන තනතුරු පිරෙව්වෙ.
ඕං කොහොම හරි මං තුමාට සභාපතිකම හම්බුනා.ඊටපස්සෙ උප සභාපති උනේ දසුන් සොයුරා.ලේකම් යසස්වී සහ ඉසුරු.බඩගරිකයො උනේ දිනිත්,ලක්ශිත සහ සසික.ඔයිට අමතරව එක එක වැඩ කට්ටියට බෙදල දුන්න මතක් වෙන මතක් වෙන විදියට.මොකෝ ඔතන හිටපු එකෙක්වත් මීට කලින් ඩේ කරල තිබ්බ උන් නෙවෙයි.එහෙමෙයි කියල වැඩේ අත අරින සීන් අපේ නැති නිසා කොහොම හරි වැඩේ කරන්න ඕන කියන හයියෙන් වැඩේට බැස්ස.
ඔය හරිය ගැන විස්තරයක් අපේ බ්ලොග් පෝස්ට් දෙකක දාල තිබ්බ නිසා මේ හරියෙන් පොඩි කට් එකක් දාල මාරු වෙන්නම්කෝ.මෙන්න ඒ පෝස්ට් දෙක.

පෙරළියක ඇරඹුම.......

අපේ සමාජයේ ජ'සිය නිර්මාණය...

 

ඕන්න ඔහොමින් කොහොම හරි ජර්සියත් ප්‍රින්ට් කරන්න දුන්න.ඔය වෙනකොට නම් අපට ඉස්කෝලෙ පන්තිය පැත්ත පලාතක යන්න බැරි තත්වෙකටම ඇවිල්ල තිබ්බෙ.මොකද කිව්වොත් මුල් දවස් වල පන්තියට මූණ පෙන්නල 1 දාල ආවට පහු පහු වෙනකොට ඒකට යන්නවත් වෙලාවක් නැති උනා.ඒත් වැඩේ කරන්න ඕනකම නිසාම අපේ වැඩ බාර දීල තිබ්බ ඔක්කොම අය වගේ පන්ති කට් කරගෙන හරි වැඩේට සෙට් උනා.

ඔක්කොටම කළින් වැඩේට ඕන කරන බජ්ට් ප්ලෑන් එකයි පොජෙක්ට් ප්‍රපෝසල් එකයි හැදුව.ඒ ටික නම් මම කලේ.කරල අපේ විෂය භාර තිලකසිරි සර් එක්ක ගිහින් ප්‍රින්සිපල් සර් හම්බුනා.
සර් එක්ක කතා කලාම සර් යෝජනා කලා "අපිට මේක සමස්ථ ලංකා තරඟයක් විදියට කරන්න පුලුවන් නේද?" කියල.නමුත් ඒ වෙනකොටත් අපේ අය යටින්ම ඩේ එකේ වැඩ කරන්න අරගෙන තිබ්බ නිසාත්,අපට ඒ වෙනකොටත් පීරියඩ් කට් වෙලා වැඩේ සෙට් වෙලා තිබ්බ නිසාත්,ඒ වෙනකොටත් අපේ ප්ලෑන්ස් වගේම අනෙත් වැඩ වලිනුත් සැලකිය යුතු මට්ටමක් කෙරිල තිබ්බ නිසා ඒ අදහස ඉදිරි අවුරුද්දකට කරන්න කල් දැම්මා.

කොහොම හරි ඒ වැඩ ටිකට අවසර අරගෙන එන ගමන්ම අපේ කන්නන්ගර ශාලාවත් වෙන් කරගෙනම ආව.පෙබරවාරි 23 වෙනිදට අපේ ඩේ එක කරන්න.ඊට පස්සෙ ගේම උනේ සල්ලි හොයන එක.අපි වැඩේ ප්ලෑන් කලේ ලක්ශෙකින් කවර් කරන්න උනත් පහු වෙනකොට ඒ ගාන අඩු කරන්න උනා.නමුත් අපේ කොල්ලොන්ගෙ තියෙන මොරාල් එකටම මුන් ගේම දෙන එකනම් බිඳකින්වත් අඩු කලේ නෑ.

ඩේ එකේ වැඩ සහ සොසයිටියේ වැඩ ගැන මුලින්ම කලේ අපි ෆේස්බුක් පෙජ් එකක් හදපු එක.මේ තියෙන්නෙ ඒක.ඩේ එකේ ඉවෙන්ට් එක හැදුවෙ අපේ දිනිත්.

ඩේ එකේ වීඩියෝ ටික හදන්න මල්ලිල ටිකකට උනත් වැඩ පුලුවන් කොල්ලො ටිකකට භාර දුන්න.උන් එකෙක් දෙන්නෙක්ගෙ නම් මට මතක නැති නිසා ලිස්ට් එක වෙන පෝට්ටුවකින් දාන්නම්කෝ.මල්ලිල ටික ඩේ එකේ වීඩියෝ හදන්න අරගෙන "අයියෙ ඩේ එකේ නම?" ගානකොට තමයි නමක් දාන්න මතක් උනේ.අන්තිමට යෝජනා ගානක් අවසානයේ,ස්කයිප් කෝල් පැය 5 කට ආසන්න කාලයක් අවසානයේ අපේ ඩේ එකේ නම ලෙස යෝජනා වුනේ, KNGINE '12 කියන නම.ඔය නමත්,ඊට යටින් පොඩියට For the Next Generation of IT කියලත් දාගෙන වැඩේ කරගෙන ගියා.

 ඔය අතරේ තමා අපේ ජර්සි ටික මුද්‍රණය වෙලා අවසන් උනේ.ඒ ටික ගේන්න යන්න වුන තැන අන්තිමට මම වාහනයක් කතාකරගෙන ගිහින් ගෙනාව කියමුකෝ ඒ ටික.

ඒවත් බෙදල දීල වැඩ කරගෙන යනකොට දිනේට සමගාමීව දැනුම මිනුම තරඟාවලියක් පැවැත්වීමේ අවශ්‍යතාවය ආව.ඉතින් අපි ඒකටත් රෙඩී.ඒ වැඩේ යොදාගත්තෙ පෙබරවාරි 11 වෙනිදට.ආරාධනා කරන්න ලියුම් යවන එක කේස් සහ කල් නොතිබ්බ නිසා[නෑ නෑ වෙන හේතු තිබ්බෙම නෑ අපේ උන්ට.] ලියුම් අපේ සාමාජිකයන් විසින් ගෙනිහින් දෙන්න තීරණය උනා.ඒව දෙන්න ගිහින් වෙච්ච රසබර සිදුවීම් වෙනම ලියමුකෝ ඉඩ ලැබුන විදියට.

පේපර් එක මම,දිනිත්,දසුන්,ප්‍රභාරංග,ඉසුරු යන අයගෙ අතින් හැදුනත් ඒ අයගෙන් කිසිම කෙනෙක් අවසාන පේපර් එක ගැන දැනගෙන හිටියෙ නෑ.මොකද එක එක්කෙනා දෙන ප්‍රශ්න ඉතාමත් රහස්‍ය විදියට තමයි පේපර් එකට ඇතුලත් උනේ.

11 පේපර් එක දෙන්න ඔක්කොම සෙට් කරගෙන ලැස්ති වෙලා ඉන්නකොට මෙන්න අපට ඉන්විටේශන් එකක් ආව නුගේගොඩ අනුලා විද්‍යාලයෙන්.මොකකටවත් නෙවෙයි.එයාලගෙ අයිටී ඩේ එකයි දැනුම මිනුම තරඟාවලියයි 10 වෙනිද තියෙනව,ඒකට එන්න කියල.
මොකද කරන්නෙ කියල කල්පනා කර කර ඉන්නකොට තීරණය කලා කොහොම හරි වැඩ දෙකම කවර් කරනව කියල.තරඟෙ වැඩ ඔක්කොම 9 වෙනිද වෙනකොට සෙට් කලා.10 වෙනිදත් උදේ ඉස්කෝලෙට ගිහින් වැඩ ටික බලල කියල යන්න සෙට් උනා.ගාල්ලෙ ඉඳන් මෙච්චර දුරක් ගෙවාගෙන මේ වගේ වෙලාවක යන එක නිකං යන්න බෑ කොහොම හරි තරඟෙ දිනන්න ඕන කියල හිතාගෙනම තමයි යන්න සෙට් උනේ.
ගියේ මමයි,දසුනුයි,ඉසුරුයි,දිනිත්නුයි තව සචිත් කියල 11 වසරෙ මල්ලි කෙනෙකුයි සෙට් උනා.


දුර ඉඳන්ම ගිහිල්ලත් අපි තමයි මුලින්ම ගියේ.අපට ගාල්ලෙ ඉඳන් ආවට හොඳ පිලිගැනීමක් ලැබුනා.පළවෙනි වටේ තරඟ දෙකක් තිබ්බා.කොහොම හරි ඒකෙන් වැඩිම අරගෙන අපි ෆයිනල්ස් සිලෙක්ට් උනා.අපි එක්ක ෆයිනල්ස් ආවෙ කොළඹ නාලන්දා විද්‍යාලය.අවසන් තරඟෙ ප්‍රශ්න ඔක්කොම මොරටුව විශ්ව විද්‍යාලෙන් තමයි මෙහෙයෙව්වෙ.එතන තරඟෙදි ප්‍රතිඵල එද්දි ඉස්කෝල දෙකම සම ලකුනු අරගෙන.එපාර කණ්ඩායම් දෙකේ නායකයන්ට ආයෙත් එන්න කිව්ව ස්ටේජ් එකට.මං ඉතින් ගියා.ප්‍රශ්න අහල උත්තර දීල කොහොමින් හරි අන්තිමට අපි අපේ ඉල්ලක්කය ජයග්‍රහනය කලා.

ඒ මොරාල් එක පිටම කොටුවට ගිහින් බස් එකේ ගාලු ආවෙ ඊට පස්සෙන්ද අපේ ඩේ එකේ දැනුම මිනුම තරගෙ වැඩ කරන්න.අපි ගාල්ලට එනකොටත් 11 පහුයි.කොහොම උනත් ඉසුරුලහ මම නැවතිලා ඊට පස්සෙන්ද වැඩේ කරන්න මහන්සි වෙලා නිදාගනිද්දි 2 ත් පහුයි මයෙ හිතේ.ආයෙත් 4 ට විතර නැගිටල ඉස්කෝලෙට ගිහින් වැඩේ ලැස්ති කරල දැනුම මිනුම තරඟේ තිව්වා.

තනි ලිපියට ලියන්න ගත්තට වෙලාව මදි වගේ.හෙට ක්ලාස් එකේ වැඩ වගයක් තියෙනව කරන්න.ඒ නිසා ඉතුරු කොටසකින් ලඟදිම ඩේ එක ගැන දාන්නම් හොඳේ.මෙන්න මෙතන මගේ ෆෝන් එකේ සටහන් උන ඩේ එකේ තිරය පිටුපස වැඩකෑලි ටික බලල කමෙන්ට් එකක් දාලම යන්නකෝ.ඩේ එකේ පින්තූර මීලඟ ලිපියට.


KNGINE '12 QUIZ COMPETITION

1 ප්‍රතිචාර:

Unknown said...

මේ පෝස්ට් එක දැක්කම ආයේම ඉස්කෝලේ කාලේ මතක්වුණා. කොහොම හරි වැඩේ හොදින් කරගත්තනේ....
:)

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න