web 2.0

Thursday, March 22, 2012

මේ වරද ඔබත් කරලද?එහෙනම් පරිස්සමින්...


ආ..මේ ලිපිය කියවන්න එන කාට කාටත් ඊමේල් ඇඩ්‍රස් ඇති නේ?නැත්නම් ඉතින් අන්තර්ජාලෙ මහගෙදෙට්ට සෙට් වෙන්නවත් බෑ නෙ.මං කිව්වෙ ෆේස්බුක් වත් යන්න හම්බෙන්නෙ නෑ නෙ ඊමේල් ඇඩ්‍රස් එකක් නැතුව[සිරාවට තියෙනවනෙ....]කාටවත් හිතුනද තම තමන් අතින් වෙන්න පුලුවන් පූංචි වරදක් නිසා ඒ ඊමේල් ගිණුම හැක් වෙන්න අවධානමක් තියෙන්න පුලුවන් කියල...මම මේ පහල කියන්න යනව වගේ...
ඊමේල් ඇඩ්‍රස් භාවිතා කරන ගොඩක් අය ඒ සඳහා භාවිතා කරන්නෙ ගූගල් මලය නැත්නම් යාහු නේ...[හෝව් හෝව්...හෙට අනිද්ද වෙනකම් ඕක යූස් කරන්න..ඉක්මනටම වීගල් වලින් ඔයාලට වීමේල් දෙනකම්...එතකම් මම මේ කියන්නෙ..]


ඕන්න ඕවයින් ඊමේල් ඇඩ්‍රස් එක හදද්දි මතකද  Password Recovery Question   එකක් දෙන්න කියල?සමහරුන්ට අමතකත් ඇති.ඔව් ඉතින් ඔය ප්‍රශ්නෙයි,ප්‍රශ්නෙට උත්තරෙයි කීයෙන් කීදෙනාටද ඇත්තටම පාස්වර්ඩ් එක අමතක වෙලා ලොග් වෙන්න ඕන වෙන්නෙ?

එහෙව් එකේ අපේ ගොඩක් අය මෙන්න මේ වගේ ප්‍රශ්න දීමේ අවධානමක් තියෙනව මම දන්න විදියට.[මම මේ ලිපිය ලියන්නෙත් මම දන්න දෙතුන් දෙනෙක්ම ඔන්න ඔය ප්‍රශ්නෙට අතේ මාට්ටු වෙන උත්තර දීල,එකවුන්ට් වලට කෙලවගත්ත නිසා........නෑහ්..හැක් කලේ මං නෙවේ...]


1.තමන්ගේ හොඳම යාලුවගෙ නම....
2.තමන්ගෙ ඉස්කෝලෙ නම....
3.තමන්ගෙ ගමේ නම....
4.තමන්ගෙ පෙම්වතා,පෙම්වතිය හෝ මනෝපාර දාගෙන ඉන්න එක්කෙනාගෙ නම....
5.ඉපදුන ගම....

බ්ලා බ්ලා බ්ලා.....

ඉතින් ඔය වගේ ප්‍රශ්න දැම්මහම තමන්ගෙ ලඟම ඉන්න කෙනෙක්ට අදාල පුද්ගලයාගෙ ඊමේල් එකවුන්ට් එකට ලොග් වෙන්න ලේසියෙන්ම පුලුවන් නේද?ගේමක් නැතුව ගෙස් කරලම...සමහරවිට ගෙස් ඕනත් නෑනෙ.අන්න ඉතින් මෙන්න මේ සීන් කෝන් එක ගැනත් හිතලා බලලා කාරිය තම තමන්ගෙ ඊමේල් ඇඩ්‍රස් වල ඔන්න ඔය කියන Password Recovery Question එක වෙනස් කරන්න හරි,ආරක්ශාව තව ටිකක් වැඩි කරගන්න හරි හිතුවනම් පස්සේ හැක් වුනා කියල අඬනවට වඩා හොඳයි නේද?

6 ප්‍රතිචාර:

දේව් ගේ අඩවිය said...

ඔකට මම නම් යුස් කරන්නේ මොබයිල් එකට කොඩ් එකක් ගෙන්න ගන්න එක.. එතකොට අවුලක් ඈත්තෙම නෑනේ...

Nishan de siva said...

ඔව් ඔව් කතාව ඇත්ත අපේ පරිස්සම අපිම හිතන එක හොදයිනේ.කාටවත් අනුමාන කරන්න බැරි ප්‍රශ්නෙකුයි උත්තරෙකුයි ගැහැව්වා නම් කිසි අවුලක් නැහැ ඒත් ඊට වඩා හැක් වෙන වැඩ නොකර ඉන්නවා නම් මීටත් වඩා අගනෙයි.

මේක ලිව්වේ කුරුං ගුරුං සහෝද?.

Dilanka Madhawa said...

@ දේවා - මුල් දවස් වල ඒ සෙල්ලම තිබ්බෙ නෑ නෙ මචෝ...
@ මඩිස්සලේ - අහ්...ඔව් ඔව්...ඒක තමා මම...

හිතහොඳ පිස්සා said...

අනේ හරි වැදගත් නොවැ මලේ....අදයි මේ පැත්තෙ ආවෙ දිගට එන්නම් හොඳේ.......;)

duliponline said...

උඹ නං කියයි . . . ඊට පස්සෙ ඕව මතක තියාගෙන ඉන්නත් එපැයි

නජාත් අක්‍රම් said...

මඩිස්සලේගේ පරණ පෝස්ට් එකකින් මේ පැත්තට ආවේ.. ආපු ගමන ම හොඳ ලිපියක් කියවන්න ලැබුනා. එල!

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න