web 2.0

Wednesday, August 3, 2011

බ්ලොග් ලිවීමෙන් ඇත් වෙමි.

කුරුං විදියට බ්ලොග් ලිව්ව මම තීරනේ කලා බ්ලොග්කරණයෙන් ඇත් වෙන්න.අවුරුදු කිහිපයකට.මේ කෙරුවාවෙන් ඇත් වෙලා ඉන්න එක ගොඩක් අමරු වෙයි.නමුත් මේ ඒකාකාරී බවෙන් මිදෙන්න ඕන කියල හිතට දැනුන.
ඒ නිසා කෝපි කඩේ බ්ලොග් එක ලියන්න තව 4 දෙනෙක්වම දාල මම මේ බ්ලොග් එකේ කර්තෘකමෙන් අයින් වෙනව.
2009 අප්‍රේල් මාසෙ අන්තිම දවස් වල සිංහල බ්ලොග් කලාවට එකතු වෙච්ච මම ගොඩක් කල් බ්ලොග් ලියන්න එකතු උනා.අවුරුදු 2 කුත් මාස 6 ක් විතර.සිංහල බ්ලොග් අවකාශෙ එකසිය ගනන් වල බ්ලොග් අතරට එකතු වෙච්ච මම බ්ලොග් එක්දාස් පන්සීයකටත් වැඩි වෙනකම් ලිව්ව.ඔයාල කියෙව්ව.
බොහොම ස්තුතියි මේ කුරුමා ලියපු ලිපි කියවන්න ආවට.
මේ බ්ලොග් කෙරුවාවෙන් ඇත් වෙන්නෙ මොකද කියල කිව්වොත්,
ඇත්තටම මේ ඒකාකාරී බවෙන් මිදෙන්න.
ඕක කිව්වෙ නැත්නම් අර කුප්ප ම කුප්ප එකා මට මොකක් හරි කියනව.
ඉස්සෙල්ල පෝස්ට් එකක සූටි මැණිකෙ ගැන ලියල,මොකක්ද උනේ කියල බලන්න කෝල් එකක් දාපු අපේ ගෝල් ෆිශ්,ටුවිටරේ මඩ ගහපු රත්ගම අයිය,බනිය,කිඩෝ,ප්‍රමුක,මාරෙ අයිය,අපරාජිතය,ටිමොන්,ගීනාත් අයිය,කතන්දර අයියා,නෙත්පානි අක්ක,පසන්,සුදු මහත්තය,පසිඳු අයිය,චතුර අයිය,දේවා,සඳරු,චතූ,ආගන්තුකය, ඇතුලු නම් කී නොකී හැමෝටම ස්තුතියි සහය දුන්නට.
ඒ වගේම කාලිංග අයිය,ඉන්ද්‍රනාම අයිය,මනුශාන් අයිය ඇතුලු බ්ලොග් අවකාශෙ ලස්සන කරන්න එකතු වුන,එකතු වෙන අයවත් මතක් කරනව මට දුන්න සහයෝගයට.
සින්ඩි හදල සහයෝගය දෙන සියලුම සින්ඩි වල ඇඩ්මින්වරුන්ටත් ස්තුතියි ලාබ බලාපොරොත්තු නොවී සිංහල බ්ලොග්කරණයට අත දීම ගැන.
බ්ලොග් එක ෆලෝ කරල,කමෙන්ට් කරල,අඩුම ගානෙ එකපාරක් හරි බ්ලොග් එක බලන්න ආව නරඹන්නන්ටත් ස්තුතියි.




හැමෝටම සුභපැතුම්.
ඒ වගේම මම මේ බ්ලොග් කෙරුවාව නිසා කාගෙහරි කෙනෙඛෙ හිත රිදුනනම් සමාවෙන්න.

20 ප්‍රතිචාර:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

උසස් පෙලත් එක්ක උපාධි මට්ටමේ විභාගයකුත් එක සැරේ කරන එක ලෙහෙසි නැ . උඹට සුභ පතනව මල්ලි . දෙකම හොඳට කරගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව. සම්පූර්ණයෙන්ම ඉවත් නොවී ඉඳල හිටල හරි යමක් ලිව්වොත් ඔය විභාග අතරේ කාර්යබහුල වෙන ජීවීතයට (ඒකත් ඒකාකාරි කියල දැනෙන්න පුලුවන් ) වෙනසක් එකතු කරයි මම හිතන්නේ

෴ වේලාව ලගයි ෴ said...

බුවා කියුවා වාගේ ආයේ හිතුනොත් ලියන්න එන්න ...ඔබගේ ඉදිරි වැඩ කටයුතු සදහා මම ජයෙන් ජය පතනවා ම්තුරේ.......... !!!!!!

චතුර.... said...

කොහොම වෙතත් කරන් ආවා වගේ හැම දේම සමබරව කර ගන්න.. හිතුනොත් ආපහු ලියන්න , ලියන එක නවත්තන එක ලේසි නෑ, මිතුරො එක්ක ඉන්න කාලයක්නේ ඒකත්..ඉදිරි කටයුතුවලට ජය පතමි..

duliponline said...

හොඳින් විභාගෙට සූදානම් වෙයං මල්ලියා . . . . ආයෙත් හිත ඕ.කේ. එක දුන්න වෙලාවක ඇවිත් අපිව බලල පලයං . . . . . නෑවිත් නං ඉන්න එපා . . . .

උඹට ජය . . . .

අරුණ හෙට්ටිආරච්චි said...

මල්ලියා මම මේ බ්ලොග් කෙරුවාවට ඇවිත් තවම මාසයක්වත් උනේ නැ. එක හින්ද උබ මාව දන්නෙත් නැතුව ඇති . කොහොම උනත් A /L එක්කම තවත් exam එකකුත් කරනවා කියන්නේ ලේසි වැඩකුත් නෙවෙයිනේ. පුළුවන් වෙලාවක ඇවිත් අපිවත් බලලා යන්න. කාලයක් තිස්සේ බ්ලොග් ලියලා නිකම් ඉන්න එකත් ලේසි වෙන එකක් නැ. හිතුනොත් ආයේ ලියන්න උබේ ඉදිරි අනාගතයට මගෙනුත් උණුසුම් සුබ පැතුම්

Isuru Wijesinghe said...

අම්මෝ ඇති යන්තං.

පාරෙදි උඹව දැක්කොත් හරි ලේසියි අඳුන ගන්න. ඇයි ඉතින් කෙල්ලො ගොඩක් වට කරගෙන නේ ඉන්නෙ.

ඒක නෙමයි හොඳට විභාගෙ කරපං. ඒ ලෙවල් ටිකත් කොහොම හරි ගොඩ දාපං. උබ බයෝද කරන්නෙ. යකෝ මට කිව්වෙ මැත්ස් කරනව කියල නෙ. අව්ලක් නෑ කරන මගුලක් හරියට කරපං ආයෙ කෙල්ලොත් එක්ක මගුල් නටන්නෙ නැතුව.( බූට් එකක් කෑවොත් අපිටත් කියපන් හොඳේ ;) )

උඹේ බ්ලොග් එක ලියන අනික් උන්වනම් අඳුනන්නෙ නෑ බං. අව්ලක් නෑ. පුළුවන් උනාම බලන්නම්කො.

ආ.. තව දෙයක් ආයෙ මම නිදාගෙන ඉන්න වෙලාවට මිස් කෝල් ගැහුවොත් මාතර යන ගමන් ඇවිත් උඹේ අත් දෙක කඩනව දැන ගනිං

(මගෙ කමෙන්ට් එක පබ්ලිෂ් කරේ නැත්නම් බලාගමුකො :P )

Kasun said...

මාත් කියන්නෙ බ්ලොග් ලිවිල්ල නතර කරන්න එපා. ඉඳල හිටල හරි පෝස්ට් එකක් දාන්න.

love lyrics said...
This comment has been removed by the author.
චතුමිතු said...

ආධුනිකයෝ ඉන්නවා කියලා ප්‍රවිනයෝ පැනලා යන රටක් නෑ නේ බොල.. ඔයාට වැඩ වැඩි ඇති..ඉදලා හිටලා හරි මේ පැත්තේ ඇවිත් යන්න එන්න.. සමුගන්නවා කියන්න එපා.. අනිත් එක ඔයාගේ ඉදිරි කටයුතු වලට සුභ පතනවා.. :(

සාටර් said...

අනේ මන්ද බන්..මන් නම් කියන්නෙ නවත්තන්න එපා කියල..මාත් 2013 ඒ ලෙවල් බයෝ කරන්නෙ..ඒ ලෙවලුත් ගොඩ දාගන්න ඕන තමයි..තව කල් තියෙනව නෙ..මමත් පිස්සු කෙලින්නෙ මේ අවුරුද්දෙ විතරයි :ඩී

කිඩෝ said...

අනේ මන්දන්නෑ බන් කියන්න ඕනෙ හැම එකක්ම ඊයෙ කිව්වනේ උබේ තිරනේ අවුලක් නෑ උබ කවදහරි එනකං අපි බලන් ඉන්නවා... මැරුනෙ නැත්තං අනිවා ඒක පොරොන්දුවක්.... දැන් උබ බද්දෙගෙ එන්නෙත් සැප් වලින් පස්සෙ කිව්වනේ මම ඔක්තෝබර් ආපහු කලුතරට මාරුවෙනවා ඉතින් උබව ආබහු කවදා හම්බවේවිද කියලා කියන්න දන්නේ නෑ... මොක වුනත් උබට ජය...

හිස් අහස said...

ඉගනගන්න වැඩ ටිකට මුල් තැන දෙන එක කෝකටත් හොඳයි .. ආයේ දවසක එනතුරු අපි බලාන ඉන්නවා

niroshan dhammika said...

ane malliye mata blog 1k danata na namuth ubmalage tiyana wadagath adahas walin ape jivita walata api deyak 1k kara gannawa indala hitalawath monawa hari liyanna
obage anagathaya sartaka wewa

Unknown said...

මම comerce කරලත් ඔය BCS කෙරුවාව කරගත්තේ හරිම අමාරුවෙන්...අනේ මන්ද බන් ඉදල හිටලවත් අපිට කෝපි එකක් දීලා යන්න බලහන්කො...උබට ජය වේවා ....!!!

Anonymous said...

මම බලාගෙන ඉන්නේ උඹ ආයේ ඉක්මනට පේසට් එකක් දාවි කියලයි.

සුබ පතනව මචං... ඒ වගේම ඕනේ වෙලාවක මොනා හරි දැනගන්න හරි, උදව්වක් ඔනේ වුනොත් හරි ටාර් ගාලා කෝල් එකක් දියන්...

ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව. said...

first things first.............
and good luck.

Unknown said...

කොහොම හරි A/L විභාගෙයි BSC degree 1කයි හොදට කරගන්න මල්ලී. ඒ වගේම පුළුවන් වෙලාවට ඇවිත් මේ පැත්තේ ඇවිත් යන්න.
මගෙන් මල්ලිගෙ අනාගතේට සුභ පැතුම්...!!!

Nishan de siva said...

අඩෙ දුකයි අප්පා උබලා වගේ ජේස්ටයො අපිට අදුරගන්න ලැබුන් නෑනේ.කොහොම වුනත් ආයේ ලියපන් ඉදලා හිටලා හරි

චතුර විජේකෝන් said...

මල්ලිගේ අනාගතය ගැන හිතලා ගත්ත හොඳ තීරණයක් වෙන්න ඇතිනේ... ජය වේවා... ඉඩක් ලැබුණොත් අවුරුදු 3ක්ම බලං ඉන්න එපා...

Anonymous said...

සුභපැතුම් මල්ලී. ඉගනීමේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව.

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න